මේ දේවල් නිකමටවත් අනුන්ගෙන් අහන්න එපා

පේ ලංකාවේ ග්‍රාමීය සංස්කෘතිය ඉතාම සුහදයි. එකිනෙකාට උපකාර කරන සුලුයි. නමුත් ග්‍රාමීය ජීවිතෙන් ඉවත් වෙලා නගරවල වාසය කරත් බොහෝ දෙනෙක් තවමත් තමන්ගේ ග්‍රාමීය වටිනාකම් ( හොඳ සහ නරක) පවත්වාගෙන ඉදිරියට යනවා. එකිනෙකාට නිකන් ඔහේ දේවල් ප්‍රකාශ කිරීම ( ඔවුනගේ පුද්ගලික ජීවිතේට අදාළ) එයින් එක් නරක සිරිතක්. සාමාන්‍ය කාන්තාවෝ ඒ අයුරින් කතා කරාට goodhousekeeping.lk කියවන ඔබ නිකරුනේ දේවල් කියල සමාජයේ අපකීර්තියට පත් වෙනවට අපි සතුටු නැහැ. ඒ නිසා මේ දේවල් කියවල ඔබේ මුවෙන් අනුන්ට පිටවෙන වචන ගැන සැලකිලිමත් වෙනවා නම් අපූරුයි.

වරෙක මගේ මිතුරියක් බොහොම අපහසු තාවයකට ලක් වුණා. කාර්යාලයට අලුතින් පැමිණි විදේශික තරුණියකට (අපිට කරනවා වගේම) ගුණ දොස් පෙන්වන්න ගිහිල්ල. මේ තරුණියගේ සුදු මුහුණේ තරමක විශාල කුරුලෑ බිබිලක් හටගෙන තිබුණා. මගේ යෙහෙළිය දැක්ක ගමන්ම …

“ My god Maddy you got a bad pimple “ ( දෙවියනේ මැඩී ඔබේ මුහුණේ විශාල කුරුලෑවක් ඇවිත්) කියල කිවුව.
මෙයින් බොහොම කෝපයට පත් වුන සුදු ජාතික තරුණිය හැමෝම ඉදිරිපිට “ padmaa that is none of your business” ( පද්මා ඒකෙන් ඔබට වැඩක් නැහැ) කියල පිළිතුරු දුන්නා.
ඇයට කට වසා ගන්න සිද්ධ වුණා.

ලාංකික අපි විශේෂයෙන්ම කාන්තාවෝ නිකන් කාන්සියට කිසිම නරක හිතක් නැතුව මිතුරියන්ට පොදුවේ කියන දේවල් කීපයක් තිබෙනවා. මේ දේවල් නිකමටවත් අනුන්ගෙන් අහන්න එපා. එය ඔවුනට වගේම ඔබටත් හානිදායකයි.


fb- like-beg

1) කවදද කසාද බඳින්නේ?

ගොඩක් අයට තිබෙන ලොකුම ප්‍රශ්නයක්. ඉගෙන ගෙන ඉවර වුණා නම් කසාද බැඳිය යුතු බවත් නැත්නම් ඒක හරියට සමාජයට ලොකු අපරාධයක් වගේ තමයි ගොඩක් අය සලකන්නේ. විවාහය කියන්නේ කඩෙන් බඩුවක් ගන්නවා වගේ පහසුවෙන් කළ හැකි දෙයක් නෙවෙයි. එක එක මනුස්සයාගේ ජීවිතේ හැටි විව්ධයි. මනෝ භාවයන් විවිධයි. ඉතින් කෙනෙකුට පුළුවන් විවාහ වෙන්නත්, නොවෙන්නත්, විවාහ නොවී සම්බන්ධ කමක් තියා ගන්නත්, එකට ජීවත් වෙන්නත්. ඔවුනගේ ජීවිතේ පුද්ගලික තීරණ මගින් කාටවත් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හදවතේ තුවාලයක් ඇති කෙනෙක්ගේ හිත ගැඹුරෙන් පෑරෙන්න පුලුවන්. අපි හැම විටම කට අරිද්දි අනික් මනුස්සයාගේ පුද්ගලිකත්වයට ගරු කළ යුතුයි.


2) තාම බබාලා නැද්ද

මනුස්සයෝ දෙන්නෙක් විවාහ වෙන්නේ දරුවෝ ලබන්නම නෙවේ. ඔබට අහන්න අයිතියක් නැහැ ඔවුන්ගේ පුද්ගලික තීරණයක් ගැන. දරුවෙක් හැදීම කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ලොකු වගකීමක්. සමහර විට ඔවුන් ආර්ථිකය ශක්තිමත් වෙනකම් ඉන්නවා ඇති. නැත්නම් කිසියම් සෞක්‍යමය ආබාධයක් ඇති. එහෙම නැත්නම් ඔවුනට ඇත්තටම උවමනා නැතිව ඇති. හේතුව කුමක් උනත් ඔබට අයිතියක් නැහැ ඒ පිළිබඳව නිගමන වලට එන්න.

