බ්‍රා එක සේදීමේදී මේ ගැනත් හිතන්න

පි දැන් කාලෙත් එක්ක අඳින්නේ හොඳම වර්ගයේ බ්‍රා එහෙම නැත්නම් තනපට නේ. මෙවුවා ඉතාම මිල අධිකයි. විශේෂ වර්ගයේ අමුද්‍රවුය යොදවල අපේ සැප පහසුව වෙනුවෙන් නිපවෙන තනපටය අඩු මිලකට දෙන්නත් අමාරුයි. නමුත් ගොඩක් තරුණියෝ නියමිත කාලයට පෙරම තමන්ගේ මිල අධික බ්‍රා එක පරණ කර ගන්නවා. ඒක අපරාධයක්. එයට හේතුව වෙන්නේ සේදීමේදී කරන වැරදි ක්‍රියා. අදින් පස්සේ ඔබේ තනපට පිරිසිඳු කරද්දී මේ උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ.


fb- like-beg

එක පාරක් ඇඳපු බ්‍රා එකක් හෝදන්න අවශ්‍ය නැහැ

තනපටක හැඩය නැති වුන ගමන්ම ඒකෙන් ලැබෙන පෙනුම නැති වෙනවා. බ්‍රා එක කියන්නේ පමණට වඩා හේදුවහම ඉලාස්ටික් එක ඇදිල හැඩය සහ උදවුව සහමුලින්ම නැති වෙන ඇඳුමක්. ඒක නිසා ඕනෙවට වැඩ සෝදන්න එපා.


හොඳටම දහදියෙන් තෙත් වෙලා නැත්නම් තුන් හතර වතාවක් ඇඳලා හෝදන්න

මේ කියන්නේ සුම්බා පන්තියට හරි දුවන්න හරි අඳින sport bra එක ගැන නම් නෙවෙයි. දහදිය එක්ක එකතු වෙන තෙල් සහ බැක්ටීරියා ඉක්මනින් සෝදා දැමිය යුතුයි. නැත්නම් ඔබට දිලීර ආසාධනයක් වුනත් ඇති වෙන්න පුළුවන්. නමුත් පැය දෙකකට අඳින ටියුබ් බ්‍රා එක නම් නිකන් සෝදන එක ඇත්තටම් අපරාදයක්. ඉක්මනින් ඒහි ඇති තත්වය විනාශ වෙන්න ලොකුම හේතුවක් මේක.


එකවර බ්‍රා කීපයක් එළියේ තියාගන්න

අද අඳින බ්‍රා එක හෙට ඇන්දොත් ඉලාස්ටික් ඇදිලා හැඩය සහ තදබව ඉක්මනටම අඩු වෙනවා. ඒක නිසා එකවර බ්‍රා කීපයක් තියාගන්න. මාරු කරමින් අඳින්න.


අතේ හෝදන්න

බ්‍රා එක මැෂිමේ හෝදන එක පහසු වුනත් ඉක්මනට විනාශ වෙනවා. හැම විටම අතේ හෝදන්න පොඩි වෙලාවක් වෙන් කරන්න. රෙදි වේලද්දීත් වැඩිය අවුවේ නොදමා ඉක්මනින් වෙළුන විගසම ගන්න. ඇතුලේ තිබෙන අමුද්‍රව්‍ය ඉක්මනින් හානි වෙන එක වලක්වා ගන්න. නමල තියද්දීත් පරිස්සමෙන් හැඩය වෙනස් නොවෙන විදිහට තියන්න.

SHARE

NO COMMENTS

LEAVE A REPLY