පන්හිඳේ සවියෙන් ලොව දිනූ ගැහැණු

තුවක්කුවකට කරන්න බැරි හුඟක් දේවල් පෑන් තුඩකින් කරන්න පුළුවන් කියන එක හරි ප්‍රසිද්ධ කියමනක්.මේ කියමන සපථ කරන්න ජීවමාන උදාහරණ කරගන්න පුළුවන් ගැහැනුන් කිහිපදෙනෙක් ගැන තමයි මේ කියන්න හදන්නේ.තම සාහිත්‍ය හැකියාවෙන් ලෝකයක් දිනා ගත් ගැහැණුන් ඉතිහාසය පුරාම වරින් වර සටහන් වෙලා තිබුණත් දැන් අපි මේ කියන්න හදන්නේ අපේ කාලයේ පෑනේ වීරවරියෝ ලැයිස්තුවක් ගැනයි.මෙයාලා පුළුවන් අපේ ඔළුගෙඩි අස්සට රිංගලා එයාලගේ දෙගිඩියාවෙන් පිරිච්ච විශමයජනක කතාන්දර ලෝක අස්සේ ලේසියෙන්ම අපිව අතරමං කරලා දාන්න.මේ බොහෝමයක් දෙනා ඔවුන්ගේ නවකතා වල පිටපත් මිලියන තුන් හාරසීයකට වඩා අළෙවි කරපු සම්මානලාභීන් වීම විශේෂත්වයක්.සරලවම කිවුවොත් අපි මේ පහළින් විස්තර කියන්න හදන ගෑනු පස්දෙනාට පුළුවන් අපිව වශී කරල අලවගන්න පුළුවන් විදිහේ හරි ලස්සන කතාවක් ගොතන්න.. ඒ වගේම ඇස් පියාගෙන ඒ කතාව අච්චු ගහලා පිටපත් මිලියන ගණන් වලින් විකුණන්න.


fb- like-beg

J.K. Rowling


ලැයිස්තුවේ පළවෙනියටම ඉන්නේ අපි කවුරුත් දන්න JJ.K. Rowling මහත්මියයි.නමින් දැන නොසිටියත් හැරී පෝටර් නිර්මාතෘ කියූ සැනින් ලොකු කුඩා කාගෙත් ආදරයට පාත්‍ර වන ඇගේ කෘති මිලියන 450කටත් වඩා මේ වන විට අළෙවි වී අවසානයි. එසේම ඇගේ කෘති පාදක කොටගෙන තැනූ හැරී පෝටර් චිත්‍රපට මාලව බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ලෝකය පුරාම අති සාර්ථකව තිරගත වුනා.


Danielle Steel


Danielle Fernandes Dominique Schuelein-Steel එහෙමත් නැත්තම් Danielle Steel කියන්නේ දැනට ජීවත් සිටින කතු වරුන් අතරින් වැඩිම අළෙවි වාර්තාවක් උසුලන ඇමරිකානු රචිකාවියක්.දැනට ලොව පුරා පිටපත් මිලියන 800 කටත් වඩා ඇගේ කෘති අළෙවි වෙලා තියනවා විතරක් නෙවෙයි එදා මෙදා තුර වැඩිම පිටපත් සංඛ්‍යාවක් අළෙවි කල ගත් කතුවරුන් අතර සිවුවැනි ස්ථානයේද පසුවෙනවා..ලෝකය පුරා භාශාවන් 28 කට පරිවර්තනය වෙච්ච ඇගේ කතාන්දර බොහෝමයක් රූපවාහිනි මාලා නාටක වශයෙන් පසුකාලයේදී තිරගත වුනා.


Toni Morrison


කතුවරියක්, සංස්කාරකවරියක් මෙන්ම මහාචාර්යවරියක් වශයෙන් ලොවක අවධානය දිනාගත් Toni Morrison යනු නොබෙල් සාහිත්‍ය සම්මානයට පවා පාත්‍ර වුනු ජනප්‍රිය ඇමරිකානු රචිකාවියක්.1988 දී පළවූ ඇගේ Beloved නවකතාව බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වුණා සේම Pulitzer prize සහ American Book Award සම්මානයන් පවා දිනා ගැනීමට සමත් වුනා.එසේම පසුකාලිනව සිනමාපටයක් ලෙසින් රිදී තිරයට දායාද වූවා.The Bluest Eye (1970) , Song of Solomon (1977), Sula(1973) ඇගේ ජනප්‍රිය කෘති වලින් කිහිපයක්..


Stephenie Meyer


ලොව පුරා තරුණ හදවත් ඇඳ බැඳ තබා ගත් Twilight කතා මාලාවේ නිර්මාතෘවරිය ඇයයි.රචිකාවියක් මෙන්ම චිත්‍රපට නිශ්පාදිකාවක්ද වන Stephenie Meyer මේ වන විට 42 වනි වියේ පසුවෙනවා.ලොව ලාබාලතම ප්‍රබන්ධ කතා රචකයින්ගේ ගොන්නට එකතුවන ඇය ඇමරිකානු ටයිම්ස් සඟරාව විසින් 2008 වසරේ “100 Most Influential People in 2008 ” අතරේ 49 වෙනියා ලෙස නම් කර තිබෙනවා.


Isabel Allende

දේශීය පාඨකයින් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වූ ඊවා ලූනා කෘතියෙහි කතුවරිය වන Isabel Allende ස්පාඤ්ඤ සම්භවයක් ඇති ජනප්‍රිය රචිකාවියක්.වාණිජමය වශයෙන් විශාල සාර්ථකත්වයක් අත්කරගත් ඈ වරෙක ලෝකයේ බොහෝ දෙනෙකු කියවන ස්පාඤ්ඤ කතෘවරයා ලෙසද නම් කරනු ලබනවා.2014 වසරේ හිටපු ජනපති බැරක් ඔබාමා අතින් “Presidential Medal of Freedom” සම්මානයෙන් පවා පිදුම් ලබන ඇගේ ඉතා ජනප්‍රිය කෘතීන් අතර The House of the Spirits (La casa de los espíritus, 1982) සහCity of the Beasts (La ciudad de las bestias, 2002) විශේෂ තැනක් හිමි කර ගනන්වා.

SHARE

NO COMMENTS

LEAVE A REPLY