පෙඩිකියෝ (Pedicure ) එකක් ගෙදරදීම කරමුද ?

ස්සන කකුල් දෙකක් කියන්නේ ඔබේ නිරෝගීකමේ, පිරිසිඳුකමේ සලකුණක්. අවාසනාවට ගොඩක් තරුණියෝ මුහුණට දෙන සත්කාර කකුල් දෙකට දෙන්න මහන්සි වෙන්නේ නැහැ. වියළි, රළු අවලස්සන දෙපයක් ඇත්නම් ඔබේ මුහුණේ සහ ඇඳුම් ආයිත්තම්වල ඇති සුන්දරත්වය මතුවෙන්නේ නැහැ. ඒත් ඉතින් සැලූන් වලින් පෙඩිකියෝ එකක් කරනවා කියන්නේ කොච්චර ලොකු වියදමක්ද?
Goodhousekeeping.lk කියවන ඔබට අද පෙඩිකියෝ ( Pedicure) කිසිම වියදමක් නැතුව ගෙදරම කරගන්න හැටි කියල දෙන්න අපි තීරණය කරා. කරලා බලල අපට කියන්නකෝ.


fb- like-beg

අවශ්‍යය දේවල් මෙන්න

  • උණු වතුර බේසමක්
  • නාන ලුණු ( bath salt) / ෂැම්පු
  • හොඳ Foot Scrub එකක්
  • Nail file
  • ඇඟ අතුල්ලන pumice stone එකක්
  • නිය ආලේපන ඉවත් කරන Nail Polish Remover එකක්
  • පිරිසිඳු තුවායක්
  • ඇඟේ ගාන Moisturizer ක්‍රීම් එකක්

1) නියපොතු සත්කාරය

පුළුන්වල Nail Polish Remover ගාල පරණ කියුටෙක්ස් මකන්න. නියපොතු කපන කටර් එකෙන් නියපොතු ලස්සනට කපාගන්න. හැබැයි නියමල හැරෙන්න ගැඹුරට කපන්න එපා. ඔබ කැමති හැඩේකට කපන්න. නියපොතු අග සුමට කරන nail filler එකෙන් පරිස්සමට කපපු නියපොතු ගා ගන්න. කකුල් තෙමීම


2) කකුල් වතුරේ පෙඟවීම.

මේ කොටසට ඔබ ඉතාම කැමති වේවි. විඩාබර සතියක නියම සැහැල්ලුවක් දැනේවි. උණු වතුර බේසමට bath salt මිටක් සහ ෂැම්පු ස්වල්පයක් එකතු කරන්න. ඉන්පසු දෙපය විනාඩි 20 ක් පමණ එහි ඔබාගෙන සිටින්න. මතක ඇතිව ඔබ කැමති ලස්සන සංගීතයට සවන්දෙන්න. ඔබේ දෙපය තුවායෙන් පිසදමන්න.


3) ස්ක්‍රබ් කිරීම

Foot Scrub ස්වල්පයක් දමා දෙපා හොඳින් ස්ක්‍රබ් කරන්න. ඇඟ අතුල්ලන pumice stone එකෙන් සුමුදු ලෙස යටිපතුලේ ඇති තද වූ මැරුණ සම ඉවත් කරන්න. මේ මැරුණ සම යටිපතුලෙන් ඉවත් නොකරොත් සම තදවෙලා ඔබේ යටිපතුල් පැලෙන්න පටන් ගන්නවා. එමගින් යටිපතුල ආසාධන වලට ලක් වෙන්නත් පුලුවන.
නියපොතු ස්ක්‍රබ් කරන nail scrubber එකෙන් නියපොතු අතුල්ලන්න. යටිපතුල පමණක් නොවෙයි වලලුකර දක්වාම හොඳින් දෙපය ස්ක්‍රබ් කළ යුතුයි. ඉන්පසු කකුල් වතුරෙන් හෝදලා තුවයෙන් පිස දමන්න .


4) Moisturizer ක්‍රීම් ආලේපය

ඔබේ දෙපා දැන් පිරිසිඳුයි . මේ සමගම Moisturizer ක්‍රීම් ගාල සමේ තෙතමනය රැකගන්න ඕනේ. යටිපතුල්, වළලුකර සහ දණහිස දක්වා හොඳින් ක්‍රීම් ගා සම්බාහනය කරන්න.
කකුල් පැලිලා නම් මේ ප්‍රතිකාරය කරන්න. දෙහි යුෂ එක්ක වැස්ලින් මිශ්‍ර කරලා යටිපතුලේ හොඳින් ආලේප කරන්න. කපු මේස් දෙකක් මුළු රාත්‍රිය පුරාම දාගෙන නිදාගන්න. මෙය සතියට දෙපාරක් කරන්න. ඉක්මනින්ම ඔබේ දෙපා ඉතාම ලස්සන වේවි.


5) නියපොතු වර්ණ ගැන්වීම

සේරම ඉවර වෙලා නියපොතු පාට කර ගන්න. පළමුව නියපොත්තෙ base coat එක ආලේප කර ගන්න ඕනේ. ඊට පස්සේ ඔබ කැමතිම පාට ගාල විනාඩි කීපයක් වේලෙන්න තියන්න. තවත් සැරයක් නියපොත්තෙ දෙවෙනි පාරටත් කිවුටෙක්ස් ගාන්න. ඒකත් වේලෙනකම් ඉඳල top coat එක ගාල නියපොත්තට සම්පූර්ණ කමක් ගෙනදෙන්න.

SHARE

NO COMMENTS

LEAVE A REPLY