ඔබත් දෙමාපියන්ට හරියට සලකන දුවෙක්ද?

පේ අම්මල තාත්තල අපි වෙනුවෙන් කොතරම් දෙ කරනවද? ඇත්තටම මේ ලෝකේ කොන්දේසි විරහිතව අපි වෙනුවෙන් දේවල් කරන එකම පුද්ගල කොටස තමයි අපේ දෙමාපියෝ. ඒ දේවල් ඔවුන් කරන්නේ අපෙන් පෙරලා කිසවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව. අපේ ශරීරය ඉඳල අපේ අහාර , අධ්‍යාපනය, ආදරය , හොඳ වටිනාකම් හැම දෙයක්ම දීල අපිව ලොකු කරලා අදත් අපිට සලකන්නේ ඔවුන්ම නෙවෙයිද?
අද රටේ දෙමාපියෝ ඉස්සර වගේ නෙවෙයි. බහුතරයකට නිවාස , විශ්‍රාම වැටුප් තිබෙන නිසා දරුවන්ට අත පාල ජීවත් වෙන්න දෙයක් නැහැ.


fb- like-beg

1) තවමත් ඔවුන් විවේකයක් ලබන්නේ නැහැ

මගේ නම් දෙමාපියෝ දෙන්න ආර්ථික අතින් ශක්තිමත්. නමුත් තවමත් විවාහයෙන් පසුවත් ඔවුන් අපේ නිවසේ වැඩ ඇරිලා එද්දී කෑම පිසිනවා. දරුවෝ බලනවා. දරුවෝ පාසල් ගෙනියනවා. ඇත්තටම අපේ ජීවිතේට දෙමාපියෝ මොන තරම් හයියක්ද?

අපිට මේ දේවල් පේනවා අඩුයි. ඔවුන් අපිට ඇති ආදරේට කාගෙන කරාට දැන් ඔවුන්ගේ අතපය ඉස්සර වගේ ශක්තිමත් නැහැ. ලෙඩ දුක්. අපි දෙමාපියෝ ගැන කාරුණිකව හිතිය යුතුයි. අම්ම උදේ නැගිටලා ඔබටයි පවුලටයි බත් උයනවා ඇති. ඔබ නැගිට්ටොත් කියයි “ දුව ගිහින් නිදා ගන්න කියල”

නමුත් අපි කල්පනාකාරීව දෙමාපියෝ අපේ බර වැඩ වලින් නිදහස් කළ යුතුයි. කරනවා කියල කරන්න දෙන්න එපා. තාත්ත ඔබේ වත්ත සුද්ධ කරනවා නම් ඊට පෙර කුලියට මනුස්සයෙක් දම්මල සුද්ද කරවන්න පුළුවන්. දරුවෝ හවසට දිවා සුරැකුම් මධ්‍යස්තනෙකට යවන්න පුළුවන්.

අපේ ජීවිතේ අපට අයිතියි. ඔවුන් තරුණ කාලයේ ඔවුන්ගේ පවුල බැලුවා. දැන් අපේ පවුල , අපේ දරුවෝ වගේ ප්‍රශ්න අපි විසඳා ගත යුතුයි. මහලු දෙමාපියන්ට විවේකීව ඉන්න පරිසරයක් නිතරම සකස් කරන්න ඕනේ.


2) වයසට යද්දී බලාපොරොත්තු වෙන්නේ ආදරයයි

අම්මගේ උපන්දිනේට විශේෂයක් කරන්න . මොකක් හරි ඇය කැමති දෙයක් , කාර්ඩ් එකක් දෙන්න. හැමෝම ඉදිරියේ තාත්තගේ අම්මගේ ගුණ කියන්න. ඔවුන් සමග සතුටු සාමිචියේ යෙදෙන්න පොඩි වෙලාවක් වෙන් කරන්න.

FB එකේ ඉන්න යාළුවො එක්ක චැට් කර කර ඉන්න වෙලාවේ මහලු අම්ම , තාත්ත එක්ක විහිලුවක් කරන්න. එය ඔවුන්ව අසීමිත සතුටට පත් කරාවි.
පොඩි ලෙඩක් හැදුනත් ලොකුවට ගණන් ගන්න. එතනින් ඔබෙන් ලැබෙන ආදරය , රැකවරණය ඔවුනගේ හිතට ගොඩක් දැනේවි.
“ අනේ තාත්තිගේ කකුල තුවාල වෙලා. කොතනද වැදුනේ තාත්ති? ගොඩක් රිදෙනවද? අපි බෙහෙත් ටිකක් දාමු. වාහනය ගන්න ඉක්මනට මහත්තය තාත්ති ව බෙහෙත් ගන්න ගෙනියන්න”

ඔබ මේ විදිහට ඔහු ඇය වෙනුවෙන් දැඩි ආදරයක් පෙන්වද්දී තිබෙන ලෙඩ උනත් ඉබේම සුව වෙනවා.
දවල්ට කද්දී අනිවාර්යයෙන්ම දුරකතනයෙන් කතා කරන්න .
“ අම්ම බත් කෑවද? අහන්න.
කවුරු ඔබ වෙනුවෙන් බලාගෙන නොහිටියත් එදා වගේම අම්ම තාත්ත මැරෙන කල්ම ඔබ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. දවසක ඔවුන් මිය ගිහාම අඬන්න එපා. එදාට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ හැම දිනයකම ඔවුනට ආදරේ කරද්දී.


3) ආගමික කටයුතු කරන්න පරිසරයක්

අපේ දෙමාපියෝ වයස යද්දී ආගම පැත්තට ගොඩක් කිට්ටු වෙනවා. ඒකට ඔබ එකඟ වුනත් නැතත් ඔවුනට උපකාර කරන්න. ඔවුන් ලොකු වියදමක් කරලා දන් දෙනවා, පන්සල් , පල්ලි වෙහෙර විහාර හදනවා කියල හිතන්න. ඔබට හිතෙනවා ඇති මේ මුදල් අපරාදේ කියල. නමුත් වචනයක් වත් කියල අකුල් හෙලන්න එපා. ඒ ඔවුන් උපයපු සල්ලි. අපිට අපේ මුදල් උපයන්න පුළුවන්. ඒ තමන්ගේ සල්ලි තමන්ට ඕනේ විදිහට වියදම් කරන්න දෙන්න.

ඇතැම් දෙමාපියෝ ලෙඩ පිටින් වන්දනා ගමන් යනවා. කරන්න දෙයක් නැහැ. තරුණ කාලේ වැඩ පල වලින් මිරිකිලා ගෙවන ඔවුන් සතුටු වෙන පිළිවෙල තමයි. ඔවුන් කරන ආගමික කටයුතු විවේචනය කරොත් ගොඩක් හිත රිදේවි. අපි සද්ද නැතුව ඉන්න වග බලා ගත යුතුයි.

අවසාන වශයෙන් දෙමාපියෝ කියන්නේ කවුද, ඔවුන් අපි වෙනුවෙන් කළේ මොනවද කියන එක කවදාවත් අමතක කරන්න එපා. නිතරම ඔවුන්ගේ ගුණ මෙනෙහි කරලා නිසි ආදරය ගෞරවය දෙන්න. ජීවිතේ අපි වසර දාහක් ජීවත් වෙන්නේ නැහැ. වෙන කාලේ දෙමාපියන්ගේ සිත වචනෙකින් වත් රිද්දන එපා. එවිට ඔබේ ජීවිතේට තමන් කරන හොඳ ක්‍රියා වල විපාක නොඅඩුව ලැබෙනවා.

SHARE

NO COMMENTS

LEAVE A REPLY