නත්තල් කෑම වට්ටෝරු – 6, Chocolate Chip Cookies

පොඩ්ඩන්ගේ දිග නිවාඩු කාලේ පටන් ගත්තා විතරයි.ඉතින්ං මේ පුංචි දඟකාරයොන්ට Chocolate Chip Cookies හදලා දුන්නොත් කොහොමද?පොඩ්ඩෝ කොහොමත් පැණිරසට කෑදරයිනේ..ඒ නිසා හවස තේ මේසෙට හදලා තියන්න ඔබට පුලුවන් උනොත් ඒ ගොල්ලෝ හුඟාක් කැමති වෙයි.ඉස්සරහට එන්නේ උත්සව කාලෙ හින්දා ඔබේ නත්තල් මේසේ හැඩ කරගන්න වගේම ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න ඔබට බොහොම ලේසියෙන්ම Chocolate Chip Cookies හදා ගන්න පුළුවන්..


fb- like-beg

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බටර් කෝප්ප 1
  • සුදු සීනි කෝප්ප 1
  • දුඹුරු සීනි කෝප්ප 1
  • බිත්තර 2
  • වැනිලා තේ හැඳි 2
  • පිටි කෝප්ප 3
  • බේකිං සෝඩා තේ හැඳි 1
  • උණු වතුර තේ හැඳි 2
  • ලුණු තේ හැඳි බාගයයි
  • semisweet chocolate chips කෝප්ප 2
  • වොල්නට් කැබලි කෝප්ප 1

සදා ගන්නා ආකාරය:

  • ෆැරන්හයිට් 350 (සෙල්සියස් අංශක 175 ) අවන් එක රත් කර ගන්න
  • බටර් , දුඹුරු සහ සුදු සීනි ක්‍රීම් වනතුරු බීට් කර ගන්න
  • එම මිශ්‍රණයට වරකට බිත්තර එක බැගින් දමමින් නැවත බීට් කරන්න
  • පසුව වැනිලා එකතු කර ගන්න
  • උණුසුම් වතුර තේ හැඳි 2ක හොඳින් මිශ්‍ර කරගත් බේකිං සෝඩා සහ ලුණු ද ඉහත මිශ්‍රණයට එකතු කරගෙන හොඳින් කලවම් කර ගන්න
  • පිළිවෙලින් පිටි , චොකලට් චිප්ස් සහ වොල්නට් කැබලිද එකතු කර හොඳින් අනා ගන්න.
  • මෙම මිශ්‍රණයෙන් හැන්ද බැගින් හොඳින් පරතරය හිටින ලෙස තැටියකට දමා ගන්න.(මේ සඳහා ඔබට Ice Cream Scoop එකක් භාවිතා කල හැක. )
  • අවසානයේදී කලින් රත් කරගත් උඳුනට දමා අග රන් පැහැ දුඹුරු වර්ණයක් එන තුරු මිනිත්තු 10ක් පමණ බේක් කර ගන්න.
SHARE

NO COMMENTS

LEAVE A REPLY