විනාඩි පහේ Breakfast රෙසීපිස්..

ඩුම කාලයකින් ගුණම Breakfast එකක් හදා ගන්නේ මෙහෙමයි.

දවසේ වැදගත්ම ආහාර වේල මොකද්ද කියල ඔබේ ඇහුවොත් උදේ ආහාරය කියන්න ඔබ දන්නවා. උදේ ආහාරය නිසි පෝෂණයෙන් යුක්තව ගත්තහම ඔබේ මුලු දවසම කාර්යක්ෂමව ගත කරන්න පුලුවන්. හැබැයි වෙලාව නැතිකම නිසා අපි බොහෝ දෙනෙක් උදේ ආහාරය මග හරිනවා. එකෙන් ශරීරයට වෙන හානිය ඉහළයි. ඒ වගේම හදන්න වෙලාවක් නැතිකම නිසා කඩේ තියන මොනවා හරි කන එක සුදුසු නැහැ. උදේ ආහාරය නිසි ලෙස ගන්න තියන වෙලාව වගේ බාධාවන් ගැන සලකලා ඔබේ යහ පැවැත්ම වෙනුවෙන් ඇත්තටම වද වෙන Goodhousekeeping.lk කණ්ඩායම ඔබට පහසු ඉතාම රසවත් ගුණවත් ආහාර වර්ග කීපයක් හඳුන්වලා දෙන්න තීරණය කළා.

fb- like-beg


01) චීස් බිත්තර සැන්විච්

බිත්තර එකක් හෝ දෙකක් තම්බන්න. හොඳින් තැම්බූන බිත්තර කටු ඉවත් කර බෝල් එකකට දමන්න. එයට ලුණු ස්වල්පයක්, ගම්මිරිස් ස්වල්පයක් බටර් ස්වල්පයක්, චීස් ස්වල්පයක්, තියෙනවා නම් අබ ක්‍රීම් (mustard creem සුපිරි වෙළඳ සල් වලින් මිලදී ගත හැක) එකතු කර ගෑරුප්පුවකින් හොඳින් මිශ්‍ර කරන්න. පාන් පෙති වල තවරලා කෙලින්ම ආහාරයට ගන්න වගේම ටෝස්ටරේ දාල ටෝස්ට් කර ගන්නත් පුලුවන්. වෙලාවක් තියනවා නම් ළූණු පෙති කීපයක්, මිරිස් කරලක්, තක්කාලි ගෙඩියක් කපල දැම්මොත් වඩා හොඳයි. නැත්නම් නිකන් කන්නත් පුළුවන්. ඔබට පහසු හැටියට. නමුත් ගුණයෙන් අනූනයි.


02) කඩල තෙම්පරාදු

කඩල හදන්න කලින් දවසේ රාත්‍රියේ මෙලෙක් වෙන්න වතුරේ ගිල්වලා තියන්න. උදේම කඩල අරගෙන pressure cooker එකේ තම්බන්න යන්නේ විනාඩි පහක් වගේ කාලයක් විතරයි. ඉන්පස්සේ තෙල් ස්වල්පයක් pan එකකට දාල ලිපේ තියල කරපිංචා කොළ ටිකක්, වෙලාවක් ඇත්නම් ගාපු පොල් ස්වල්පයක් , කෑලි මිරිස් ටිකක්, කූනිස්සෝ කරවල ස්වල්පයක් ඒ තෙල් භාජනේට දාල කඩල ටික තෙම්පරාදු කරගන්න. පදමට ලුණු ටිකක් එකතු කරන්න. ඉතාම රසවත් , ගුණවත් උදේ ආහාරයක් හැදේවි.


03) ඕට්ස් සීරියල්

සුපර් මාකට් එකේ තියන ඕට්ස් ටින් එකක් ගේන්න. ඕට්ස් කෝප්ප භාගයක් භාජනෙකට දාල වතුරෙන් විනාඩි දෙකක් විතර හැඳි ගාමින් තම්බන්න. ඊට පස්සේ ඒකටම සීනි ස්වල්පයක්, කිරි කෝප්පයක්, වියළි මිදි, ස්ට්‍රෝබෙරි, කෙසෙල් ගෙඩි වගේ ඔබ කැමති ඕනෙම පලතුරු කෑලි වලට කපල එකතු කරන්න. හරිම පහසුයි. රසයි. ගුණයි.


04) චීස් නිවිති කප් කේක්/ ඔම්ලට්

ලොකු නිවිති කොළ කීපයක් අරගෙන හීනියට කපන්න. ඒකට ළූණු ගෙඩියක් මිරිස් කරලක් කැමති නම් කපල එකතු කර ගන්න. බිත්තර දෙකක් අරගෙන හොඳට ගහල එයට කැපුව දේවල් සේරම එකතු කරලා නැවත මිශ්‍ර කරන්න. එයට පදමට ලුණු එකතු කරන්න. දැන් කෝප්පෙක දාල උඩින් චීස් එකතු කරලා විනාඩියක් විතර microwave කරන්න. නැත්නම් ඔම්ලට් එකක් වගේ pan එකක අතුරලා හදා ගන්න.


05) කස කසා ( Chia Seed) කෙසෙල් ගෙඩි පුඩිම්

අපි ෆලූඩා වලට දාන කස කසා ඇට කියන්නේ විටමින් සහ ඛනිජ ලවණ වර්ග පිරුණ ආහාරයක්. එහි කිරි වලට වඩා හය ගුණයක් කැල්සියම් අඩංගුයි. රාත්‍රියේ කෙසෙල් ගෙඩි කීපයක් කපන්න. එයට රටකජු බටර් එහෙමත් නැත්නම් ( peanut butter) කස කසා ඇට එකතු කරලා සියල්ලම එකට සම්බන්ධ වෙන්න කිරි වක්කරන්න. ශීතකරණයේ දමා උදේ ආහාරයට ගන්න. විනාඩි දෙකයි. සමබල ආහාරයක්.


මේ හැම දෙයක් එක්කම ඇපල් ගෙඩියක් නැත්නම් දොඩම් වීදුරුවක් එකතු කර ගන්න අමතක කරන්නත් එපා. යෝගට් එකක් උනත් හැමදාම උදේට කන එක ගොඩක් වැදගත්.

SHARE

NO COMMENTS