ඔබත් ඔබේ රැකියාවට අකමැතිද…….?

රැකියාවක් කරන කාන්තාවන්ගෙන් තුනෙන් එකක් විතර තමන් කරන රස්සාව ගැන සතුටු නැහැ. මේක ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙටම පොදු ගැටළුවක්. අළුත් රැකියාවක් හොයද්දි පොදුවේ සලකන කාරණා 5 ක් තියනවා. එවුවා තමයි වැටුප, වෙනසක් උවමනා කිරීම, උසස්වීම් සහ ඉහලට යාමේ අවස්ථා, අංශය වෙනස් කිරීම, වුර්තිකයාගේ අනාගතය යන කාරණා පහ. පහත සඳහන් කරුණු සලකලා ඔබටම දැනගන්න පුළුවන් ඔබත් රැකියාව වෙනස් කළ යුතුයිද කියල.


fb- like-beg

1) නිතරම ලෙඩ නිවාඩු

අද බඩේ කැක්කුම, අද ඔලුවේ කැක්කුම, අද කොන්දේ කැක්කුම මොකක් හරි ලෙඩක් නිතරම මතු වෙනවද? ඔබට හැඟෙන්නේ ඕනෙම තැනක ඉඳීම වැඩට යාමට වඩා හොඳයි කියලද? එහෙමනම් ඔබේ රැකියාව ඔබට සුදුසු එකක් නෙවෙයි. රාජකාරි කරන තැන ඔබට ගෙදර වගේම ප්‍රසන්න ස්ථානයක් විය යුතුයි. දවසේ වැඩිම වෙලාවක් අවධියෙන් ඉන්න ස්ථානය කියන්නේ ඔබේ කාර්යාලය. ඔබ මානසිකව වෙහෙසට පත්වෙලා නම්, වැඩට යාම දැඩි පීඩනයක් නම් ඔබේ ශරීරය ඒ වෙනුවට ප්‍රතික්‍රියා දක්වන්නේ ලෙඩ රෝග මගින්. ඔබ නිතරම සුළු රෝග තත්වයන්ට බඳුන් වෙනවා නම් ඔබ කාර්යාලය ගැන අසතුටෙන් ඉන්නේ කියන තීරනේ ඔබට ගන්න පුළුවන්.


2) ඔබ සමහර රාජකාරී මගහරිනවාද?

කිසිම රැකියාවක හැම දේකටම කිසිම කෙනෙක් සතුටු නැහැ. නමුත් එහෙම කියල අකමැති දේවල් නොකර ඉන්න අපට බැහැ. උදාහරණෙකට හිතන්න ඔබ එතරම් සතුටු නැහැ e.mail යවන්න කියල. නමුත් ඔබ යැවිය යුතු දේවල් තිබෙනවා. ඒ වෙලාවට එවැනි දේවල් දිගින් දිගටම පැහර හරිනවා කියන්නේ ඔබ රැකියාව ගැන කලකිරීමට ලක්වෙලා කියන එකයි.


3) ඔයා වෙන දෙයක් කරා නම් හොඳයි ..

මේ වාක්‍යය වෙනත් අය නිතරම කියනවද? ඒ කියන්නේ සමහර විට ඔබේ තිබෙන ඇත්තම දක්ෂතාවයක් දැකල වෙන්නත් පුළුවන්. නැත්නම් ඔබේ අකාර්යක්ෂමතාවය පිළිබඳව ඉඟි කිරීමක් වෙන්න පුළුවන්. කාලෙකට පෙර මගේ ආයතනයක වැඩ කළ කෙනෙක් හිටියා වැඩට ඉතාම අදක්ෂයි .( ගිණුම් කරණය) පසුව අපට වැටහුනා ඇය ඉතාම දක්ෂ ලේඛිකාවක් කියල. ඒ නිසා නිරතුරුවම ඇය ඒ වෙනුවෙන් උනන්දු කළා. රැකියාව මාරු කළ විගසම ඇගේ සාර්ථකත්වය ඔප නැගුනා. අනික් අය මෙහෙම කියනවා නම් එය රැකියාව මාරු කළ යුතු බවට රතු එළියක්.


4) ගෙදර යන්නේ බොහෝ මහන්සියෙන්

ඔබ යමක් කළා කියන තෘප්තිමත් හැන්ගීමෙන් තොරව අධික වෙහෙසකින් ඔබ ගෙදර යනවද? මෙහෙම දවස් ඕනෙම කෙනෙක්ට තියනවා. නමුත් මේක නම් හැම දිනකම ඔබට දැනෙන විදිහ ඔබ ඉන්නේ වැරදි වෘත්තියක වීමට ඉඩ වැඩියි. කොතරම් මහන්සි වෙලා වැඩ කරත් ඔබ සතුටින් නම් ඔබ මානසිකව ප්‍රමෝදයට පත් වෙනවා.


5) ඔබට කම්මැලිද?

ඔබ එක තැනක හිර වෙලාද? ඔබේ අනාගතය මනසින් හිතන්න. අද මම කොතනද? වසරකින් කොතනද? වසර පහකින් කොතනද? උත්තරය එකම තැන නම් …. ඒ කියන්නේ ඔබ මේ අවුරුද්දෙත් ලිපිකරු තව වසර පහකිනුත් ලිපිකරු නම් එතන ලොකු අවුලක් තිබෙනවා. වර්ධනයක් පිළිබඳව අදහසක් නැති නම්, ඔබ ඔහේ කම්මැලි කමෙන් දවස ගෙවනවා නම් වෘත්තීය මාරු කළ යුතුයි.


6) ඔබට ඔබ වෙන්න බැරි වටපිටාවක්

අපි හිතමු ඔබට රැකියාවේදී ඔබ කැමති විදිහට ඇඳුම් ,පැළඳුම් කරන්න නිදහසක් නැත්නම්, විහිලු තහලුවකට නිදහසක් නැති නම්, ඔබ සම්පූර්ණයෙන්ම මනුස්සයෙක් ලෙස එකඟ නොවෙන දේකට එකඟ විය යුතුයි නම් ඔබේ රැකියාව ඇත්තටම වෙනසකට බඳුන් විය යුතුයි. උදාහරණයකට ඇතැම් අය ඉන්නවා ඉතාම දක්ෂයි නමුත් වෙලාවට වැඩට ඇවිත් සේවය කරන එක ඔවුන්ට කරන්න බැහැ. වෙලාවට වැඩ කිරීම කියන්නේ ඔවුන්ගේ ස්වභාවය නෙවෙයි. ආයතනයෙන් ඔවුනට නිදහස් targat වලට වැඩ කරන්න දෙන්නේ නැත්නම් දෙපැත්තටම එයින් ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔබට ඔබ වගේ ජීවත් වෙන්න බැටරි රැකියාවක් ගැලපෙන්නේ නැහැ.


SHARE

NO COMMENTS

LEAVE A REPLY