FB එකේ පවුල් කන අය පරිස්සමෙන්…

ඟකදී මගේ මිතුරියක් මට කියනවා

“ ඔබේ සැමියා ඔබට ආදරය කරන්නේ නැහැ නේද? මට ඔබ ගෙවන ජීවිතේ ගැන ගොඩක් දුකයි “

මේ ප්‍රකාශය තරමක් සැර වැඩි නිසා මම මොහොතකට නැවතුනා. මගේ සැමියා මට ආදරය නැහැ කියන්නේ බරපතල කථාවක්. මේ ලෝකයේ මම මගේ මුළු ජීවිතයම කැප කරපු මිනිසා මට ආදරය නැහැ කියල අපේ විවාහයෙන් බාහිර කෙනෙක් කියනවා. එම නිසා මම ඇයගෙන් නැවත විමසුවා.


fb- like-beg

∗ ඔබ එහෙම කියන්න හේතුව මොකද්ද?

ඇගේ පිළිතුර වුණේ මම මගේ face book පිටුවේ ක්‍රියාකාරකම් එයට හේතුවක් බවයි. ඇයට අනුව මම කිසිදිනක මගේ ස්වාමියා වෙනුවෙන් විශේෂ යමක් පිළියෙළ කරන්නේ නැහැ. මගේ සැමියා මගේ උපන් දිනේටවත් අඩුම තරමින් මට සුබ පතන්නේවත් ත්‍යාගයක් දෙන්නේවත් නැහැ. ඒ වගේම අපි දෙන්නා කිසිම දවසක නිවාඩුවකට එලියට යන්නෙත් නැහැ.

මේ විකාර කතාව ඇහුව මට සිනාව නවතා ගන්න බැරිව ගියා. ඇය සිතන්නේ FB පිටුවේ සියල්ලම නොදමන නිසා අප මේ දේවල් ඇත්තටම කරන්නේ නැහැ කියල. මම අයට පිළිතුරු දුන්නා මම ඔහු වෙනුවෙන් විශේෂ ආහාර පිළියෙළ කරන්නේ අවුරුද්දකට දවසක් නෙවෙයි හැම දවසකම කියල. එම නිසා විශේෂයෙන් බුකියේ පෙන්වන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම උපන්දිනේට ගෙදර ඉන්න ඔහු සිපගෙන පුද්ගලිකව සුබ පතන්න පුළුවන් කමක් තියෙද්දී මට නම් තේරුම් ගන්න බැහැ මොන හේතුවකට FB එකෙන් ඔහුට සුබ පතනවද කියල. ඒ වගේම අපි යන පුද්ගලික ගමන් බිමන් ගැන FB එකේ දමන්නේ මොකටද කියල.


∗ ජීවිතයේ මගහැරෙන මිහිර

අද සමාජයේ තරුණියක් සහ තරුණයෙක් විවාහ වන්නට පෙර සිටම තමාගේ පුද්ගලික ජීවිතයේ සියලුම දේවල් FB එකේ පල කරනවා. මේක තරමක් දුරට විලාසිතාවක් වෙලා. මේ නිසා පවුල් ජීවිතයේ සතුට කොතරම් මගහැරෙනවාද බලන්න. ජීවිතයක මිහිරිම අත්දැකීම ඔබේ පවුලේ අය සමග බෙදා ගන්නා සුන්දර හෝරාවන් විඳගන්න මානසික විවේකයක් නැති වෙනවා.

හෝටලයකින් කනවා නම් ඉස්සෙල්ලම කරන්නේ ෆොටෝ එකක් අරගෙන FB දාන එක. එතැන් පටන් likes , comment ගැන බලනවා මිසක් දෙන්නට ආහාර ගන්නට, සුන්දර ලෙස ආදරණීය කථාවක් කරන්නට වේලාවක් නැහැ.

