නත්තල් කෑම වට්ටෝරු – 5, Mince pies

Mince pies කියන්නෙත් ඔබේ නත්තල් මේසය හැඩ කරගන්න පුළුවන් රසවත් කැවිල්ලක්.ඔබට නත්තල් නැති උනත් නිවාඩු කාලේ ගෙදර ඉන්න පොඩිත්තන්ට , ගෙදර අයට රස බලන්න Mince pies තේ මේසෙට උනත් හදලා යවන්න පුළුවන්.රසම රස Mince pies හදන්න පහත කලමනා එකතු කරගන්න වෙනවා..


fb- like-beg

  • උසස්ම තත්වයෙ Mincemeat ග්‍රෑම් 350 / අවුන්ස 12 – වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන් උනත් ගෙදරදීම හදා ගන්න පුළුවන් නම් වඩා හොඳයි
  • හලාගත් පිටි ග්‍රෑම් 200 / අවුන්ස 07
  • Golden Caster Sugar ග්‍රෑම් 40 / අවුන්ස 1 1/2
  • ලුණු රහිත බටර් කැබලි ග්‍රෑම් 125 / අවුන්ස 4 1/2
  • බීට් කරගත් ලොකු බිත්තර 1
  • කිරි

මෙන්න මෙහෙමයි හදා ගන්නේ..

  • කුහර සහිත 12හේ තැටියකට එක් කුහරයකට් එක බැගින් වන සේ බටර් කැබලි දමා ගන්න..
  • Mincemeat  බඳුනකට දමා එහි ඇති ද්‍රාවණය බේරීමට තබන්න.
  • පිටි, සීනි, ආමන්ස් සහ බටර් එකත් කර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.
  • මදින් මද බිත්තර එකතු කර ගනිමින් බ්ලෙන්ඩ් කරන්න.බිත්තර එකතු කර ගැනීම සඳහා Feeder Tube එකක් භාවිතා කරන්න.එසේ නොමැති නම් බටර් පිස දමා අමුද්‍රව්‍ය මතට ටිකෙන් ටික බිත්තර එකතු කරන්න )
  • මිශ්‍රණය අතින් එකතු කරගෙන clingfilm එකක ඔතන්න
  • පැයක් එක හමාරක් පමණ සිසිල් වීමට තබන්න
  • පසුව පිටි තැවරූ මතුපිටක මිශ්‍රණය හොඳින් තුනී කර පේස්ට්‍රි කටර් එකක අධාරයෙන් රවුම් 12ක් කපා ගන්න( කපා ගත් රවුම් කුහර තැටියට දමා ගත හැකි ඒවා විය යුතුයි.)
  • පසුව ප්‍රවේසමෙන් තැටිය තුලට බහා ගන්න.එයට උඩින්  Mincemeat  පුරවා ගන්න
  • තවත් රවුම් 12ක් කපාගෙන Mincemeat ආවරණය කරන්න. කපා ගත් සෑම රවුමකම උඩ පොඩි කැපුමක් ඉතිරි කරන්න.බ්‍රශ් 1ක් ආධාරයෙන් කිරි තවරාගන්න.සීල් කර මිනිත්තු 30 සිසිල් වීමට තබන්න.
  • මේ අතරතුර ඔබේ අවන් එක සෙල්සියස් අංශක 200 / ෆැරන්හයිට් 400 හෝ ගෑස් අං 6 ක උශ්ණත්වයට රත් කරගන්න.
  • රන්වන් පැහැ වනතුරු මිනිත්තු 30ක් පමණ බේක් කර ගන්න.
  • දැන් ඔබේ Mince pies මේසේට අරින්න සියල්ල  සූදානම් ආවරණය ඉවත් කර උණු උණුවෙන්ම පිළිගන්වන්න
SHARE

NO COMMENTS

LEAVE A REPLY