වැඩිපුර මාළු කන අය ගොඩක් නිරෝගියි ………….

පේ රටේ කාන්තාවෝ අතරේ පෝෂණ ප්‍රශ්න අඩුවක් නැතිව තියනවා. සමහර ලෙඩරෝග හැදෙන්නෙත් පෝෂක කොටස් නිසිලෙස ශරීරයට නොලැබෙන නිසයි. ලස්සන පෙනුමක් ලැබෙන්න, නිරෝගීකම කියන උතුම්ම ලාභය ලබන්නත් අඩු වියදමකින් හොඳ පෝෂණයක් ලැබෙන විදිහ අපි හොයාගන්න ඕනේ. රට වටේම මුහුදක් තියෙන, රට ඇතුලෙත් ජලාශ වලින් පිරිච්ච අපෙ රටේ මත්ස්‍ය නැත්නම් මාළු සම්පත ගැන තිබෙන දැණුම අඩුයි. ඒක නිසා ගොඩක් දෙනෙක් මාළු කෑමට දක්වන්නේ මැලිකමක්. අපේ වෙබ් අඩවියේ ලිපි කියවන ඔබ අද ඉඳලම මාළු වැඩි වැඩියෙන් ආහාරයට එක් කර ගනීවි මේ ගුණ ගැන දෑන ගත්තොත්.


fb- like-beg

1) ගොඩක් අයට අඩු පෝෂක ද්‍රව්‍ය මාළු වල තියනවා

හැම වර්ගයකම මාළු ඔබේ ශරීරයට හිතකරයි. නිතරම කන කෑම වල නැති ගොඩක් පෝෂක ද්‍රව්‍ය මාළු වල තියනවා. ඉතාම ඉස්තරම් ප්‍රෝටීන් , අයඩින්, විටමින් සහ ඛනිජ ලවන වර්ග මාළු වල යහමින් අඩංගුයි. මේද අඩංගු මාළු වර්ග වැඩියෙන්ම ගුණ මාළු වර්ග ලෙස පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියනවා.
මේද සහිත පෝෂක ද්‍රව්‍ය වලින් අනූන ලෙස සලකන්නේ සැමන්, ට්‍රවුට්, ටූනා, මැකරල් වැනි මාළු වර්ගයි. මේදයේ දියවන විටමින් D කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුට අඩුවෙන් ලැබෙන විටමින් වර්ගයක්. ශරීරයේ හෝර්මෝන ශ්‍රාවය නිසි ලෙස කරගෙන යන්න මේ විටමින් එක ගොඩක් උදවු වෙනවා.
මේද අධික මාළු වල තිබෙන තවත් වටිනා පෝෂකයක් තමයි Omega 3 මේද අම්ලය කියන්නේ. ශරීරය සහ මොළය නිසි ලෙස ක්‍රියා කරන්නට omega – 3 ඉතාම වැදගත් වෙනවා විතරක් නෙවෙයි ලෙඩ රෝග ගොඩක් වළක්වන්නත් උදවු වෙනවා.


2) හදවත් ආබාධ වලින් ඔබව ගලවන්න මාළු වලට පුලුවන්

ලෝකයේ වැඩියෙන්ම අකල් මරණ වලට හේතු වෙන්නේ හදවත් අබාධ. නමුත් සුභ ආරංචිය තමයි සතියකට තුන් පාරක් විතර මාළු කනවා නම් හදවත් අබාධ ඇති වීමේ අවධානම ගොඩක් අඩු වෙනවා කියන එක.


3) දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න සහ කිරි දෙන අම්මලටත් මාළු හොඳයි.

මාළු වල බහුලව අඩංගු omega 3 සහ DHA ( docosahexaenoic acid) කියන්නේ දරුවෙක්ගේ මොළය සහ ඇස වර්ධනය කරන්න උවමනා කරන දේවල්. ඒක නිසා මාළු සතියකට කීප වරක් ආහාරයට ගැනීම ඉතාම වැදගත්. නමුත් අමු මාළු යොදල හදන ශුෂි ( sushi) වැනි කෑම ගර්භනී කාලයේදී නොකා සිටීය යුතුයි. මොකද එවුවගේ අඩංගු ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් දරුවට හානි කරන්න පුළුවන්.


4) මාළු වයසට යාමත් ප්‍රමාද කරනවා

වයසින් වියපත් වීම සමග මොලයේ මතකය, ඉන්ද්‍රියන් පාලනය සහ කථනය වැනි ක්‍රියාවන් අඩපන වෙනවා. බොහෝ අධ්‍යනයන්ට අනුව වැඩිපුර මාළු ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ වයසට යාම සමග ඇතිවන Alzheimer’s disease වැනි අබාධ අවමයි.


5) ඔබේ සතුට වැඩි කරනවා

මාළු වල ඇති omega 3 මානසික අවපීඩනය නැත්නම් depression සමනය කරන්නත් හේතු වෙනවා. මොලයේ නිසි ක්‍රියාකාරීත්වය ඇතිකර සතුට වැඩිවන හෝර්මෝන ශ්‍රාවය කිරීමට දායක වෙන මාළු නිතරම කන්න ඕනේ.


6) ඔබේ ඇස ආරක්ෂා කරයි

මාළු වල ඇති omega 3 මේද අම්ලය වයසට යන විට ඇති වන අක්ෂි අබාධ සාර්ථකව වලක්වන බව සායනිකව තහවුරු වී ඇත.


7) හොඳ නින්දක් ලබාගැනීමට උපකාර වේ

නින්ද යාමේ ප්‍රශ්න ලෝකය පුරාම පැතිරෙමින් තිබෙනවා. වෛද්‍ය වරුන් විශ්වාස කරනවා විටමින් D ඌණතාවය මෙයට හේතුවක් කියල. මාළු වල බහුලව ඇති විටමින් D මගින් මෙයට හොඳ විස්නදුමක් ලැබෙනවා.

SHARE

NO COMMENTS

LEAVE A REPLY