රෝම ඉවත් කරන්න රේසරයක් භාවිතා කිරීමේදී ……

ද වෙද්දී ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරන්නට නොයෙක් ක්‍රම ලෝකය පුරාම ලලනාවෝ පාවිච්චි කරනවා. වැක්ස්, ක්‍රීම් වර්ග, උගුලවා දැමීම, රේසරයෙන් කැපීම වගේ ක්‍රම ඒ අතරින් ප්‍රධානයි. රේසරය කියන්නේ ආරක්‍ෂිත, පහසු, වියදම් අඩු ක්‍රමයක්. හැබැයි රේසරය පාවිච්චි කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තිබෙනවා.


fb- like-beg

1) භාවිතා කරන ස්ථානය

රේසරයෙන් කෙස් ඉවත් කිරීමේදී සැලකිය යුතුයි කොතන කෙස් සඳහාද රේසරය යෝග්‍ය වෙන්නේ කියල . අත් පය , කිහිල්ල සහ රහස් ප්‍රදේශ වෙනුවෙන් රේසරය සාර්ථව පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඔබේ මුහුණ සඳහා නම් රේසරය සුදුසු නැහැ. ඇහි බැම සහ මුහුණ වෙනුවෙන් වැක්ස්, ත්රේඩින්, ලේසර් වගේ ක්‍රම තමයි භාවිතා වෙන්නේ.


2) රේසරය සමග ශේවින් වලට තිබෙන විශේෂ ක්‍රීම් එකක් ගාන්න ඕනේ

වියළි සම මත රේසරය කෙලින්ම ඇදීමෙන් සම තුවාල වෙන්න ලොකු ඉඩක් තිබෙනවා. ක්‍රීම් ඕනෙම වෙළඳ සැලකින් මිලට ගන්න පුළුවන්. සබන් වැනි ආදේශක වලට වඩා කොතරම් සුසිනිදු බවක් ලැබෙනවද කියල එක වරක් පාවිච්චි කරහම ඔබට වැටහේවි.


3) අලුත්ම රේසරයක්

තාත්තිගේ හරි මහත්තයගේ හරි පරණ රෙසරෙකින් ඔබේ අතපය වල ඇති කෙස් ඉවත් කරන කෙනෙක්ද ඔබ? එහෙනම් ඒක හොඳ පුරුද්දක් නෙවෙයි. වෙළඳ පොලෙන් රුපියල් 50ක් වැනි මුදලකට අලුත්ම රේසරයක් ගන්න පුළුවන්. සතියකට වඩා එක රේසරයක් භාවිත කරන්න එපා. රේසරය පරණ වෙද්දී තලය මත විෂබීජ වැඩෙන අවස්ථා වැඩි වෙනවා. ඒ වගේමයි පරණ රේසරයකින් හොඳට ඉවත් වෙන්නේ නැහැ. තලය මොට්ට නිසා ඔබ තදින් අදිද්දී සම තුවාල වෙනවා.


4) කටු කටු අයින් වෙන්න හොඳට ස්ක්‍රබ් කරන්න

රේසර් කරලා ඉවර වුණ ගමන්ම හොඳ බොඩි ස්ක්‍රබ් එකකින් ස්ක්‍රබ් කරන්න. එතකොට කටු කටු ගතිය එන්නේ නැහැ.


5) Moisturizer ක්‍රීම් ගාන්න

රේසර් කරලා සෝදලා තෙත මාත්තු කර ගන්න. ඉන්පස්සේ සමේ තෙතමනය රැකදෙන Moisturizer ක්‍රීම් එකක් අරන් හොඳින් සම්බාහනය කරන්න. ටිකක් වෙලා යන තුරු කෘතීම කිසිම ආලේපනයක් ගලවන්න එපා.

SHARE

NO COMMENTS

LEAVE A REPLY