ඔහු තව දුරටත් ආදරේ නැති නම් හඳුනා ගන්නා පිළිවෙල….

පි තව කෙනෙක් එක්ක ජීවිතේ පටන් ගන්නේ කොච්චර නම් බලාපොරොත්තු ඇතිවද? එදා බැඳුන ආදරේ කාලයේ වැලිතලාවෙන් යටවෙලා ගිහින් නම් ඔබට දැනෙන වේදනාව වටහා ගන්න පුලුවන්. සමහර විට ඔබ වරදිවට තේරුම් අරගෙන වෙන්නත් පුලුවන්. ඔහු කාර්යබහුල ඇති. නැත්නම් ඔබේ සිතේ ඇති පීඩනය නිසා නිකරුනේ ඔබට එහෙම හිතෙනවා වෙන්නත් පුලුවන්. ඔබේ සැමියා , පෙම්වතා තවදුරටත් ඔබට ආදරේ නැත්ද කියල තීරණය කරන හැටි අද ඔබට කියල දෙන්න තීරණය කළා.
ඔබේ සම්බන්ධතාවය හෙමින් අධ්‍යනය කරලා ඔහු ඔබට ආදරේ නැත්නම් ඔබට තීරණය කරන්න පුළුවන් තව දුරටත් නැති වුණා සෙනෙහස රැක ගන්න උත්සහ කරනවද නැත්නම් සම්බන්ධතාවය නවත්වනවද කියල.


fb- like-beg

1) ඔබ සමීපයට එනවා අඩුයි

ආදරය නොකරන කෙනෙකු සමීපයට එන්න, විහිලු තහළු කරගන්න, විශේෂයෙන් අත ඇල්ලීම , තුරුලු වීම , සිප ගැනීම වගේ සුන්දර දේවල් ආදරේ නැති ගැහැනියක් වෙනුවෙන් බොරුවට කරන්න පිරිමියෙක්ට අමාරුයි. ඔබේ සැමියා හරි පෙම්වතා හරි කායිකව ඔබෙන් දුරස් වෙලා නම් .. වෙනදා වැඩ ඇරිලා එද්දී ඔබව සිප ගන්නා පුද්ගලයා හෙමින් ඒ පුරුද්දෙන් මිදිලා නම් ඔහු ඔබට ඇති ආදරය අඩු වෙලා නැත්නම් ආදරය සම්පූර්ණයෙන්ම නවත්වලා කියන්න පුලුවන්.


2) හැම වෙලේම බිසී ද?

වැඩ කියන්නේ හොඳ වෙස් මූණක්. බිරිඳට ආදරේ නැත්නම් එතන අඩුව නොපෙනෙන්න වහගන්න තියන හොඳම ක්‍රමයක්. හදිස්සියේ ඔහු පවුලේ වැඩ සහ කාර්යාලය එක්ක ගොඩක් බිසී වෙනවා නම් ඒ ගැන සොයා බලන්න. මිනිස්සු තමන් ආදරේ කරන දේවල් වෙනුවෙන් කාලය වෙන් කරනවා. ඔබට වෙන් කරන කාලය හදිස්සියේ නිකන්ම අඩු වෙනවා කියන්නේ රතු සඥාවක් විය හැකියි.


3) තව දුරටත් සංවාදයට ඉඩක් නැද්ද?

ඔහු ඔබේ දවස ගෙවුනේ කොහොමද කියල උනන්දුවක් නැතිද? ඔබ දෙදෙනාගේ සංවාද දරුවන්ගේ වැඩ සහ වෙනත් රාජකාරි වලට පමණක් සීමා වෙලාද? ඔහුගේ දවසේ සිද්ධි ඔබ සමග බෙදා ගැනීමට මැලිද? සාමාන්‍යයෙන් එකිනෙකා පෙම් කරන යුවලක් සංවාදයට ප්‍රියයි. මේ සංවාදය ආගන්තුකයෙක් එක්ක කතා කරන තරමට අඩු වෙලා නම් ඒක සුභ ලකුණක් නොවෙයි.


