රැකියාවේදී කාන්තාවන්ට පිරිමින්ගෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් ……

කාන්තාවන් සහ පිරිමින් තුල සමානකම් මෙන්ම අසමානකම් තිබෙනවා. කාන්තාවන් වැඩ ගණනක් එකවර කිරීමට හා හොඳින් සම්බන්ධතා ඇති කර ගැනීමට දක්ෂයි. ව්‍යාපාර කළමනාකරණයේදී කාන්තාවට ගොඩක් වැදගත් වෙනවා පිරිමින්ගේ විශේෂ දක්ෂතා පිළිබඳව ඉගෙන ගැනීම සහ ඒවා ජීවිතේට සම්බන්ධ කර ගැනීම.


fb- like-beg

නායකත්වය සහ සාමුහිකව වැඩ කිරීම

නායකත්වයේදී පිරිමින් අනුගමනය කරන්නේ හුවමාරු කරගැනීමේ ක්‍රමයයි. ඔවුන් ප්‍රතිපල සඳහා අගයකිරීම් බෙදා දී බලය සහ පාලනය මගින් පිරිස හසුරවයි. නමුත් කාන්තාවන් සම්බන්ධතා වලට මුල් තැන දෙනවා. ඔවුන්ගේ නායකත්ව ක්‍රමය වඩා ප්‍රජතාන්ත්‍රික හා සාමූහිකයි.

කාන්තාවන් පරිස්සම් විය යුතුයි සම්බන්ධතා වෙනුවෙන් විශාල කාලයක් සහ ශ්‍රමයක් වැය නොකරන්නට. මොකද එවිට වුර්තීය අරමුණු අභිබවා සම්බන්ධතා ඉහලට එනවා. නිසි අගය කිරීම නොදීමෙන් මහන්සියෙන් වැඩ කරන අයගේ උනන්දුව හීන වෙන්න පුළුවන්. පාලනය සහ දිරිමත් කිරීම යන දෙක කාන්තා ඔබත් ඉගෙන ගත්තා නම් ඔබේ නායකත්වය වඩා සාර්ථක කර ගන්න පුළුවන් වේවි.


අරමුණු සහ අවධානම ගැනීම

විශාල ප්‍රතිපලයක් වෙනුවෙන් වෙනසක් කිරීමට පිරිමි හැම විටම පසුබට වෙන්නේ නැහැ. නමුත් ගැහැණු ස්වභාවයෙන්ම ටිකක් අකමැතියි අවධානමක් ගන්න. ඒ වගේම ගැහැණු ස්වාභාවිකවම කැමතියි අවසර අරගෙන ඕනෙම දෙයක් කරන්න. නමුත් ව්‍යාපාරික ලොවේ සාර්ථකත්වය කරා යන ගමනේදී බොහෝ අළුත් දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ දේවල් සහජ ගතිය නිසා මගහැරියොත් නොදනුමත්වම ඔබගේ ආයතනය පසු පසට යනවා.

එම නිසා ඔබ වුර්තීය ජීවිතේ හිනි පෙත්තට නගින්නට බලාපොරොත්තු වෙන කාන්තාවක් නම් අනිවාර්යයෙන්ම අවධානම් භාර ගැනීමටත් නව දේවල් අත්හදා බැලීමටත් පුරුෂ පාර්ශවයෙන් පුරුදු විය යුතුයි.


සන්නිවේදනය සහ උපදෙස් ලබා ගැනීම

කාන්තාවන් ස්වභාවයෙන්ම තනියම ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න පෙළඹෙනවා. නමුත් පුරුෂ පාර්ශවය කළමනාකරණ සහය , වුර්තීයමය මගපෙන්වීම් කෙරෙහි වැඩි විශ්වාසයක් තබනවා.
කාන්තාවන් වටහා ගත යුතුයි සියල්ල ඔවුනට තනිව කළ නොහැකි බව, අලෙවිකරණය, ගණකාධිකරණය, තොරතුරු තාක්ෂනය වගේ ඕනෙම විෂයකදී ඉක්මනින් සහ වඩා කාර්යක්ෂමව ප්‍රශ්න නිරාකරණය කරගන්න වුර්තීයමය අවවාද මගපෙන්වීම් අත්‍යවශ්‍ය වෙන බව. ඔවුන් ප්‍රශ්න අසන්නට සහ ඉගෙන ගැනීමට සූදානම් විය යුතුයි.

අවසාන වශයෙන් වුර්තීයමය වශයෙන් පිරිමින්ට ගැහැණුන්ගෙන් පුහුණු විය යුතු ගති ගුණ තමයි සන්නි වේදනය සහ මානුෂික පැත්තෙනුත් සිතීම වගේ දේවල්. ගැහැණුන්ටත් ඉගෙන ගන්න පුළුවන් ලොකු අරමුණු වලට යාම, ඉවසීමෙන් ක්‍රියා කිරීම වගේ දේවල්. ගැහැණු පිරිමි දෙගොල්ලම නිසා මේ ලෝකය සුන්දර වෙනවා.

SHARE

NO COMMENTS

LEAVE A REPLY