නත්තල් කාලේ පවුලට මුල් තැන දෙමු…….….

පේ රටේ ක්‍රිස්තියානි ආගම අදහන අයට වගේම බෞද්ධ , හින්දු, ස්ලාම් හැමෝටම විශේෂ කාලයක් තමයි නත්තල් කාලේ. නත්තල් සමය කියන්නේ සාමයේ කුමාරයා ලෙස සැලකෙන ජේසු තුමාගේ උපන්දිනය සමරන අතරේම තමන්ගේ පවුල තුල සම්බන්ධකම් වැඩි දියුණු කර ගන්න කාලයක්. එකිනෙකා දිරිමත් කර ගැනීම, බෙදා හදා ගැනීම, එකිනෙකාට ආදරය කිරීම , පරිත්‍යාගය වගේ හොඳ ගුණ ධර්ම පවුල තුලින්ම මතු වෙන කාලයක්.


fb- like-beg

1) පවුලේ අයට තනි වෙන්න හොඳම කාලය

අපේ කාර්ය බහුල කම නිසා දරුවෝ එක්ක ඉන්න කාලෙ බොහොම අඩුයි. නත්තල් කාලෙ වසර අවසානේ නිසා නිවාඩු ගන්න පුළුවන් නේ. නිවාඩුවට ගෙදර වැඩ කරන එක පැත්තක තියල දරුවොත් එක්ක විනෝදෙන් ඉන්න හොඳම කාලයක්. යාළුවො මිත්‍රයෝ , දුර ඥාති සංග්‍රහයට වඩා තමන්ගේ සැමියා, බිරිඳ,අම්ම,තාත්ත එක්ක කාලය ගත කළ යුතුයි. නව වසර පටන් ගනීද්දි පවුලේ සම්බන්ධකම් ශක්තිමත් වෙනවා කියන්නේ ඔබේ ජීවිතේ ප්‍රබෝධමත් වෙනවා කියන එකයි. හිත ප්‍රබෝධමත් වුණාම කරන හැම දේම සාර්ථක වෙනවා.


2) FB එකේ යාලුවන්ට කලින් ගෙදර අයට සුභ පතන්න

අද සමාජයේ මම දැකපු ලොකුම ප්‍රශ්නයක් තමයි මිනිස්සු පවුලේ අය සමග කාලය ගතකිරීම දෙවෙනි තැනට දාල FB එකේ මිතුරෝ එක්ක සම්බන්ධතා වලට මුල් තැන දීම. නත්තල් කාලෙත් හැමදාම වගේ FB එකේ සුභ පැතුම් වලට කාලෙ ගෙවන එක නවත්වලා , බිරිඳ එක්ක ආදරෙන් ඉන්න, සැමියාට ආදරය කරන්න, දරුවෝ එක්ක සෙල්ලම් කරන්න යොදවන්න. සියලු දෙනාවම සිපගෙන නත්තල වෙනුවෙන් සුභ පතන්න. ඔබ ඔවුනට ආදරේ බව ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න.

ඒත් එක්කම ඔබේ වයසක දෙමාපියෝ ගොඩක් සතුටු වේවි ඔබ ඔවුන් එක්ක ගොඩක් වෙලා කතා බහ කරොත්. ඔවුනට ත්‍යාග වලට වඩා වටිනා ලොකුම සතුට ඔබේ ආදරය සහ අවධානය බව අමතක කරන්න එපා.


3) නත්තල සහ ත්‍යාගය

ලෝකයටම පරිත්‍යාගය උගන්වපු ජේසු තුමාගේ උපන්දිනය සමරන්න තියන හොඳම ක්‍රමයක් තමයි පවුල පිටින්ම කිසියම් හොඳ ක්‍රියාවක නිරත වීම. උදාහරණෙකට ගන්න ඔබ ඉන්න ප්‍රදේශයේ ඉන්න කිසියම් දුප්පත් පවුලක්..නැත්නම් ඔබේ නිවසේ වැඩපල වලට උපකාර කරන කෙනෙකුගේ පවුලක්. ඔබේ දරුවෝ සහ මහලු මවුපියෝ එකතු කරගෙන නත්තල් කාලයේ ඔවුනට ත්‍යාග අරගෙන බලන්න යන්න. දරුවන්ට වචනෙන් ගුණධර්ම පුරුදු කරනවට වඩා ක්‍රියාවෙන් පුහුණු කිරීම වැදගත්. නැත්නම් රෝගී කෙනෙකුට ගෙදර හැමෝම එකතු වෙලා පිහිට වෙන්න.


4) නත්තල සහ ආහාර

නත්තල කියන්නේ ආහාර සමග බැඳුන උත්සවයක්. ක්‍රිස්තියානි පවුලක් නම් මෙය හොඳින් දන්නවා. වෙනත් ආගම අදහන අයටත් පුළුවන් විශේෂ ආහාර පිලියෙල කරන්න. මේ කාලෙ ඕනෙම දෙයක් ඉගෙන ගන්න අන්තර්ජාලය තිබෙනවා. නත්තල් ආහාර වල වට්ටෝරු අපේ වෙබ් අඩවියෙත් තියෙනවා. දරුවෝ , ස්වාමියා හවුල් කරගෙන පවුලේ හැමෝම විශේෂ නත්තල් කෑම වර්ග හදන්න. එයින් රස ,ගුණ ආහාර වේලක් ලැබෙනවා වගේම පවුලේ අය අතරේ සමගිය ජනිත වෙනවා.

ඔබට සුභ නත්තලක් වේවා……

SHARE

NO COMMENTS

LEAVE A REPLY