විවාහ උත්සවය සැලසුම් කරද්දී සල්ලි සම්බන්ධයෙන් දෙන්නා අතර ඇතිවෙන රණ්ඩු 7 ක්

හා ලොකු වියදමක් යන කටයුත්තක් ගැන තීරණ ගන්න එක ලෙහෙසි නැහැ. වෙඩින් එක කියන්නේ ජීවිතේටම එක පාරක් ගන්න හිතන උත්සවයක්. අනික යාලුවෝ හැමෝම ලස්සනට කරද්දී එහෙම නොකරත් බැහැ. ඉතින් ජීවිතේ පලවෙනි වතාවට වෙඩින් එක සැලසුම් කරද්දී පෙම්වතුන් අතරේ පොඩි පොඩි මත ගැටුම් ඇති වෙනවා. කලබල වෙන්න එපා. සාකච්චා කරන්න. කැප කිරීම් කරන්න. අමතක නොකළ යුතු දේ තමයි ඔබ දෙදෙනාගේ බලාපොරොත්තුව දවස අවසානයේ ලැබෙන සතුට බව.

ඒ වගේම වෙඩින් එකෙන් පස්සෙත් මුදල් සම්බන්ධව රණ්ඩු , මත ගැටුම් ඇති වේවි. හැම විටකම එවුවා ජීවිතේ කොටස් බව මතක තබා ගෙන සන්සුන්ව විසදා ගත යුතුයි.

fb- like-beg


1) වැයවන මුදල කීයද?

විවාහ උත්සවයක් සැලසුම් කරද්දී පළමුව තීරණය කර ගත යුතු දේ තමයි කොපමණ මුදලක් වැය කරන්නට හැකියිද කියන එක. ඔබට අවශ්‍ය ඇති මිලියන පහක පමණ මුදලක් වැය කරන්නට. නමුත් සමහරවිට ඔබේ පෙම්වතා දකින්න පුලුවන් එතරම් වියදමක් කිරීම අවශ්‍ය නැති බවට. එක වරම ඔහුට දෝශාරෝපණය කරන්නට යන්නේ නැතුව පැහැදිලි කරන්න ඇයි එතරම් වියදමක් කරලා මේක කළ යුත්තේ කියල. ඔබේ සමාජ තත්වය අනුව ඔබට අඩු මිලකින් විවාහය ගැනීමට නොහැකි ඇති, නැත්නම් දෙමාපියෝ බල කරනවා ඇති ලොකු උත්සවයක් ගන්න කියල. මොකක් වුණත් ඔහුට පැහැදිලි කරලා දීල ඔබේ මතයත් ඔහුගේ මතයත් සලකලා දෙක අතර ගණනකට තීන්දු කර ගන්න. එතකොට දෙන්නටම සතුටුයි.


2) කවුද ගෙවන්නේ ? මොකටද ගෙවන්නේ?

මෙතැනදී කවුරු කාට ගෙවන්නද කියල නීතියක් නැහැ. වෙන පිළිවෙලක් නැහැ. වැඩියෙන් මුදල් ඇති සහ උපයන කෙනා වැය කිරීම තමයි හරි ක්‍රමය වෙන්නේ. ඔබ යන්නේ රියලිටි තරඟයකට නෙවෙයි. විවාහය කියන්නේ තරඟ කාරයෝ අතරේ ඇති වෙන ගැටුමක් නෙවෙයි. විවාහය කියන්නේ ඔබ පෙම් කරන පුද්ගලයා සමග ජීවිතය සදහටම බැඳ දමන ආදරණීය දවසක්.


3) ප්‍රමුඛතාවය දෙන්නේ මොනවටද?

අද කාලෙ විවාහ වලට අපේ දෙමාපියන්ගේ කාලෙට වඩා ගොඩක් නව අංග එක් වෙලා. මොකක් අයින් කරන්නද , මොකක් තියා ගන්නද කියන එක ගැටලුවක්. උදාහරණෙකට ඔබ දෙදෙනා උදේ ඇඳගෙන සිටි ඇඳුම පිටින්ම පිටත් වෙනවද නැත්නම් වෙනත් going away dress එකක් අඳිනවද කියන එක තීරණය කළ යුතුයි. ඒ වගේම දෙවන මනමාලියෝ , මනමාලයෝ කී දෙනෙක් ගන්නවද කියන එක තීරණය විය යුතුයි. පිටත් වෙන්නේ හෙලිකොප්ටරයකින්ද නැත්නම් ලිමෝසීන් එකකින්ද කියල තීරණය කළ යුතුයි. වෙස් නැට්ටුවෝ ගන්නවද නැත්නම් නිකන් නර්තන කණ්ඩායමක් ගන්නවද කියල තීරණය කළ යුතුයි.

