මේ නත්තලේ වෙනස් විදිහේ නත්තල් ගසක් හදමුද?

න්න ඉතිං නත්තල් සීතලත් අරගෙන දෙසැම්මර් මාසෙත් ඇවිල්ලා..මේ හැමෝම ලහි ලහියෙ නත්තලට ලෑස්ති වෙන කාලේ.පොඩ්ඩන්ටත් නිවාඩු හින්දම ගෙදර දොරේ පොඩ්ඩක් කලබලකාරීයි.සමහරවිට ඔබ මේ පාර නත්තල් ගස හදන්නේ කොහොමද කියලා තවම හිතලා නැතුව ඇති.ගිය අවුරුද්දේ සරසලා පැත්තකට දාල තිබුණු ගසට අළුත් සැරසිලි විතරක් එකතු කරලා මේ පාරත් තියලා තියනවා කියලා හිතුවද? ඒත් ඒක නිකන්ම නිකන් සාම්ප්‍රදායික තවත් එක නත්තල් ගහක් විතරක් වෙනවා..නරකද පුංචි එවුවොත් එකතු කරගෙන වෙන අළුත් වැඩක් කලොත්.වෙනස්ම විදිහේ නත්තල් ගසක් නිර්මාණය කලොත්? අපි මේ කියන්න හදන්නේ ඔබට ඔබේම කියලා වෙනස් විදිහේ නත්තල් ගසක් හදා ගන්න පුළුවන් නිර්මානශීලි අදහස් කීපයක් ගැනයි.මතක තියා ගන්න මේවා අදහස් විතරයි..මේ අදහස් ඔස්සේ නිර්මාණශීලිව හිතලා වැඩ කලොත් ඔබටත් ඔබේ අමුත්තන්ව පුදුම කරන්න පුළුවන් ලස්සනම ලස්සන නත්තල් ගසක් නිර්මාණය කරගෙන මේ නත්තල මතක හිටින නත්තලක් කර ගන්න පුළුවන්.


fb- like-beg

1) Egg Carton Christmas Tree

ඔබ බිත්තර අරන් එන බිත්තර අසුරණයෙන් නත්තල් ගසක් නිමවා ගන්න පුළුවන් කියලා ඔබ නිකමටවත් හිතුවද?ලස්සනට පාට කරගත්තු බිත්තර අසුරණ නත්තල් ගසක් ආකාරයට රඳවලා හරි අපූරු නත්තල් ගසක් නිමවා ගන්න පුළුවන්.වැඩි වියදමක් යන්නේත් නෑ..කරන්න තියෙන්නෙ ඉවත ලන බිත්තර අසුරණ එක්කාසු කරලා තියා ගන්න එක විතරයි.


2) Floating Ornament Christmas Tree


මේක එල්ලෙන නත්තල් ගසක්.මැක්‍රම් නැත්තං වින්ඩ් චිම් හදන විදිහට වෙනස් ප්‍රමාණ වලින් දිග නූල් කෑලි වල සැරසිලි අමුණලා මේ වගේ අපූරු නත්තල් ගසක් නිර්මාණය කර ගන්න ඔබටත් පුලුවනි.


3) Wrapping Paper Christmas Tree


උඩ සිට පහලට දිග වැඩි කරගනිමින් රෝල් කරගත්ත ලස්සන තැගි ඔතන කොල භාවිතා කරලත් ඔබට වෙනස්ම විදිහේ නත්තල් ගසක් නිමවා ගන්න පුළුවන්.මෙසේ නිමවා ගත් අපූරු නත්තල් ගස පාට පාට බොත්තම් භාවිතයෙන් සරසා ලස්සනට හැඩ කර ගන්න පුළුවනි.


4) Wall Collection Christmas Tree


මෙන්න මේ වගේ ඔබ එකතු කරන් ඉන්න අරුමෝසම් සැරසිලි අයිතමයන් සියල්ලම නත්තල් ගසක හැඩයට බිත්තියක අලවලත් හරි අපූරු නත්තල් ගසක් හදා ගන්න පුලුවන්.ඔබගේ ගෙවුණු නත්තල් වල , ලස්සන පරණ මතකයන් ගේ ඡායාරූප එහෙම කල් ඇතුවම එකතු කරලා මේ අතරට එකතු කරගන්න පුලුවනි නම් එයට ලැබෙන වටිනාකමත් වැඩියි.


5) Felt Ball Christmas Tree


පාට පාට ලස්ස්න වූල් හෝ නූල් බෝල් එක්කසු කරගෙනත් මෙන්න මේ වගේ ලස්සන නත්තල් ගසක් නිර්මානය කරගන්න පුළුවනි.ඕන නම් තවත් ලස්සන කරගන්න වෛවර්ණ බොත්තම් භාවිතා කරන්නත් පුළුවනි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY