තෑගී දෙද්දී හිතන්න ඕනේ දේවල් 4 ක්

බේ ආදරණීයයෙකුට තෑග්ගක් තොරණ එක ලෙහෙසි දෙයක් නෙවෙයි. හැබැයි තෑග්ග ලැබුනම අදාළ කෙනා විඳින සතුට නිසා ඒ මහන්සිය ගොඩක් වටිනවා. ඒක නිසා අද අපි ඔබට කියල දෙන්න තීරණය කළා හරි විදිහට තෑග්ගක් තෝරාගන්න පිළිවෙල.


fb- like-beg

1) ඇහුම්කන් දෙන්න

ඔබ කැමති දෙයක් අබේ පවුලේ සාමාජිකයෙක්ට හරි යාලුවෙක්ට දීලා පුදුමයට පත් කරවීම හොඳ ක්‍රමයක් කියල ඔබ හිතන්න ඇති. නමුත් තෑගි දෙද්දී ගන්න කෙනාට වැදගත් වෙන දෙයක් දීම තමයි ගොඩක් වටින්නේ. උදාහරණෙකට ඔබේ දරුවා ගිය සතියේ “swimming pool” යන්න ඉල්ලුවා කියල හිතන්න. නමුත් ඔබ හිතනවා දරුවට හරියන්නේ ගෙදරම එළිමහනේ බැහැල නාන්න රබර් හුලන් ගහන පොඩි pool එකක් ගෙනත් දීම ප්‍රමාණවත්. නමුත් එය හරියන්නේ නැහැ, ඒක ලැබුනහම දරුවා එහි නාන්න කැමති නැහැ. එවැනි දේවල් සිද්ධ වෙනවා. ඒක නිසා ඔබේ තීරණ පසෙක තියල ඉල්ලුව දේ දීම තමයි හොඳ.


2) ඇත්තටම ගණන ප්‍රශ්නයක් නැහැ

අපේ විශ්වාසයක් තියනවා ගණන් අඩු දෙයක් අරගෙන දීම ආදරය අඩු කමේ සංකේතයක් ලෙස. නමුත් ඒක වැරදියි. සමහර වෙලාවට විශාල බොහෝ මිල අධික දේවල් අදාළ පුද්ගලයට හරියට ගැලපෙන්නේ නැහැ. හිතමු ඔබ බිරිඳට උපන්දිනේට පවුම් කීපෙක ලොකු මාලයක් අරන් දෙනවා. බිරිඳ ඒක එදිනෙදා පළඳින්න සතුටු නැහැ. මොකද හොර හතුරෝ ඉන්න රටක ආරක්ෂාව ලොකු ප්‍රශ්නයක්. නමුත් ඒ වෙනුවට ලස්සන බෙල්ලේ ගානට තියෙන පුංචි මාලයක් පෙන්ඩන් එකක් එක්ක අරගෙන දුන්න නම් ඒක නිතරම පළඳින්න ඇය මාලි වෙන්නේ නැහැ.

හිතමු ඔබ සැමියාට ලොකුම TV එකක් අරගෙන දුන්න කියල. මුළු සාලේම ඉඩ ඇහිරෙනවා නම් ඒ ත්‍යාගය කොතරම් වටිනවා උනත් ප්‍රජෝජනයක් නැතුව යනවා.


3) සල්ලි, වවුචර ගොඩක් හොඳයි

අපි අතර මතයක් තිබෙනවා මුදල් හෝ වවුචර දීම බාල ක්‍රියාවක් කියල. එහෙම නැහැ. එතකොට ලබන කෙනාට ඕනෙම දෙයක් ගන්න නිදහසක් තිබෙනවා. හොඳම විදිහ තමයි ඔවුන් කැමතිම සාප්පුව බලල එයින් වවුචරයක් අරගෙන දීම.


4) අත්දැකීම් සහ සුන්දර මතකයන් කියන්නෙත් තෑග්ගක් තමයි

ඔබට අවශ්‍ය නම් සුන්දර අත්දැකීමක් ,මතකයක් ත්‍යාගයක් ලෙස ලබා දිය හැකියි. හිතන්න ඔබේ දරුවෙක් එක්ක පිටරට යන එක කියන්නේ කොතරම් සුන්දර අත්දැකීමක්ද? නැත්නම් දරුවා මාළුන්ට කැමති නම් දවසක් වෙන් කරලා මින් මැදුරකට එක්කගෙන යන එක, උපන් දිනේට සත්තු වත්ත බලන්න ගෙනියන එක. මෙවැනි දේවල් තමයි ත්‍යාග ලෙස දෙන අත්දැකීම්. එවුවට ඔබටත් සහභාගී වෙන්න පුළුවන් නිසා, මේ තෑග්ග දෙපැත්තටම හොඳයි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY