නත්තල් කෑම වට්ටෝරු – 7, Luscious Slush Punch

මේ උත්සව කාලේ අමුත්තන්ට සංග්‍රහ කරන්න කෑම වර්ග මහ ගොඩාක් විතරක් තිබිලාම මදිනේ..මේ කියන්න හදන්නේ බොහොම ලේසියෙන් හදා ගන්න පුලුවන් බීම වර්ගයක් ගැනයි.Slush කියන්නේ ලොකු කුඩා කවුරුත් ආස කරන බීමක්.නිවාඩු මාසේ නටලා නටලා හෙම්බත් වෙලා එන දඟයන්ගේ පිපාසයට බොන්න හදලා දෙන්නත් Luscious Slush Punch කදිමයි.


fb- like-beg

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සුදු සීනි කෝප්ප 2 1/2
  • ස්ට්‍රෝබෙරි රසැති ජෙලටින් පැකට් 2 (අවුනස 3 )
  • අන්නාසි යුශ (ද්‍රව අවුන්ස 46 ක් හෝ ලීටර් 1.3 )
  • දෙහි යුශ කෝප්ප 2/3
  • දොඩම් යුශ ලීටර් 1
  • දෙහි හෝ ලෙමන් රසැති  බීම වර්ගයකින් ලීටර් දෙකක් (carbonated beverage )

සාදන අයුරු:

  • විශාල saucepan එකකට සීනි , වතුර , ස්ට්‍රෝබෙරි රසැති ජෙලටින් එකතු කරගෙ මිනිත්තු 3ක් පමණ උතුරවාගන්න.
  • අන්නාසි , දොඩම් සහ ලෙමන් යුශ එකතු කර ගන්න.
  • මෙය කොටස් දෙකකට වෙන් කර භාජන දෙකකට දමා අධිශීතකරණයේ තබා  freeze කර ගන්න.
  • හොඳින් මිදුණු පසු මින් එක කොටසක් විශාල භාජනයකට දමා එයට දෙහි හෝ ලෙමන් රසැති බීම ලීරටයක්ද  (carbonated beverage ) එකතු කර අයිස් කුට්ටිය දියවන තුරු කලවම් කරන්න.ඔබට අවශ්‍ය නම් ඉතිරි කොටසද මේ ලෙසම සකසා ගත හැකියි.
  • දැන් සියල්ල අවසන්.ඔබට පුලුවන් වීදුරුවලට දමා පිලිගන්වන්න.
SHARE

NO COMMENTS

LEAVE A REPLY