ඔබේ බිරිඳ සතුටින් තියන්න මේ සරල දේවල් 8 කරන්න

බට ඔබේ බිරිඳ කිවුවහම සිහියට එන්නේ දුකෙන් ඉන්න , නිතරම පැමිණිලි කරන චරිතයක්ද?
නැත්නම් සන්තෝසෙන් හිනා වෙලා මල් පොකුරක් වගේ ඉන්න සුන්දර කාන්තාවක්ද?

උත්තරේ මොකක් උනත් ඒ දෙකටම වගකියන්න ඕනේ කෙනා ඔබ කියල නම් අමතක කරන්න එපා. උත්තරේ එක නම් වහාම මේ දේවල් කරන්න. දින තුනක් ඇතුලත ඔබේ බිරිඳ සන්තෝසෙන් ඉන්න සොඳුරු ගැහැනියක් වේවි. උත්තරේ දෙක නම් මේ දේවල් වලින් කීපයක් හරි , ඔක්කොම හරි ඔබ දැනටමත් කරනවා ඇති. ඒ දේවල් දිගටම කරන්න.

අමතක කරන්න එපා ඔබේ බිරිඳ දහසකුත් එකක් වැඩ රාජකාරි මැද ගෙන යන සටන නිසා තමයි ඔබේ ජීවිතේ අද ඉන්න තැන තියෙන්නේ කියල. පැමිණිලි කරමින් හරි, චුරු චුරු ගගා හරි ඇය තමයි ඔබ ගෙ සියලුම දේවල් මේ ලෝකෙට අලවාගෙන ඉන්න ගම් එක. එතැනදී ඇය ඇයගේ ආත්මාර්ථය ගැන හිතල කටයුතු කරන්නේ නැහැ. ජීවිතේ ඇය පතන අවධානය , සතුට සහ ආදරය දෙන එක සැමියා හැටියට ඔබේ පරම යුතුකම කියල අමතක කරන්න එපා.


fb- like-beg

1) කෙනෙකුට ඇය හඳුන්වා දෙද්දී අගය කිරීමක් එක්කම කරන්න

“මේ තමයි මගේ ලස්සන නෝනා” , කියල ඔබේ යහළුවන්ට, ඥාතීන්ට ඇයව හඳුන්වා දෙන්න පුළුවන් නේද? මෙහෙම කළ යුත්තේ අවන්කවමයි. ඔබ ඇයව විවාහ කර ගත්තේ ඇය ඇත්තටම ලස්සන නිසා නොවේද? හැම විටම අනුන් ඉදිරියේදී ඇය පිළිබඳව ආඩම්බරෙන් , අගය කරලා කතා කරද්දී ඇයට ඉබේම ස්වයන් තෘප්තියක් ලැබෙනවා. නිකන් තිබෙන කටින් වචනයක් පිට කිරීම අමාරු නැහැ. තත්පර කීපයයි යන්නේ. උවමනා ඇය කෙරෙහි ප්‍රේමයක් ඇති කර ගැනීම පමණයි. ඒ සුළු දෙයින් රත්රන් මාලයකට වඩා ඇය සතුටට පත් වේවි. ඒ සතුට නැවත ගලා එන්නෙත් ඔබේ ජීවිතේට මයි.


2) ගමනක් ගිහින් ගෙදර එද්දී ඇයව සිප ගන්න

ඇත්තටම ගොඩක් අය දෙමාපියෝ උනාම තමන්ගේ ආදරේ අමතක කරනවා. තමන්ගේ දරුවෝ ඉදිරියේ අම්මව සිප ගැනීම නුසුදුසු දෙයක් වගේ සලකනවා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. හැම විටකම ඔබේ ජීවිතේ අංක එක විය යුත්තේ බිරිඳ මිස දරුවෝ නෙවෙයි. හැම විටම නිවසට එද්දී ඇයට ආදරණීය හාදුවක් දුන්නොත් එයින් අයට දැනෙන්නේ ඔබ ඇයව දැකීමට පුල පුලා බලාගෙන සිටි බවයි.


3) මගෙන් ඔයාට මොනවහරි උදවුවක් ඕනෙද?

ඔබ බිරිඳ වැඩ කරද්දී නොදැක්කා වගේ ඉන්න නැතුව ඇයට උදවුවක් අවශ්‍යද කියල දැන ගන්න. ඔබ ඇගේ සැමියා. සතුට වගේම දුකත් බෙදා හදා ගන්න තැනැත්තා. ඇය පොලට ගිහින් බදු අරගෙන දරුවෝ පන්තියෙනුත් අරගෙන ඇවිත් තනියම ගෙ අස් කරනවා නම් ඔබට යුතුකමක් තිබෙනවා රූපවාහිනිය බලන එක පැත්තක තියල ඇය ලඟට ගිහින් උදවුවක් කරන්න. එහි තේරුම සැමියා වැඩ කිරීම නෙවෙයි. සැමියා බිරිඳගේ මහන්සිය කෙරෙහි සංවේදී බව විතරයි. සමහර විට උදවුවක් නොකර හරි ඇය දවසම වෙහෙසිලා රාත්‍රී ආහාර පිසිද්දී නිකන් කුස්සියට වෙලා කයියක් ගහනවා නම් ඇයට දවසේ වෙහෙස නැති වෙලා ඔබ කෙරෙහි ආදරය වැඩි වේවි.


