නත්තල් කෑම වට්ටෝරු – 8, Cinnamon Candy Cane Cookies

ත්තල් මාසේ පුරාවටම Good Housekeeping අපි නත්තලටම විශේෂ වූ කෑම වට්ටෝරු එකතුවක් අරන් එනවා. Cinnamon Candy Cane Cookies කියන්නෙත් නත්තල් මේසේ හැඩ කර ගන්න කියාපු කැවිලි වට්ටෝරුවක්.හදලම බලන්නකෝ රස කොහොමද කියලා.


fb- like-beg

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බටර් කෝප්ප 1
  • හොඳින් කුඩු කරගත් සීනි කෝප්ප 1 ( පවුඩර් )
  • බිත්තර 1
  • වැනිලා තේ හැඳි 1
  • පිටි කෝප්ප 2 1/2
  • ලුණු තේ හැඳි 3/4
  • කුඩු කරගත් Red Hots කෝප්ප 1/2
  • Ground Cinnamon තේ හැඳි 1
  • කලරින් රතු වර්ණයෙන්
  • Coarse Sugar තේ හැඳි 2

සාදන අයුරු:

  • අංශක 375 ට අවන් එක රත් කර ගන්න
  • බටර් සහ සීනි පවුඩර් සැහැල්ලු ක්‍රීම් එකක් වනතුරු බීට් කර ගන්න
  • බිත්තර සහ වැනිලාද එක් කර නැවත් බීට් කරන්න
  • වෙනම භාජනයකට පිටි සහ ලුණු දමා බටර් මිශ්‍රණයෙන් ටික ටික එකතු කරමින් බීට් කර ගන්න
  • මෙය කොටස් දෙකකට වෙන් කර ගන්න.
  • එක් කොටසකට රතු පැහැ වර්ණක , කුරුඳු සහ  Red Hots  එකතු කර ගන්න.
  • තේ හැඳි 1 1/2 පමණ ප්‍රමාණයක් ගෙන අඟල් 4 1/2 පමණ දිග කඹයක් සේ සාදා ගන්න.රතු සහ අවර්ණ මිශ්‍රනයෙන් මෙලෙස සමාන ප්‍රමානයේ කඹ හැකි පමණ සාදා ගත යුතුයි.
  • බේකිං ශීට් එකක් ආධාරයෙන  වරණ දෙකේ කඹ අතුරා , රෝල් කර අඹරවා ගන්න.දැන් වර්ණ දෙකම එකට ඇඹරුණු එක කඹයක් සේ දිස්වේවි.
  • මෙහි ඉහල කෙළවර වක්‍ර කර හැඩලයක් ආකාරයට සකසා ගන්න.
  • දැන් බේකිං ශීට් එකක සාදා ගත් Candy Cane  සියල්ල පරතරය සිටින සේ අතුරා ගන්න.
  • එයට උඩින් Coarse Sugar විසුරුවා ගන්න.
  • දැන් ලා දුඹුරු පැහැ වන තුරු මිනිත්තු 7ත් 10ත් අතර කාලයක් බේක් කරගෙන නිවෙන්න තබන්න.
SHARE

NO COMMENTS

LEAVE A REPLY