ඔබට වැදගත් දේ ඔහුට වැදගත් නොවෙන්න පුලුවන්. ඔබ ඉතාම ඉහල මිලකින් යුතු සාරියක් තෝරද්දී ඔහු සාරිය අඩුවට අරගෙන ඔහුගේ මිත්‍රයන්ට නටන්න, විනෝද වෙන්න හොඳම බෑන්ඩ් එකක් තෝරාවී. හිත කලකිරවා ගන්න එපා. ඔහුව වටහා ගන්න. ඔහුගේ මතයත් ගරු කරන්න. දෙකම වෙන විදිහට විසඳගන්න පුලුවන්.

ඔහු කියනවා නම් ඔබේ සාරියට එතරම් මුදලක් වැය කළ යුතු නැහැ කියල ඔබට පුලුවන් හොඳ රෙද්දක් අරගෙන දන්නා කෙනෙක් ලවා වැඩ දමා ඉතාම මිල අධික සාරියක් වගේ නිමාවක් පහසු මිලකට කරගන්න. මේ වගේ දේවල් වලදී තරමක් නිර්මාණශීලීව හිතීම වැදගත් වෙනවා.


4) කාගෙ අමුත්තෝද වැඩියෙන් එන්නේ?

වැඩියෙන් අමුත්තෝ එනවා කියන්නේ ලොකු ඉඩක්, වැඩියෙන් වෙඩින් කේක්, වැඩියෙන් ආහාර සහ වැඩි මහන්සියක්. හැම දේටම යන වියදම සලකා බලන්න ඕනේ. ඔබේ පවුලේ විශාල ගණනකුත් ,ඔහුගේ පවුලට සහ මිතුරන්ට අඩුවෙනුත් ගණන් හදන්න එපා. දෙදෙනාටම සමව අමුත්තෝ ලැබෙන විදිහට අමුත්තෝ ගණන තීරණය කර ගන්න.


5) ජීවිතේ විඳින්න සල්ලි තියනවද?

විවාහය කියන්නේ ජීවිතේ පටන් ගැනීම විතරයි. තව ලොකු ලොකු වියදම් ගොඩක් මග එනවා. ගෙයක් හදන්න. දරුවෝ ලබන්න. කාර් එකක් ගන්න. තව කොච්චර දේවල් තියනවද? ඒ දේවල් වලටත් සල්ලි ඉතුරු වෙන විදිහට වෙඩින් එක සැලසුම් කර ගැනීම දෙන්නම කතාබහ කරලා කළ යුතුයි. නැත්නම් විවාහයෙන් පස්සෙත් සල්ලි ප්‍රශ්න වලදී රණ්ඩු වෙද්දී ඔහු ඔබට කියාවි “ඔයාගේ මහා ලොකු වෙඩින් එක නිසා තමයි මේ සේරම වුණේ” කියල.


6) වැඩියෙන් වැදගත් වෙඩින් එකද නැත්නම් හනි මූන් එකද?

සමහර අයට වෙඩින් එක වැදගත්. සමහරුන්ට හනිමූන් එක වැදගත්. මොකක් නමුත් පළමුව ඔහුට වැදගත් මොකද්ද කියල දැන ගන්න. ඉන් පසුව ඔබට වැදගත් දේත් ඔහුට කියන්න. දෙන්නම තීරනේකට එන්න මොකද්ද වඩා හොඳින් කරන්නේ කියල.


7) යාලුවන්ගේ උත්සව එක්ක සංසන්දනය කිරීම

මෙන්න මේක තමයි රණ්ඩු වලට ලොකුම හේතුව. මේක ඔබේ උත්සවය බවත් මෙය ගත යුත්තේ ඔබට අවශ්‍ය විදිහට බවත් ඔහුට හොඳින් තේරුම් කරන්න. ඒ වගේම ඔබත් අනුන්ගේ උත්සව එක්ක සංසන්දනය කිරීමෙන් වලකින්න. ඔවුන් විසින් නිර්දේශ කරන කට්ටිය ලඟට විතරක් යන්න එපා. උදාහරණෙකට ඔබේ යාළුවගේ පෝරුව හදපු කෙනා ළඟටම ඔබත් යා යුතු නැහැ. අදාළ design එක අරගෙන තැන් කීපෙකින් මිල ගණන් විමසන්න. හොඳම මිල සහ ගුණාත්මක බව අනුව කොතනින් කර ගන්නවද කියන තීරණය අර ගන්න.

SHARE

NO COMMENTS