නිවසේ වටින කියන ඉලෙක්ට්‍රොනික උපකරණ නිසියාකාරව බලා කියා ගන්නේ මෙහෙමයි…

ස්සර කාලේ වගේ නෙවෙයිනේ..දැන් ඕනම නිවසක ශීතකරණයක්, රෙදිසෝදන යන්ත්‍රයක් , මයික්‍රෝවේව් උඳුනක් කියන්නේ බොහොම සුලබ උපාංග කීපයක්.බොහෝ දෙනෙකු ගෙවන කාර්යබහුල ජීවිතත් වලට ඇත්තටම මේ උපාංග ලොකු පහසුවක්. හැබයි සැලකිය යුතු තරම් මුදලක් ගෙවලා මිලට ගන්න මේ උපාංග නිසියාකාරව නඩත්තු නොකොලත් මේ යන්ත්‍ර සූත්‍රවල ආයු කාලය ඉක්මනටම ඉවර වෙලා යන්න පුළුවන්.ඉතින් මේ කියන්න හදන්නේ මේ උපාංග හරියාකාරව නඩත්තුව කිරීම සඳහා පුංචි ඉඟි කිහිපයක්.


fb- like-beg

ශීතකරණය

ඔබගේ ශීතකරණය දිනකට කොපමණ වෙලාවක් අඛන්ඩව ක්‍රියා වැඩ කරනවාද කියලා ඔබ නිකමට හරි කල්පනා කරලා බලලා තියනවද? ඔබ එහි ඉහල සිට පහලටම එළෝලු , පලතුරු, මස්, මාළු වලින් පිරෙවුවට පස්සේ මේ සියල්ලක්ම නැවුම්ව සහ සිසිල්ව තබා ගැනීමට එය දවස පුරාවටම අඛන්ඩව ක්‍රියාත්මක වෙනවා. ඉතිං මෙච්චර මහන්සිවෙලා වැඩ කරන අයිස් පෙට්ටියේ කාර්යක්ෂමතාවය සහ කල් පැවැත්ම වැඩි දියුණු කරන්න ඔබටත් පුංචි පුංචි දේවල් ටිකක් කරන්න පුළුවන්.

  1. සෑම විටම එහි උශ්ණත්වය ෆැරන්හයිට් 35 – 40 අතර අගයක රඳවා තැබීමට වග බලාගන්න.
  2. කිසි විටෙකත් එළවළු පලතුරු කෙලින්ම ශීතකරණයට ඔබන්න එපා.ඒවා කාමර උශ්ණත්වයේ මද වේලාවක් තබා පසුව එහි අසුරා ගන්න.
  3. ඔබගේ ශීතකරණයට උවමනාවට වඩා දේවල් පිරවීමෙන් වලකින්න.
  4. එසේම එහි දොර  විවෘත කරන්න අවස්ථා හැකි තාක් අවම කර ගන්න වගේම දිගු කාලයක් දොර විවෘත කර නොතැබීමටත් වග බලා ගන්න.
  5. නරක් වුනු පරණ ආහාර ද්‍රව්‍ය  එහි සති ගණන් පරණ වීමට තැබීමෙන් වලකින්න.
  6. බලශක්ති නාස්තිය අවම කර ගැනීමට ශීතකරණයේ ඇසිරූ දෑ අතර  අඟලක දෙකක අවකාශයක්  ඉතිරි කරන්න.
  7. ශීතකරණය තුල නිසියාකාරව  තාප ස්කන්ධ පවත්වාගෙන යාමට ආධාර කිරීමට සෑම විටම විශාල ජල බෝතල් දෙක තුනක් එහි ඇති බෝතල් අසුරණය මත ගබඩා කර තබන්න.
  8. ඔබගේ ශීතකරණයේ කුමන හෝ දෝශයක් මතුවූ අවස්ථාවකදී සෑම විටම පලපුරුදු වෘතිකයෙකුගේ සහය ලබාගන්න.
  9. මාස තුනකට හෝ හයකට වතාවක් ශීතකරනයේ පිටුපස ඇති කොයිල් සහ ඒ අවට දූවිලි ඉවත් වීම සඳහා වැකුම් කල හැකි නම් එයද ඔබගේ ශීතකරණයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට මෙන්ම එහි මෝටරයේ කල්පැවැත්ම දීර්ඝ කරගැනීමටද ඉවහල් වෙනවා.

