කලු පැහැ පසුපස පැහැපත් කරන්න ගෙදරදීම සත්කාර ….

යස බේදයකින් තොරවම කාන්තා හැමෝම පොදුවේ මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි තට්ටම් , වැලමිට හා දෙදණ කාල වර්ණ වීම කියන්නේ. මේ ප්‍රදේශ වල සම සාමන්‍යයෙන් රලුයි. ස්නානය කරන අතරතුර නිසි ලෙස අවධානය යොමු නොකර මග හැරියොත් කාලය සමග එම ස්ථාන වල සම කලු පාටට හැරෙනවා. මෙසේ වීමට මූලික හේතු කීපයක් තිබෙනවා.


fb- like-beg

  • කුණු, දූවිලි හා මැරුණ සම එම ස්ථාන වල තැම්පත් වීම.
  • එම ස්ථාන නිසි ලෙස පිරිසිදු නොකිරීම.
  • Hyperpigmentation හෙවත් සම අවපැහැ කරන මෙලනින් වැඩි වශයෙන් නිෂ්පාදනය වීම.
  • හමේ තෙතමනය නැති වීම
  • තද රෙදි වලට හිරවී තිබීම
  • පැය ගණනාවක් තද මතුපිටක වාඩි වී සිටීම

මෙයට හේතු ලෙස හඳුන්වන්න පුළුවන්. අද අපි ඉගෙන ගමු පහසුවෙන්ම පසුපස, වැලමිට හා දෙදණ ප්‍රදේශ වල ඇති අව පැහැය නැති කර ගන්නා පිළිවෙල.
මේ ප්‍රතිකාර 7 න් එකක් පිලිපැද්දම ප්‍රමාණවත්. ඔබට පහසු ක්‍රමය තොරා ගන්න.


1) දෙහි යුෂ

ඔබේ සම ස්වභාවිකවම බ්ලීච් කරන්න දෙහි තරම් හොඳ දෙයක් තවත් නැහැ. දෙහි බාගයක් ගෙන ඔබේ තට්ටමේ, වැලමිටේ සහ දෙදණ මත හොඳින් ආලේප කරන්න. දෙහි යුෂ පැය කාලක් පමණ වේලෙන්න අරින්න. ඉන් පසු මද උණුසුම් වතුරෙන් හෝදලා හොඳ moisturiser ක්‍රීම් එකක් මගින් සම්බාහනය කරන්න. ඔබට හොඳ moisturiser ක්‍රීම් එකක් නැති නම් ඔලිවු තෙල් ගාල සම්බාහනය කිරීම ගොඩක් හොඳයි. මේ සත්කාරය සතියකට වරක් කරහම ඇති


2) කහ සත්කාරය

ස්වභාවික antioxidant එකක් වන කහ කියන්නේ සමේ පවතින සියලුම අසාමාන්‍යතා වලට හොඳ බෙහෙතක්. කහ කුඩු තේ හැන්දකට සඳුන් කුඩු තේ හැන්දක් මිශ්‍ර කරලා මී පැණි ස්වල්පයක් දාල අනල හදා ගන්න. මේ මිශ්‍රණය පැය භාගයකින් පමණ සෝදන්න. දිනපතා භාවිතයෙන් සතියක් ඇතුලත දුර්වර්ණ උන සම යතා තත්වයට පත් වෙනවා.


3) ඕට්ස් , ලෙමන් යුෂ, යෝගට්

ස්වභාවිකව මැරුණ සම ඉවත් කිරීම ගැන කතා කරද්දී පලවෙනි තැනට එන්නේ ඕට්ස් තමයි. ඔවු ඔවු ඔය සුපර් මාකට් එකේ කන්න තියන ඕට්ස් තමයි. එයින් හැන්දක් , යෝගට් හැන්දක් සහ දෙහි යුෂ මගින් මිශ්‍ර කරලා අදාළ ස්ථානයේ ගලා සම්බාහනය කරන්න. විනාඩි 15 කින් සෝදන්න පුළුවන්. මේ ප්‍රතිකාරය සතියකට දෙවරක් කරන්න.


4) මී කිරි සහ ලෙමන් ස්ක්‍රබ් එක

තට්ටමේ හම සුදු පැහැ කරවන ස්ක්‍රබ් එකක් හදා ගන්න නම් ගැලපෙනම අමුද්‍රව්‍යය තමයි දෙහි හෝ දොඩම් පොතු. මෙය ඉතාම හොඳ ස්ක්‍රබ් එකක් වගේම ක්ලේන්සර් එකක්. මී කිරි සමේ තෙතමනය රැක දෙන්නට උපකාරී වෙනවා. දෙහි , දොඩම් පොතු බ්ලෙන්ඩර් කරගෙන එයට මී කිරි එකතු කරන්න. මේ මිශ්‍රණය අදාළ ප්‍රදේශවල ගාල පැය භාගයක් පමණ තබන්න. ඉක්මනින්ම මැරුණ සම ඉවත් වෙලා අළුත් සම නිරෝගීව සුන්දරව බබලන්න මේ සත්කාරය ප්‍රමාණවත් වෙනවා.


5) සීනි සහ ඔලිවු තෙල්

සතියකට දෙවතාවක් පමණ සීනි හැඳි දෙකකට ඔලිවු තෙල් දමා මද වශයෙන් කැට තිබෙද්දීම තට්ටමේ වැලමිටේ සහ දෙදනෙ ගාල හොඳින් අතුල්ලන්න. සීනි මගින් හොඳින් මැරුණ සම ඉවත් වෙනවා. ඔලිවු තෙල් මගින් සම පෝෂණය කරනවා. මේ අතගෑමෙන් පස්සේ විනාඩි 15 කින් සියල්ල හොඳින් සෝදන්න. ඉක්මනින්ම පැහැය නිසි තත්වයට පත් වේවි.


6) පැහැපත්කම දිගටම පවත්වන්න නම්

කෘතීම රෙද්දෙන් නිමවපු යට ඇඳුම් අඳින්න එපා. හැම විටම කපු යට ඇඳුම් තෝරා ගන්න. බොහෝ වෙලා එක තැන වාඩි වී සිටීමෙන් වලකින්න. නාද්දී අනෙක් හැම ස්ථානයක් වගේම තට්ටම්, දණහිස සහ වැලමිට හොඳින් පිරිසිදු කරන්න. සතියකට වතාවක් මුළු ශරීරේම ස්ක්‍රබ් කරන්න. ඉහත ප්‍රතිකාර හරි නොගියොත් චර්ම රෝග සම්බන්ධ වෛද්‍ය වරයෙක් හමුවීම හොඳයි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY