බළල් සුරතලාගෙන් අනතුරක් වුණොත් මොකද කරන්නේ?

ළල්ලු කියන්නේ අපේ රටේ හුඟක් ගෙවල්වල ඉන්න සුරතලෙක්. පාට වැටිච්ච උණුහුම් පුළුන් බෝල වාගේ ඉන්නකොට, බළලුන්ව හුරතල් කරන්න හුඟක් අයට ආස හිතෙනවා.
හැබැයි මේ සුරතලය, සුරතලාට නම් වෙලාවකට වදයක්. ඒ නිසා හුරතලෙන් බේරෙන්න එහා මෙහා වෙද්දී, නියපොතු පාරකට , එහෙම නැත්නම් දත් පාරකට ලක්වෙන්න තියෙන ඉඩකඩ අමතක බැහැ.
එහෙම අනතුරක් වුණොත් ඇත්තටම මොකක්ද කරන්න ඕන?


fb- like-beg

1. තුවාලය සෝදන්න

තුවාලය කොයිතරම් පොඩි වුනත්, ඉස්සෙල්ලම කරන්න ඕනේ සබන් දාල තුවාලේ සෝදන එක. මේ වෙනුවෙන් ඒ තරම් සැර නැති සබන් වර්ගයක් එක්ක උණු වතුර ටිකක් හෝ උණු වතුරේ දියකළ කොන්ඩිස් ටිකක් හොඳටම ප්‍රමාණවත්.


2. තුවාලයේ ප්‍රමාණය අනුවයි දෙවැනි පියවර

ඔබේ සුරතලා අතින් වැරදීමකින් එහෙමත් නැත්නම් අහම්බෙන් වැදුණු දත් පාරක් හෝ නියපොතු පාරක්නම් ඒ තුවාලේ එච්චර දරුණු වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. හැබැයි සුරතලා ඔබත් එක්ක තරහෙන් හපා කෑවනම් හෝ සීරුව නම්, තුවාලේ ටිකක් දරුණු වෙන්න පුළුවන්.

තුවාලේ සාමාන්‍ය, ඒ කියන්නේ යාන්තම් සීරීමක් නම්, තුවාලවලට දාන්න ඔබ ප්‍රථමාධාර කට්ටලයේ තියන් ඉන්න සාමාන්‍ය බෙහෙතකට පුළුවන් ඔබට පිහිට වෙන්න. සාමාන්‍ය තුවාලයක් කියන්නේ සමේ මතුපිට කැපීමක්. යන්තම් ලේ බින්දු දෙක තුනක් මතුවෙන්න පුළුවන්.
හැබැයි තුවාලය ලේ ගලන, සමේ මතුපිට විවරයක් ඇතිකළ තුවාලයක් නම්, ඔන්න වැඩේ ටිකක් දරුණුයි.
මුලින් කිව්වා වගේ තුවාලේ පිරිසිදු කරලා, ලේ ගැලීම නවත්වන්න අයිස් කැටයක් තුවාලය අවට ටික වෙලාවක් තියාගෙන ඉන්න.
දැන් පුළුවන් තුවාලයේ තෙත මාත්තු කරලා ප්‍රථමාධාර තුවාල ආලේපනයක් ආලේප කරලා වෙළුමක් යොදන්න. වේදනාව වැඩිනම්, පැරසිටමෝල් පෙත්තක් බිව්වත් වරදක් නැහැ.
හැබැයි මේ පියවර අනුගමනය කරලත් සහනයක් නැහැ වගේනම් නම් ඒ වගේ වෙලාවක කෙලින් ම දොස්තර කෙනෙක් ළඟට යන්න.


3. එතනින් ඉවර නැහැ

සමහර වේලාවට මේ වගේ තුවාලවලට පුළුවන් ඔබට අසාත්මිකතා ඇති කරන්න. ඒ ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම ශරීර උෂ්ණත්වය වෙනස්වෙනවනම් ටිකක් කල්පනාකාරී වෙන එක කෝකටත් හොඳයි.
හැබැයි මේ තුවාලේ වුණු දවසෙම ඔබ ගත්තු ආහාරයක් නිසා මොකක්හරි අසාත්මිකතාවක් ඇතිවුණොත් එකත් මේ තුවාලේ නිසා සිදුවුණා කියල ඔබට හිතෙන්න බැරි නැහැ.


4. විශේෂ තත්වයන් යටතේ

ඔබ ගර්භනී කෙනෙක් නම්, ඒ වගේම වකුගඩු හෝ අක්මා රෝගයකින් පිඩා විඳිනවා නම්, මේ සත්ව ප්‍රහාරේට පුළුවන් ඔබේ ජිවිතේට ලොකු අනතුරක් කරන්න. ඒ නිසා ඔබ මේ වගේ තත්වෙකින් පසුවෙනවානම්, හොඳම දේ තමයි මේ තුවාලෙට හරි ප්‍රතිකාරයක් ගන්න එක.


5. ගෙදර සතා ද?

ඔබව සපා කෑමට ලක්කළ, එහෙම නැත්නම් සීරීමට ලක්කළ බළලා ඔබේ නිවසේ ඇතිකරන සුරතලා නොවෙන්න පුළුවන්. හුඟක් පුංචි දරුවෝ බළලුන්ව දුටු තැන වඩාගන්න, සුරතල් කරන්න යාමෙන් මේ වගේ අනතුරුවලට ලක් වෙනවා. ඒ වගේ වෙලාවක අවදානම ටිකක් වැඩියි.
බල්ලන්ගෙන් වගේම බළලුන්ගෙනුත් ජලභීතිකා රෝගය බෝ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ නොවන සුරතලෙක් නිසා තුවාලයක් වුනොත් තුවාලේ පොඩි වුණත් ප්‍රතිකාර ගන්න.
මේ කියන්නේ ඔබේ ගෙදර සුරතලාගෙන් අනතුරක් වුණාම ඔබට මේ වගේ අසනීපයක් බෝ වෙන්න බැහැ කියල නෙමෙයි. එත් ඔබ ඔබේ සුරතලාගේ අසනීප, චර්යා රටාව ගැන ඔබට යම් කිසි වැටහීමක් තිබෙන නිසා අවදානම් තත්වය මගහරවාගන්න පුළුවන්.


6. වළක්වාගැනීම වැදගත්

ඔබේ සුරතලාගේ හැසිරීම ගැන නිශ්චිත සහතිකයක් දෙන්න ඔබට බැරිවෙන්න පුළුවන්. ඒත් ඔබේ අතපසුවීමකින් සත්ත්වයාව පෑගීමට ලක්වෙලා වගේ අවස්තාවක හැර, ඔබේ සුරතලේ ඉවසගන්න බැරුව නම් පහර දෙන්නේ, ඒක තනිකරම ඔබේ වැරැද්ද. ඒ නිසා හුරතලේ කියල ඔබේ නිවසේ ඉන්න සුරතල් බළලා හිරිහැර වෙන විදිහට හැසිරෙන්න එපා. මොකද එහෙම උනොත් ඔබව මිතුරෙකුට වඩා සතුරෙකු විදිහටයි මේ සත්ත්වයාට පේන්න පටන්ගන්නේ.

SHARE

NO COMMENTS

LEAVE A REPLY