රෙදි සෝදන යන්ත්‍රය

ඔබගේ රෙදි සෝදන යන්ත්‍රය නැත්නම් වොශින් මැශින් එක දිගුකාලයක් භාවිතයටත් ඔබගේ සේදීමේ පුරුදු වල පුංචි පුංචි වෙනස්කම් ටිකක් කරගන්නම වෙනවා.

  1. පලවෙනි දේ තමයි ඉතා විශාල රෙදි ප්‍රමාණයක් එකවර සෝදන යන්ත්‍රයට පුරවනවා වෙනුවට කුඩා කොටස් වශයෙන් රෙදි සෝදා ගැනීම.
  2. වුවමනා ප්‍රමාණයටත් වඩා සෝදන කුඩු භාවිතයද යන්ත්‍රයට අහිතකරයි.එසේම දිලීර හා බැක්ටීරියා නාශක , සැර පැල්ලම් ඉවත් කරන ද්‍රව්‍ය සෑම විටම ඔබගේ සෝදන යන්ත්‍රයේ පාලන පුවරුවෙන් ඈත් කර තබන්න
  3. සතියකට වරක්වත් සෝදන යන්ත්‍රයේ ඇතුලත කොටස පිසදා පවිත්‍ර කරන්න.එහි ඉතිරි වී ඇති සේදුම් කාරක නූල් කැබලි වැනි සියල්ලක්ම ඉවත් කරන්න.
  4. එසේම සෑම රෙදි සේදීමකටම පසු මද වේලාවක් එහි පියන විවෘත කර තබන්න.

මයික්‍රෝවේව් උඳුන

මයික්‍රෝවේ උඳුනක් කියන්නේත් අද නිවසක සුලබ උපාංගයක්. ඉතිං ඔබේ නිවසේත් මයික්‍රෝවේව් උඳුනක් තියනවානම් පහත ඉඟි කීපය ඔබට ගොඩාක් වැදගත් වේවි.

  1. ඔබේ පොඩ්ඩන් මයික්‍රොවේ උඳුනත් සමඟ කටයුතු කරනවානම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනි. මොකද පොඩ්ඩෝ හරි ආසයි ඒ තුලට විවිධ දෑ දමලා සිද්ධවෙන්නේ මොනවගේ දෙයක්ද කියලා බලන් ඉන්න. ඒ නිස ඒ ගොල්ලෝ ඇලුමිනියම් ෆොයිල් , ක්ලේ වගේ දේවල් උඳුන තුලට දමලා නොයෙකුත් අත්හදා බැලීම් කරන්න හදාවී. ඉතින් ඒ නිසා පොඩ්ඩෝ ගැන හොඳට ඇහැ ගහගෙනම ඉන්න.
  2. මයික්‍රෝවේ උඳුනකට හානි විය හැකි අනික් කාරණාව තමයි වේගයෙන් එහි දොරවල් ඇරීම සහ වැසීම. එහි පවතින්නේ ඉතා සැහැල්ලු දොරවල්. ඒ නිසා මේවා අරින වහනකොට ටික සැලකිලිමත් වෙනවානම් තමා වටින්නෙ.
  3. මයික්‍රෝවේව් උඳුන ක්‍රියාත්මකව පවතින කරන අවස්ථා වලදී එහි ඉහළ කොටස ආවරණය කර තැබීමෙන් වලකින්න.
  4. සෑම ආහාර පිසීමකටම පසුව එහි ඇතුළත හොඳින් පිරිසිදු කිරීමෙන් එහි අප්‍රසන්න දුගඳක් වහනය වීම වලක්වා ගන්න පුළුවන්.
  5. සීල් කල ආහාර ද්‍රව්‍ය ඇසුරණයෙන් ඉවත් නොකර උඳුනට දමන්න එපා. එසේම ඇලුමිනියම් බඳුන් , කඩදාසි තසිම් වැනි දෑත් කිසිවිටෙකත් මයික්‍රොවේව් උඳුනට දමන්න එපා.
  6. මුළුතැන්ගේයි උණුසුම රැඳෙන ස්ථානයක මයික්‍රෝවේව් උඳුන තියන්න එපා. උදාහරණයක් ලෙසින් ඔබේ ගෑස් ලිප ආසන්නයෙන්ම  මයික්‍රොවේව් උඳුනත් තියන්න එපා.
SHARE

NO COMMENTS

LEAVE A REPLY