බොහෝ විට පවුලේ ඥාතීන් තමයි මේ විදිහට මැදිහත් වෙන්නේ. දරුවෝ හදන්න අකමැති නම් මම අහල තිබෙනවා ඇතැම් වැඩිහිටි ගැහැණු බනිනවා. “ අපෝ මෙයාලට විනෝදේ විතරයි. පුදුම මූසල ගැහැණු… ඔය රූපේ අවලස්සන වෙන නිසා දරුවෝ හදන්නේ නැහැ “ වගේ දරුණු වචන කියන අයත් ඉන්නවා. මෙවැනි දේවල් විශාල ප්‍රශ්න වලට මග පාදනවා. ඇතැම් විට සියදිවි නසා ගැනීම් වලට පවා මේ දරුවෝ නැති කතාව හේතුවක් වෙනවා.


3) ඔයා මහත් වෙලා / අනේ මෙයාගේ කෙට්ටු.

අපි ඕනෙම කෙනෙක් ලස්සනට නිරෝගීව ඉන්න කැමතියි. කවුරුත් තමන්ගේ කැමැත්තෙන් හිතල මහත හරි කෙට්ටු හරි වෙන්නේ නැහැ. ඒ ශරීරය පවතින හැටි. ඔවුන් නොදන්නේ නැහැ තමාගේ ශරීරය මහතයි හෝ කෙට්ටුයි කියල. ඔබේ මේ අනවශ්‍ය කට ඇරීමෙන් වෙන්නේ ඒ පුද්ගලයාගේ ආත්ම විශ්වාසය පළුදු වෙන එකම විතරයි. අනේ “ඔයාගෙ ඇඟ ලස්සනයි” කියන වචනේ ඇරෙන්න අයහපත් දේවල් මිනිස්සුන්ට වැරදීමකින් වත් කියන්න එපා. ඒක බොහොම නපුරු ක්‍රියාවක්.


4) බබා කලුයි නේද?

කාගෙ හරි ශරීරෙ පාටට හේතු වෙන්නේ ඔහුගේ ඇයගේ ශාරීරික තත්වය. ඔබ සඳහන් කරා කියල පාට වෙනස් කර ගන්න ඔවුන් කටුස්සෝ නෙවෙයි. අපේ රටවල යටත් විජිත මානසිකත්වය නිසා සුදු හොඳයි කළු නරකයි වගේ හැගීමක් තිබෙනවා. නමුත් බටහිර රටවල නම් හැම වර්නයකම අයට එක වගේ සලකනවා. ඒ වගේම ධනාත්මක කථාවක් නැත්නම් කිසිවක් නොකියා කට වසාගෙන ඉන්න එක බොහොම ශීලාචාරයි නේද?


5) මූණ පුරාම කුරුලෑ ඇවිත් / ඔයාගේ බෙල්ල කළු වෙලා.

ඔබ හිතනවද අදාළ පුද්ගලයා තමන්ට ඇති රෝගීකම දන්නේ නැහැ කියල. ඔහු / ඇය දන්නවා වගේම ඒකෙන් ගොඩක් දුක් වෙනවා. ඒ අතරේ ඔබත් ඔවුන්ගෙන් අහල සිත රිදවන්න ගියොත් එය ඉතාම ලොකු ප්‍රශ්නයක් වෙනවා. මම නම් මගේ යාළුවො මෙවැනි පොඩි දේවල් ගැන දුකෙන් ඉන්නවා නම් විහිළුවකින් පිළිතුරු දෙනවා.” “වාසනාවට ඔයාට වසූරිය නැහැදුනේ , නැත්නම් මට කණක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ” වගේ. “මම නම් එහෙම කළුවක් දැක්කේ නැහැ. ඔයාගේ මනස්ගාත ..ඕනේ නම් දොස්තර කෙනෙක් ලඟට යමු “ වගේ කතාවකින් හිත සැනසීමයි කළ යුත්තේ.


6) තාම රස්සාවක් කරන්න අදහසක් නැද්ද?

හැමෝටම රැකියා කරන්න බැහැ. සමහරු සාර්ථකයි. සමහරු අසාර්තකයි. මොකක් වුණත් ඔබට ඔවුනට රක්ෂාවක් දෙන්න බැරි නම් ඒ ගැන අහල වැඩක් නැහැ නේද? ඔවුනගේ ආහාර පාන දීම ඔබ නොකරන තාක් මේ ගැන අහන්න ඔබට අයිතියක් නැහැ.

SHARE

NO COMMENTS

LEAVE A REPLY