සිහින් සිරුරකට ටිප්ස් 6 ක් …

මණට වඩා බර වැඩි වීම එහෙම නැත්නම් මහත් වීම කියන්නේ අපි කාගේත් ප්‍රශ්නයක්. වැඩියෙන් මානසිකව වෙහෙසෙන , අඩුවෙන් කායිකව වෙහෙසෙන නූතන ජීවන රටාව මෙයට හේතුවක්. කෙට්ටුවට ඉන්න එක මැජික් එකකින් කරන්න බැහැ. එය මුළු ජීවිත රටාවට බද්ධ කර ගන්න ඕනේ. මේ පොඩි වෙනස්කම් ටික ජීවිතේට ඇති කර ගත්තොත් ඔබට හැමදාම නියමිත බර පවත්වාගෙන යන්න හැකි වේවි.


fb- like-beg

1) හිස් බඩ ජලය පානය කිරීම

ඔබ රාත්‍රිය පුරාම FB එකේ ඉඳල , නැත්නම් TV බලල මහා රාත්‍රියේ නිදාගෙන පහුවෙනිදා ඔෆිස් යන්න කිට්ටු වෙලා නැගිටින්න නම් එපා. වෙලාවට නිදාගෙන තරමක් උදෙන් නැගිටින්න.
නැගිටපු ගමන්ම තේ බොනවා නම් ඒ පුරුද්ද අතහැරලා වතුර පුළුවන් ප්‍රමාණයක් බොන්න. ශරීරයේ විෂ පිට කිරීමටත් , ආහාර ජීර්ණ පද්ධතිය සක්‍රිය වීමටත්, රුධිර පීඩනය නිසි ලෙස තුලනය කරන්නටත් මේ පුරුද්ද ඉතාම වැදගත්. ශරීරය සිහින් වීමට අමතරව සම පැහැපත් වෙන්නත් උපකාර වෙනවා.


2) දිනපතා ව්‍යායාම

මහා ලොකුවට ව්‍යායාම අවශ්‍ය නැහැ. දවසට පැය භාගයක් ඇවිදින එක වුණත් ඉතාම හොඳ පුරුද්දක්. හිතන්න ඔබට ව්‍යායාම කරන්නට වෙලා නැහැ කියල. එහෙනම් කාර්යාලයට සපත්තු දෙකක් අරගෙන යන්න. හවස එද්දී බසයෙන් , තී වීල් එකෙන්, වැන් එකෙන් කිලෝමීටර කීපයක් ඇතින් බහින්න. බැහැල සපත්තු දෙක දාගෙන ගෙදරට පයින් යන්න. ඒ හොඳටම ප්‍රමාණවත්.


3) දවසට ලීටර් හතරක් පමණ ජලය පානය කරන්න

වතුර බොනවා අඩු වෙද්දී කුසගින්න වැඩි වෙනවා. එවිට අපි අහාර වැඩි ප්‍රමාණයක් කන්න පටන් ගන්නවා. ඒ වගේම ශරීරයේ වතුර අඩු වෙද්දී ගබඩා කරගෙන ඉන්න මේදය දහනය වීම අඩු වෙනවා. මේ නිසා නිතරම ශරීරයට ඇති තරම් ජලය ලබා දෙන්න.


4) සමබල අහාර වේලක්

ලාංකික අපි පුරුදු වෙලා ඉන්නේ වැඩියෙන් කාර්බෝහයිද්රේට් අධික අහාර වේලක් ලබා ගැනීමටයි. කන බත් ප්‍රමාණය අඩු කරලා ඒ වෙනුවට මස් , බිත්තර, මාළු, එළවලු, පලතුරු වැඩියෙන් එකතු කළ යුතුයි. එවිට බත් ගොඩක් කන එක අඩු වෙනවා. ඉබේම මහත් වීම අවම වෙනවා.
ඒ වගේම අපි උදේ ආහාර වේල මගහැරලා දවල් යන්තම් කාලා රාත්‍රියට හොඳට කනවා. මේ ක්‍රමය ගොඩක් වැරදියි. අක්මාවේ මේද තැම්පත් වීම වගේ තත්වයට සුලභවම ගොදුරු වෙන ගණන වැඩි වෙන්න හේතුවක් මේ වැරදි ආහාර රටාව.
ඒ වෙනුවට උදේට හොඳ සරුවට කාලා . දහවල සාමාන්‍ය විදිහට කාලා රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගැනීම තමයි සුදුසුම ක්‍රමය. ඒ වගේම මතක ඇතිව රාත්‍රී ආහාරය හවස හත වෙද්දී අරගන්න අමතක කරන්න එපා.


5) පැණි බීම තහනම්

විවිධ නම් වලින් ඇති පැණි බීම වර්ග කියන්නේ ඇත්තටම සීනි අගය ඉතාම ඉහල නිෂ්පාදන. ඒවා හැකි තරමක් අවම කරලා පුළුවන් තරම් තැඹිලි , පලතුරු යුෂ, බෙලිමල් වගේ ඔසු පානය කිරීම පටන් ගන්න.


6) ප්‍රමාණවත් නින්දක් ලැබීම

ස්වභාවිකව රාත්‍රිය තිබෙන්නේ නිදා ගැනීම වෙනුවෙන්. අවමයෙන් පැය හයක පමණ නින්දක් ලබන්න. තාක්ෂනය නිසා රාත්‍රිය පුරා පිබිදී සිටීම විලාසිතාවක් වුණත් එමගින් වැඩි ආහාර ප්‍රමාණයක් ශරීරයට යාම නම් වලක්වන්න බැහැ. සුව නින්දක් කියන්නේ නියමිත ලෙස බරෙන් යුක්ත නිරෝගී ශරීරයක් ලබන්න අත්‍යාවශ්‍යම කරුණක්.

SHARE

NO COMMENTS

LEAVE A REPLY