බිරිඳගේ හෝ සැමියාගේ උපන්දිනය නිදහසේ දෙන්න එකතු වෙලා ආදරණීයව ගෙවන්නේ නැතුව ඒ පුද්ගලික දේවල් FB එකේ යද්දී උපන්දිනයේ වැදගත්කම ගිලිහෙනවා. ඒ වෙලාව බෙදා ගැනීම පසෙක තියල විස්තර විකාශය පටන් ගන්නවා.

බොහෝ තරුණ අඹු සැමියන් අතර පවතින මතබේද කාරී හැසිරීම් වලට එක හේතුවක් ලෙස මම දකින්නේ එකිනෙකා වෙනුවෙන් කාලයක් නැති වීමයි.


∗ ආරක්ෂාවට හොඳද?

ඔබ කිසියම් තැනකට check – in වෙද්දීම ඒක FB එකේ දාන එක කොතරම් භයානක ප්‍රතිපලයක් වුණත් අත් කර දෙන්න පුලුවන්. ආහාරයකට වස විසක් මුසු කරන්නට බලා ඉන්න කෙනෙක්ට පහසු ඉඩක් සැලසීමක් වෙන්න පුලුවන්. ඔබේ නිවසට හොරෙන් පනින්න ඉන්න හොරුන්ට ඔත්තු සැපයීමක් වෙන්න පුලුවන්. දරුවට ඇහැ ගහගෙන ඉන්න ළමා අපචාරකයෙක්ට කරන ආරාධනාවක් වෙන්න පුලුවන්. එම නිසා ඔබ යන එන තැන් ගැන FB දාද්දි තරමක් පරිස්සම් වීම නුවනට හුරුයි. පිට රටකට ගියපු ගමන්ම #holyday#feelingloved#with#hubby දාන්නේ නැතුව ගමන ගිහින් ඇවිත් ෆොටෝ දැමීම වඩා ආරක්ශාකාරියි නේද? මොකද ඔබ එද්දී හොරු ගෙදර සුද්ද කරලා තිබෙන්නත් පුලුවන්.


∗ ජයග්‍රහණය මිස සැලසුම් එලි කරන්න එපා

ඔබ කිසියම් ව්‍යාපාරයක් පටන් ගන්න හදන්නේ නම්, ගෙයක් හදන්න යන්නේ නම්, ඔබේ සිහින කාරය ගන්න යන්නේ නම් ඔබේ සැලසුම් FB එකේ ලිවීමෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. බොහෝ මිනිස්සු අපට වැරදෙනකම් ඉඳල හිනා වෙන්න බලන්නේ. ඒ වගේම ඔබේ සැලසුම් වලට අකුල් හෙලන්නට තමයි බහුතරය හිතන්නේ. ඒක නිසා ඔබේ අරමුණු, සිහින සේරම පොතක ලියල ඔබේ ඇඳ උඩ තියා ගන්න. නමුත් මුහුණු පොත කියන්නේ එයට සුදුසු පොතක් නෙවෙයි. අරමුණට ලඟා වුනහම අවශ්‍ය නම් මුහුණු පොතේ පල කරන්න පුලුවන්.


∗ අනුන් ඉදිරියේ විහිළුවක් වීම

ඔබට සැමියා සමග රණ්ඩුවක් ඇත්නම් ඔහුට වදින්නට ඇනුම්පද කියන්නට, ඔහුට ආදරය ප්‍රකාශ කරන්නට, ඔහු වෙනුවෙන් යමක් කියන්නට FB වෝල් එක කියන්නේ නිසි මාධ්‍යක් නෙවෙයි. එයට ගෙදර හෝ දුරකථනය මාධ්‍යක් විය යුතුයි. ඔහුට පෙනෙන්න quotes FB දානවා කියන්නේ ඔබ අන් අයටත් ප්‍රසිද්ධියේ කියනවා ඔබේ මානසික තත්වයන්.

“අම්මෝ අන්න අරය ආයෙත් වලියක් දාගෙන වගේ..දැක්කේ නැද්ද දාල තිබ්බ quote එක” වගේ ඕපදූප කතා වලට නිකරුනේ ගොදුරක් වෙන්න එපා.

SHARE

NO COMMENTS

LEAVE A REPLY