රසවත් විවාහයකට හොඳ පුරුදු 7 ක් ….

විවාහයෙන් පස්සේ උදා වෙන මධු සමය කියන්නේ හැම යුවලකගේම ජීවිතේ හීනයක් වගේ සුන්දර කාලයක්. මුලින්ම ප්‍රීතියෙන් ඉහවහා ඉන්න දෙන්නා කාලෙත් එක්ක තරමක් ඈතට යනවා. මේ ඇල් මැරුණ කම ජීවිතේට එක් කරන්නේ මහත් දුකක්. එහෙම නොවී හැමදාම මුලදී වගේ සන්තෝෂෙන් ඉන්න කැමති නම් තරුණ අඹු සැමියෝ මේ පුරුදු දහය තමාගෙ ජීවිතේට බද්ධ කර ගන්න අමතක කරන්න එපා.


fb- like-beg

1) “ මම ඔබට ආදරෙයි” හැම වෙලේම මුමුනන්න

නිතරම පැමිණිලි, ප්‍රශ්න වෙනුවට ඔබේ සහකාරයට හෝ සහකාරියට ඇති ආදරය ප්‍රකාශ කරන්න අමතක කරන්න එපා. ඔබේ සැමියා බිරිඳ කියන්නේ මේ ලෝකයේ ඔබට වදාම වැදගත් පුද්ගලයා . ආදරය ප්‍රකාශ කිරීම කියන්නේ අගය කිරීමක්. එයින් ඔවුන්ව තවත් යහපත් වෙන්න පොළඹවනවා. රාත්‍රියට නිදන්නට පෙර ,ආහාර ගැනීමට පෙර , උදේ ගෙදරින් යද්දී හෝ දුරකථන ඇමතුම තියද්දි හැකි හැම විටම ඔහුට ඇයට ආදරේ බව පවසන්න.


2) නිරන්තරව සිපගන්න

ඔහු උදේ දත් මදිමින් ඉන්නවා වෙන්න පුලුවන්, ඇය ගේ අතු ගාමින් ඉන්නවා වෙන්න පුළුවන් නිතරම පසු පසින් ගිහින් එකිනෙකාට පොඩි හාද්දක් දෙන එක ජීවිතේට ලං කර ගත්තොත් කොච්චර සුන්දරද? දරුවෝ ඉපදුනහම ගොඩක් දෙමාපියෝ එකිනෙකා ස්පර්ශ කරන්නේ රාත්‍රියට නිදන කාම්රේදී විතරයි. මේක ඇත්තටම වැරදි පුරුද්දක්. දෙමාපියෝ විවුර්තව එකිනෙකාට ආදරය කරද්දී දරුවෝ ඉගෙන ගන්නවා තමන් ලොකු වුණාම කොපමණ ආදරයකින් ජීවත් විය යුතුද කියල. කොතරම් වගකීම් තිබුණත්, කොතරම් වයසට ගියත් ඔහු ඇය පොඩි දරුවෙක් වගේ ඔබේ ආදරය , හුරතලය, කායික මිහිර ප්‍රර්ථනා කරනවා. ඒක හැම මොහොතකම අළුත් කර ගන්න.


3) පොඩි SMS එකක්

දවසේ වැඩ අතරේ ඔහු ඇය සමග මානසික සම්බන්ධය තියා ගන්න තිබෙන හොඳම විදිහ තමයි ආදරණීය SMS එකක් කියන්නේ. නිකන් ඔහු හොඳින්ද බලන්න, ඇය කාලද බලන්න වෙලාවක් යන්නේ නැහැ. නමුත් එකිනෙකා ගැන උනන්දු වීම කියන්නේ විවාහයක දිගු කාලීන සතුටට හේතුවක්.


4) උනන්දුවෙන් ඇහුම්කන් දෙන්න

එකිනෙකාට ඇහුම්කන් දීම කියන්නේ ගොඩක් හොඳ පුරුද්දක්. මනුස්සයෙක් තමන්ගේ ආදරනීයයන්ගේන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේක. දෙදෙනෙකුගේ සම්බන්ධතාවයක් වැඩි දියුණු වෙන්නට හොඳින් ඇහුම් කන් දීම හේතුවක් වෙනවා. හැම දවසකම දරුවෝ නින්දට ගිය පසුව පරිඝනක,TV එක්ක ඉන්න එක නවත්වලා සාලේ සැටියට ගිහින් පැය භාගයක් විතර කතාවට වැටෙන්න. දෙන්නගෙම දේවල් දෙන්නම අහන්න. ඔබ කාන්තාවක් නම් ප්‍රවේශම් වෙන්න සැමියාට අප්‍රසන්න පැමිණිලි වලින් ඔහුගේ කන් දෙක පුරවන්නේ නැතුව සංවාදයක් විදිහට පවත්වාගෙන යන්න. මේ වෙලාව එක් කෙනෙක් කිවීම සහ එක් කෙනෙක් ඇසීම නොවේ. දෙදෙනාම කථා කිරීම සහ ඇසීම ලෙසට පවත්වන්න.


5) දෙදෙනා එකට ආගම ඇදහීම

ඔබේ ආගම කුමක් වුවත් දවසකට වරක් දෙදෙනා එකතු වී සුළු වෙලාවක් ආගම අදහන්න. ඒක පවුලක් ලෙස ඔබේ බැඳීම තවත් ශක්තිමත් කරාවි.


6) ඔහුටම , ඇයටම විශේෂ හුරතල් නමක්

නමේ කොටසක් ඔබම විතරක් පාවිච්චි කරන ආකාරයට සකසා ගන්න. ඇයගේ නම ජුජීවා නම් ඔබට කියන්න පුළුවන් “ සූ” කියල. නැත්නම් “සුජීවා බබා” කියල.
නැත්නම් වෙන හුරතල් වචනයක් ඔහු ඇය වෙනුවෙන් භාවිතා කරන්න. එවිට ඔබ දන්නවා මුළු ලෝකෙන්ම ඒ නමෙන් ඔබ අමතන්නේ ඔහු හෝ ඇය පමණයි. එය හරිම පුද්ගලිකයි. සුන්දරයි . මිහිරියි. ඔබ අතර ඇති බැඳීම ශක්තිමත් වෙනවා.


7) අත් දෙක අල්ලාගෙන සිටීම

ප්‍රසිද්ධියේ විතරක් නෙවෙයි ගෙදර නිකන් ඉද්දි, රුපවාහිනිය බලද්දී හැකි සම විටකම එකිනෙකා අත්වැල් බැඳගෙන ඉන්න පුරුදු වෙන්න. මරා ගැනීම, කොටා ගැනීම එළිමහනේ කරන්න කිසි පැකිලීමක නැති මේ රටේ ගොඩක් මිනිස්සු අඹු සැමියෝ අත අල්ලාගෙන යන එක අනුමත නොකරන්නත් පුලුවන්. හොඳම දේ තමයි ඔවුන්ව සතේකට වත් ගණන් නොගෙන දිගටම අත අල්ලාගෙන යන එක.

SHARE

NO COMMENTS

LEAVE A REPLY