රැකියාවට යන අතරේ ගෙදර පිරිසිදුව තියා ගන්න හැටි

පේ රටේ සැමියා , බිරිඳ දෙන්නම වැඩට යන ගොඩක් ගෙවල් පිළිවෙල නැහැ. රෙදි තැන තැන දාල. සාලේ සපත්තු ගලවලා. අමුත්තෙක් ආවොත් ඔබත් ලජ්ජාවට පත් වෙනවද? රැකියාවක් කරන අතරේ දරුවන්ගේ පාසල් වැඩ , උයන පිහන වැඩ අතරේ ගෙයක් පිරිසිදුව පිළිවෙලට තියා ගැනීම කියන්නේ ඇත්තටම අමාරු කාරණාවක්. පවුල කොතරම් පුංචි වුණත් ඇත්තටම ඒක ලොකු වැඩක්.
මේ අවුල ලිහන්න පහත දැක්වෙන උපදෙස් ටිකක් ප්‍රයෝජනවත් වේවි. පවුලේ වැඩියෙන්ම හැඩි කරන සාමාජිකයෝ අනුව පෙලගස්වලා බලමු.

fb- like-beg


දරුවෝ

පිළිවෙලට තියන නිවසක් පැය කීපෙකින් අනික් පැත්ත ගහන්න නම් පොඩ්ඩෝ හරිම දක්ෂයි. ගන්න දේවල් හැම තැනම අතහරින එක සහ පාසල් ඇරිලා ඇවිත් ඇඳුම් සාලේ ගලවල දමන්න මේ ගොල්ලෝ හරිම කැමතියි. දවසම වැඩ කරලා මහන්සියෙන් ගෙදර එන අම්ම කෙනෙකුට ගෙදර අපායක් ලෙස තිබීම කොතරම් අමාරුවක්ද කියල ඕනෙම කෙනෙකුට වැටහෙනවා.

මේක නවත්වන්න ඔබ උපක්‍රමශීලී විය යුතුයි. දරුවෝ කැමතිම හොඳ විනෝදාංශයක් බලල හොයා ගන්න. මුළු පවුලටම එකතු වෙලා සති අන්තේ කරන්න පුළුවන් දෙයක් විය යුතුයි. උදාහරණෙකට කියමු ආච්චිලගේ ගෙදර යාම, නැත්නම් පිහිනන්න යාම, පීසා කන එක වගේ දෙයක්. එතකොට දරුවන්ට කියන්න පුළුවන් සතියේ දවස් පහ ගෙදර පිරිසින්දුව තියා ගත්තොත් , නිසි දේවල් නිසි තැන තිබ්බොත් සති අන්තයේ ඔවුන්ව අර කැමතිම විනෝදාංශය කරන්න ඉඩ දෙනවා කියල.

ගෙදරත් පිළිවෙලට තියේවි. ඔබටත් විවේකයක් ලැබේවි. සති අන්තයේ පවුලේ ඔක්කොටම එකතු වෙලා සතුටින් ගෙවන්න අත්දැකීමකුත් ලැබේවි. මේ ක්‍රමය උත්සහ කරලා බලන්න.


හුරතල් සත්තු

හැම තැනම කෑම විසිරුවන, තැන තැන මලපහ කරන, ඇඳවල් පුටු උඩ නිදියල ලොම් හලන බලු තඩියෙක් හරි බළල් තඩියෙක් හරි ඔබේ පවුලේත් ඉන්නවද? එහෙමනම් ඉතින් ගෙදර ගන්න දෙයක් නැති බව මම සහතික කරන්නම්. මෙයාල ඉතින් හරිම හුරතල් නේ..වැඩ ඇරිලා එද්දී දරුවෝ වගේ ලඟට දුවගෙන එද්දී හරිම සතුටුයි. නමුත් මෙයාලව වුණත් පිළිවෙලට හදන්න පුළුවන්. අපි ගෙදර නැති වෙලාවට ඉන්න වෙනම කොටසක් හරි කූඩුවක් හරි තිබීම වැදගත්. ඒ වගේම මෙයාලට මළ , මුත්‍රා කරන්නට විශේෂයