අලුතෙන් මේකප් මිලදී ගන්න කළින් මේ ගැනත් හිතන්න.

මේකප් කියන්නේ කෙනෙකුගේ පෙනුම අප් කරන දෙයක් නේ. ගෑනු පිරිමි දෙගොල්ලොන්ගෙම හුඟක් අය, මේ පෙනුම අප් කරන විජ්ජාවට ටිකක් හරි කැමතියි. අපේ රටේ පිරිමි අය ඒ තරම් ම මේ මේකප් පාවිච්චි නොකලත්, ගෑනු ළමයින්ගේ සුකුරුත්තම් අතරේ බැලුවොත් මොකක් හරි මේකප් සුකුරුත්තමක් හොයාගන්න බැරිවෙන්නේ නැහැ.
අද අපි කියන්න යන්නේ මේකප් ගන්න යන්න කළින් දැනගන්න ඕන දේවල් ටිකක්.
මතක තියාගන්න, මේ කියන්න යන්නේ චිත්‍රපට, නාට්‍යවල වගේ විශේෂ අංග රචනා ඕන වෙන වෙලාවල්වලට පාවිච්චි කරන මේකප් ගැන නෙමෙයි.


fb- like-beg

1) තියෙන දේ මොනවද?

ඔයත් දැක්ක දැක්ක තැන මේකප් සල්ලි දීල ගන්න ගෑනු ළමයෙක් නම්, සමහරවිට ඔයාමත් දන්නේ නැතුව ඇති ඔයා ගාව තියෙන මේකප් මොනවද නැති ඒවා මොනවද කියලා. ඒ නිසා ආයෙත් අලුතෙන් මේකප් සල්ලිවලට ගන්න කලින්, තියෙන මේකප් ඔක්කොම එක තැනකට එකතු කරගන්න.

එතනින් කල් ඉකුත්වුණු, නරක්වුණු මේකප් එක ගොඩකට වෙන් කරන්න (එකපාරම කුණු කූඩෙට දැම්මත් කමක් නෑ ). ඊට පස්සේ ඉතුරුවෙන හොඳ මේකප් භාණ්ඩවලින් ඔයා පාවිච්චි නොකරන, එත් හොඳ මට්ටමේ තියෙන එව්වා තව ගොඩකට වෙන් කරන්න. එව්වා ඔයාගේ ළඟම යාලුවෙකුට හරි සහෝදරියෙකුට හරි දෙන්න පුළුවන්.
දැන් ඔයා ළඟ තුරුවෙන මේකප් තමයි ඔයා ඇත්තටම පාවිච්චි කරන දේ.


2) නැති දේ මොනවද?

දැන් ඔයා ඔයාට ඇත්තටම ඕන මේකප් භාණ්ඩ අතරින්, ඉවර වෙන්න ළඟ මේකප් බඩු, ඒ වගේම මේකප් බඩු ගොඩේ නැති, එත් ඔයාට ඕන කරන මේකප් මොනවද කියල ලැයිස්තුවක් හදාගන්නයි යන්නේ.


3. ආලෝකය තමයි වැදගත්

උදේ හරි දවල් හරි තමයි මේකප් තෝරන්න තියෙන හොඳම වෙලාව. මොකද කියනවනම් හවස් වරුවේ ආලෝකය මේකප්වල පාට වෙනස්කරලා පෙන්වනවා වෙන්න පුළුවන්.
ඒ වගේම ඉතින් මේකප් ගන්න තැන තියෙන්නේ කහ පාට විදුලි ආලෝකයක්නම් ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න. ස්වභාවික ආලෝකයක් තියෙන තැනක තමයි මේකප්වල හරි පාට පෙන්නන්නේ.


4) සමේ තත්වය

ඔයාගේ සමට ගැලපෙන වර්ණය, සමේ ස්වභාවය අනුව ගැලපෙන ම දේ තෝරගන්න. එහෙම නොවුණොත් ඔයාගේ සල්ලි තමයි වතුරේ යන්නේ.


5) බ්‍රෑන්ඩඩ් ම ඕනෙද?

නෑ. එත් බ්‍රෑන්ඩ් එක බලන්න. අධික මිල ගණන් යටතේ පවතින බ්‍රෑන්ඩ් තිබුණත්, ඒවාට වියදම් කරන්න බැරිනම් කමක් නැහැ. මිල අඩු විකල්පෙකට යන්න.
හැබැයි බැලු බැල්මට ම බාලයි කියල හිතෙන මේකප් කීයටවත් ගන්න එපා.


6) ඕනම දේ විතරක්

රාක්කෙ තියෙද්දී ලස්සනට පෙනුණත්, සමහරවිට ඒ මේකප් වර්ගය ජීවිතේට ඔයා පාවිච්චි නොකරනවා වෙන්න පුළුවන් නේද? නිකන් හිතන්නකෝ පාට මහා ගොඩක් තියෙන අයි ෂැඩෝ පෙට්ටියක්, ලස්සනට පෙනුණට, ඒ තියෙන සමනල වර්ණ ඔයා නිතර පාවිච්චි නො කරනවානම් වැඩක් නෑ. ඒ වගේම කවදාහරි ගාන්න හිතාගෙන මේකප් සල්ලි දීල ගන්නත් එපා. මොකද මේකප් හරි ඉක්මනට කල් ඉකුත් වෙනවා.


7) ජාති ගොඩක් ඕනෙද?

මල්ටි පර්පස්, ඒ කියන්නේ බහුකාර්ය මේකප්වලට යන්න. මොයිස්චරයිසර්, සන් ස්ක්‍රීන්, කන්සිලර් සහ ෆවුන්ඩේෂන් වෙන වෙනම ගන්නවට වඩා ඔක්කොම එකට තියන බී.බී. ක්‍රීම් එකකට යන්න. ඒ වගේම, ලිප්ස්ටික් එකට පුළුවන් ඔයාගේ අයි ෂැඩෝ සහ බ්ල්ශර් අවශ්‍යතාවයත් සම්පුර්ණ කරන්න. පර්ස් එකට වගේම ඔබේ ඔයාගේ පිළිවෙලකට තියාගන්නත් ලෙසයි එතකොට.


8) වියදම අඩු භාණ්ඩ

ඔබේ ඇස් මට්ටමේ තට්ටුවල තමයි ගණන් වැඩිම භාණ්ඩ අසුරලා තියෙන්නේ. මොකද එතකොට ඔබ ඒ අතුරින් එකක් මිලට ගන්න තියෙන පෙළඹීම වැඩියි. ඒ නිසා නිකමට වාගේ කොන්ද පොඩ්ඩක් නමලා පහත රාක්ක දිහාත් ටිකක් බලන්නකෝ. ඇස් මට්ටමේ තිබුණු මේකප් බඩුවල ම මිලෙන් අඩු විකල්ප හොයාගන්න පුළුවන්.

ඊළඟ පාර මේකප් ගන්න යද්දී මේ උපදෙස් පිළිපැදල බලන්නකෝ. ලුක් එකට විතරක් නෙමෙයි, පර්ස් එකටත් සෑහෙන්න පුළුවන් විදිහට මේකප් ෂොපින් කරන්න බැරිවෙන එකක් නෑ.

SHARE

NO COMMENTS

LEAVE A REPLY