ගෙදරදීම නිර්මාණය කරගන්න පුළුවන් සරල නත්තල් සැරසිලි 10ක්

න්නේම නැතුව මාසේ දෙක එකතු වෙලා මාස එකොලහක්ම ගෙවිලා ගිල්ලා ඉවරයි.දැන් ඇවිල්ලා තියෙන්නේ සීතල උඳුවප් මාසය.ඒ කියන්නේ නත්තල් මාසය.නත්තල සමරන අපේ යාළුවොන්ට නම් මේ ගෙවෙන්නේ හරිම කාර්යබහුල මාසයක්.ඒ වගේම ඉතිං වියදමත් සුළුපටු නෑ.ඉතින් අපි ඔයාලට ගෙදරීම හදා ගන්න පුළුවන් හරි අපූරු ලස්සන ඒ වගේම සරල නත්තල් සැරසිලි 10ක් අරන් ඇවිත් තියෙනවා.හැමදේම ගිණි ගණන් මේ කාලේ අඩු වියදමකින් ඒ වගේම ඉවතලන දේවල් ලස්සන නත්තල් සැරසිල්ලක් නිර්මාණය කරගන්න පුලුවන් නම් හරිම වටිනවා නේද? ඒ වගේම ඔබේ අතින්ම හදපු සැරසිලි වලින් ඔබේ කැදැල්ල හැඩ වෙද්දී දැනෙන සතුටත් අප්‍රමාණයි.ඉතිං පහතින් අපි එකතු කරලා තියන අදහස් වලට ඔබේ නිර්මාණශීලි අදහසුත් එක්කාසු කරලා ලස්සන නිර්මාණයක් කරගන්න ඔබටත් පුළුවනි.


fb- like-beg

01) විදුළි බුබුළු මෝස්තරේ..


පාවිච්චි කරලා ඉවත දාන නා නාප්‍රකාර විදුලි බුබුළු වලින් ලස්සන නත්තල් සැරසිලි නිර්මාණය කරගන්න පුළුවන් කියලා ඔබ නිකමටවත් සිතුවාද?ඔව් විදුලි බුබුළු වලින් ඉහතින් පේනවා වගේ විවිද වර්ණයන්ගේ දිලිසෙන කුඩු භාවිතා කරලා ඔබේ නත්තල් ගසේ එල්ලන්න ලස්සන සැරසිලි නිර්මානය කරගන්න පුලුවනි.


02) වීදුරු බෝතල් සැරසිලි..


ඉවත දාන විවිද හැඩයේ බෝතල් ලස්සනට පින්තාරු කරලත් ලස්සන සැරසිල්ලක් නිර්මාණය කර ගන්න පුළුවන්.පුංචි බල්බ් තියන බල්බ් වැලකුත් ඇතුලට දාන පුළුවන් නම් රාත්‍රියට බොහොම අපූරුවට පෙනේවි.


03) ප්ලාස්ටික් හිම පියලි..


වීදුරු බෝතල් විතරක් නෙවෙයි පරණ ප්ලාස්ටික් බෝතල් වලිනුත් පුලුවන් ලස්සන සැරසිලි නිමවා ගන්න.ප්ලාස්ටික් බෝතල් වල අඩිය කපා ගෙන ග්ලිටර් වලින් හිම පියල්ලක හැඩ රේඛා ඇඳගෙන ඔබටත් පුලුවනි ලස්සන හිමපියලි නිමවා ගන්න.


04) වයින් ඇබ..


වයින් ඇබ වලිනුත් විවිධ විවිධ සැරසිලි හදන්න පුලුවනි.හැබැයි ඉතිං කල් ඇතුව සෑහෙන තරම් වයින් ඇබ එක්කාසු කරලා තියා ගනන් ඕනි..


05) ඉටිපන්දම් රඳවන..


වීදුරුවක් මේ පේන විදිහට දිලිසෙන කුඩු වලින් වර්ණ ගන්වාගෙන ඔබට පුළුවන් ඒක ඇතුලේ ඉටිපන්දමක් දල්වලා තියන්න.


06) පාට පාට වූල් බෝල..


පාට පාට වූල් බෝල වලිනුත් ලස්සනට එල්ලලා තියන්න පුළුවන් නත්තල් සැරසිලි නිමවා ගන්න පුළුවන්.


07) RAM..


මේක නම් ටිකක් වෙනස් විදිහේ අපූරු අදහසක්.පරණ RAM ඒ වහේම සර්කිට් බෝඩ්ස් පාවිච්චි කරලා කවුරුත් නොහිතන විදිහේ අපූරු සැරසිලි නිමවන්න පුළුවන්.


08) CD..


භාවිතා කරන්නේ නැති CD කැබලි කපාගෙන වීදුරු හෝ ප්ලාස්ටික් බෝලෙක නැත්නම් පරණ බල්බ් එකක අලවගෙන නිර්මානය කරගන්න පුළුවන් සැරසිල්ලක් තමයි මේ..සිල්වර් හෝ ගෝල්ඩ් ඩස්ට් භාවිතා කරලා හිඩැස් පුරවගන්න පුළුවන්.විදුලි ආලෝකය්ට අපූරුවට දිලිහෙනකොට කාටවත් හිතා ගන්න බැරිවෙයි ඔබ මේවා හදා ගත්තේ පරණ CD කැබලි වලින් කියලා.


09) ටොනික් මූඩි හිම බබාලා..


ටොනික් මූඩි තුනකින් හරිම ලේසියෙන් ස්නෝව් මෑන් කෙනෙක්ව හදා ගන්න පුලුවනි.ඒ වගේම ඔබට මීට වඩා ටිකක් ලොකු ස්නෝව් මෑන් කෙනෙක්ව හදා ගන්න ඕනි නම් පේපර් ප්ලෙට්ස් භාවිතා කරන්නත් පුළුවන්.


10) ගෝනි..


ගෝනි වලිනුත් ඔබට අවශ්‍ය හැඩයට හැඩතල කපාගෙන සීක්වීන්ස් අලවාගෙන හෝ ගිල්ටර් පාවිච්චි කරලා ඔබට කැමති විදිහේ විවිධ සැරසිලි කරගන්න පුළුවන්.

SHARE

NO COMMENTS

LEAVE A REPLY