4) හැම දෙකටම වැරදි කාරයා ඔබද?

ඔහු හැම දෙයකටම වරද ඔබට පටවනවද? ළමයාගේ ලකුණු අඩු වුණොත්, ගෙදර විදුලි බිල වැඩි වුණා නම්, හදිස්සියේ අම්ම රෝගාතුර වෙලා නම්, නාන කාමරේ ටිෂූ ඉවරයි නම් ඔහු ඒ වෙනුවෙන් ඔබට දොස් නගනවද? හැම වෙලේම ඔබට අප්‍රසාදය පල කරන්නට යමක් ඔහු සොයනවා නම් ආදරය නැති බවට හොඳම සලකුණක්.
දෙදෙනෙකුට එකිනෙකා කෙරෙහි ආදරය හීන වුණොත් පමණයි මේ තත්වය ඇති වෙන්නේ. කාලෙක ඔහුගේ ජීවිතේ සුන්දර කරපු ඔබ දැන් ඔහුගේ ලොකුම සතුරා වෙලා. එය අසුන්දර කරන කෙනා වෙලා නම් මේක ලෙහෙසියෙන් මග හැර යා යුතු දෙයක් ලේස සලකන්න බැහැ.


5) ඔබට වැදගත් දේ වලට උදවුවක් නැද්ද?

ඔබේ අම්මව රෝහලට ගෙනියන්න උනන්දුව අඩු වීම, ඔබේ කාර් එක කැඩුනහම නොදැක්ක වගේ ඉඳීම, විභාගෙකට පාඩම් කරද්දී ගණන් තේ එකක් හදල නොදීම වගේ දේවල් පුංචි දේවල් තමයි. නමුත් ඔහු ඔබට ආදරේ නම් මෙහෙම හැසිරෙන්න බැහැ.


6) කොයි වෙලාවක වත් ගෙදර නැද්ද?

ඔබ සමග කාලය ගත කිරීම මගහරින්න ඔහු ව්‍යාපාරික ගමන් විදියෙන් යනව නම්, හැම දාම රාත්‍රියේත් වැඩ නම්, නැත්නම් නිදන්න එන්නේ නැතුව FB එකේ ඉන්නවා නම් ඒක හොඳ ලකුණක් නෙවෙයි. මෙහෙම වෙද්දී ඔහු ගෙදරින් පිට ඉන්නේ ඇත්තටමද කියල විමසල බලන්න. සාධාරණ හේතුවක් නැතුව නිතරම පිට නම් ඒ කියන්නේ ඔබව මගහරින්න ඔහුට අවශ්‍යයි.


7) ඔහුගේ සැලසුම් වල ඔබ නැතිද?

ඔහු ඔබව අයින් කරලා හැම දෙයක්ම සැලසුම් කරනවද? කිසිම දෙකට ඔබේ කැමත්ත ඔහුට වැදගත් නැද්ද? තනි මතේට සේරම කරන්න උත්සහ දරනවා කියන්නේ ඔහුගේ ජීවිතේ ඔබට ඇති තැන එතරම් වැදගත් නැහැ කියන එකයි.


8) ඔහු ඔබට සැර පරුෂද?

පවුලේ අය ඉදිරියේ සහ තනි වුණා විටත් ඔහු නිතරම් ඔබට නපුරු ලෙස හැසිරෙනවද? සම්බන්ධකමක් නැති වෙද්දී තරහ කියන එක මතුව එන්න පටන් ගන්නවා. එවිට තමයි ඔබ වෙනුවෙන් කිසිම හොඳ දෙයක් දකින්න ඔවුන් අපොහොසත් වෙන්නේ. හැම වෙලාවකම ඔබව පහත කරලා සලකන කෙනෙක් සමග දිගටම ඉන්නවද නැද්ද කියන එක ඔබේම තීරණයක්.

SHARE

NO COMMENTS

LEAVE A REPLY