4) ඇයගේ අදහස් විමසන්න

ඔබ තනිවම උපයනවා වෙන්න පුළුවන්. නමුත් හැම කටයුත්තකදීම බිරිඳගේ අදහස් විමසීමත් ගොඩක් වටිනවා. පොඩි දේවල් පවා දෙදෙනාගේ කැමැත්තෙන්ම කරන්න. සමහර විට ඔබ චිත්‍රපටයක් බලනවා නම්, නැත්නම් විනෝද ගමනක් යනවා නම් ඇය සතුටු දෙය තොරා ගන්න මැලි වෙන්න එපා.


5) ඇයට සමාව දෙන්න

මේ ලෝකේ කිසිම මනුස්සයෙක් සර්ව සම්පූර්ණ නැහැ. ඇය වගේම ඔබත්. ඔබේ බොහෝ වැරදි ඇති බිරිඳ ගණන් නොගෙන සිටින. ඇය අතින් ඔබේ යමකට හානි වුණොත්, බත් එක දෙන්න අමතක වුණොත්, ඔබේ ශේවින් ක්‍රීම් එක ඉවර වෙලා නම් ඒක දුර ගෙනියන්න එපා. ඒ පොඩි දෙය මගහැරුනට ඇය කරන කටයුතු ගොන්න ගැන හිතල බලන්න. ඔබේ හිත ඉබේ මෘදු වේවි.


6) එලියට යන විට ඇගේ අත අල්ලන්න

එයින් පෙනෙන්නේ ඔබ ඇය පිළිබඳව ආඩම්බර වෙන බවයි. අනික් අය ඉදිරියේ ඇගේ ආත්ම විශ්වාසය වැඩි වෙන්න ලොකු රුකුලක් වෙනවා. බොහෝ ස්වාමි වරු පහු වෙද්දී යන්නේ ගොඩක් ඉස්සරහින්. හරියට තරඟයක් වගේ. නැහැ . හෙමින් යන්න. මොකටද හදිස්සි. ජීවිතේ කියන්නේ එක්කෙනක් අනිවාර්යයෙන්ම ඉස්සෙල්ල වෙන් වෙන ගමනක් තමයි. ඔබට අතහැරලා ඉන්න බොහෝ කාලයක් ලැබේවි. ඒ වලේදී. එය මෙනෙහි කරගෙන ජීවත් වෙලා ඉන්න කොට හැකි හැම මොහොතකම බිරිඳගේ අත අල්ලාගෙන ඉන්න. සමාජය හිතන දෙය ඇත්තටම වැදගත් නැහැ. ඒ ඔබේ බිරිඳ. ඔබ තෝරාගත් ගැහැණිය. ඔබේ ජීවිතේ කේන්ද්‍රය. ඇගේ අත ඇල්ලුවොත් ඇයට උණුසුමක්, ආරක්ෂාවක් දැනේවි. ඇගේ සිත සතුටු වේවි. අවසාන ප්‍රථිපලය සතුටින් පිරුන පවුලක් විතරයි.


7) ඇය වෙනුවෙන් පොඩි වාක්‍ය දෙකක්.

ඇය ඔබට උදේ නැගිටලා හැමදාම රසට බත් උයනවා ඇති. දවල් කාලා කෝල් එකක් දෙන්න. පොඩි SMSන් එකක් යවන්න.

“කෑම රහයි. පොලොස් එක මරු…”

පොඩි දෙයක්. නැත්නම් නිකන් “මම ඔබට ආදරෙයි.” “ඔයා මං වෙනුවෙන් වෙන මහන්සියට ගොඩක් ස්තුතියි” වගේ පුංචි දෙයක් ලියන්න මිනිත්තුවක් යයි නේද? ඒකෙන් කාටවත් හානියක් වෙනවද? නැහැ. ඔබ වෙනුවෙන් ජීවිතේම කැප කරපු ගැහැණිය සතුටු වේවි. අහිංසක හිතට අගය කිරීම කියන්නේ ලොකු ශක්තියක්. වෙනදට මාළු තුනක් හැදුවා නම් හෙට හතරක් හදල දේවි. මහන්සිය අවම වේවි.


8) ඇගේ සිහින වලට උදවු කරන්න

වර්තමානයේ බොහෝ භාර්යාවෝ ඉගෙනගෙන රැකියා කරන අය. ඔවුනටත් ජීවිතේ සිහින තිබෙනවා. හැකි අයුරින් උපකාර කරන්න. බිරිඳ වෘත්තියෙන් වේවා, ව්‍යාපාරයකින් වේවා ගොඩනැගෙන්න හදනවා නම් ඔබේ පරම යුතුකම අයට හැකි හැම විටම උපකාර කිරීමයි. එවිට ඔබ කෙරෙහි ලොකු ගෞරාවයක් ඇයගේ හිතේ රෝපණය වේවි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY