ඔබටත් මාස් ශුද්ධිය කාලේදී තරහා යනවද?

මොකද්ද මේ PMS ( Premenstrual Syndrome) කියන්නේ?

සරු වයසේ ඉන්න කාන්තාවන් බොහොමයක් මුහුණ දෙන තත්වයක් තමයි මාසික ශුද්ධ වීමට දින කීපෙකට පෙර මානසික තත්වය මදක් වෙනස් වීම. මේක ලොකුවට පෙනෙන්නේ නැහැ. නමුත් ඔබට දැනෙනවා ඇති නොරුස්සන ස්වභාවයක්, තරහක් ඒ වගේම නිකන් හැම දෙයක්ම එපා වෙන ගතියක්. උදාහරණෙකට සාමාන්‍ය ජීවිතේ ඔබ ඔබේ බල්ලට ඉතාම ආදරේ වුණත් මේ දවස් වලට බලල බිරුවොත් වැඩි තරහක් ඔබට නැගෙනවා ඇති.

හොඳින් හිතල බලන්න ඔබේ පෙම්වතා නැත්නම් සැමියා එක්ක රණ්ඩු ඇති වීම බොහෝ විට සිද්ධ වෙන්නේ මේ කාලේදී කියල ඔබට වැටහේවි. මේ තත්වය පවුලේ හැමෝම වටහා ගැනීම ගොඩක් හොඳයි. තමන් මේ දවස් වලට ස්වභාවිකවම වෙනස් බව තේරුම් ගත්තහම ඉවසීමෙන් ගැටම් , ප්‍රශ්න අඩුවෙන් මේ දින කීපය ගෙවල දමන්න පුලුවන්. ඒ වගේම ඖෂධ සහ ජීවන රටාවේ වෙනස් කම් ඇති කර ගැනීම මගින් මේ තත්වය බොහෝ දුරට අවම කර ගන්න හැකියාවක් තිබෙනවා.

fb- like-beg


PMS වලට හේතුව මොකද්ද?

මෙයට හේතුව හරියටම කියන්න බැරි වුණත් වෛද්‍යවරු විශ්වාස කරනවා මේ මානසික සංකූලතා වලට හේතුව හෝර්මෝන වල ඉහළ සහ පහළ යාම කියල. කාන්තාවකගේ මාසික ආර්තවය එහෙම නැත්නම් අපි කියන විදිහට පීරියඩ්ස් අවසාන වෙද්දී ඉස්ට්‍රජන් ( estrogen) හෝර්මෝනය ශ්‍රාවය වීම හෙමින් වැඩි වෙන්න පටන් ගන්නවා. සති දෙකකින් එය උපරිම මට්ටමට එනවා. ඉන් පසුව ඉතාම ශීග්‍රයෙන් පහළ බහිනවා. නැවත වරක් හෙමින් වැඩි වෙනවා. මාස් ශුද්ධ වීම පටන් ගද්දි නැවත පහළ යනවා. මේ හෝර්මෝන ශ්‍රාවය වීමේ වෙනස්වීම අවේග වලට හේතුවක් ලෙස විශ්වාස කරනවා.


PMS සමනය කරන ප්‍රතිකාර :-

∗ ව්‍යායාම කිරීම
ඇවිදීම, සයිකල් පැදීම, පිහිනීම වැනි ව්‍යායාම වල නිරත වීමෙන් ඔබේ අවේග පාලනය වෙලා මානසික ස්ථාවර භාවයක් ඇති වෙනවා. සතුට දනවන හෝර්මෝන ශ්‍රාවය කිරීම ඔබේ මොලය මගින් සිදු කරනවා. ව්‍යායාම මගින් ශක්තිය ඉහල යාම වගේම උදරයේ වේදනාවත් සමනය කරනවා. ඒ නිසා ව්‍යායාම වල නිරත වීම ගොඩක් වැදගත්.

∗ කුඩා ප්‍රමාණ වලින් ආහාර වේල් කීපයක් ගැනීම
ඔබේ රුධිරයේ සීනි මට්ටම නියත අගයකින් තබා ගැනීම මේ කාලයේදී ගොඩක් වැදගත්. විශාල අහාර වේල් මගින් ඇති වෙන අධික කාර්බෝහයිද්‍රේට් මට්ටම රුධිරගත සීනි ප්‍රමාණය වැඩි කරනවා. ඒ වගේම සීනි මට්ටම අඩු වුණොත් එයත් මානසික අවපීඩනයට හේතුවක් වෙනවා. ඒ නිසා දවසට කුඩා ආහාර වේල් හයක් එන විදිහට කඩල ආහාර ගැනීම වැදගත්.

∗ කැල්සියම් බහුල ආහාර ගැනීම
කිරි , කුඩා මාලු වැනි කැල්සියම් වැඩි ආහාර ගැනීමෙන් මෙම දිනවල මානසික තත්වය යහපත් අතට හැරෙන බව පර්යේෂණ මගින් හෙළි වී තිබෙනවා

∗ කැෆේන් , මත්පැන් සහ පැණිරස වලින් ඉවත් වන්න
කෝපි වැනි පාන වර්ග , පැණි බීම වර්ග, සහ මාත් පැන් වලින් වැළකීමෙන් මෙම දිනවල ඇති වෙන පීඩාකාරී බව ගොඩක් සමනය වෙනවා.

∗ වෛද්‍යවරයෙක් හමු වීම
ඉහත සඳහන් කළ කාරණා පිළිපැදල තව දුරටත් මේ තත්වය ඉතාම වැඩි මට්ටමකින් තිබේ නම් වෛද්‍ය වරයෙක් හමු වීම තමා සුදුසුම. එවිට ඔහු ඔබට ඖෂධ මගින් යම් සහනයක් ලබා දේවි.

SHARE

NO COMMENTS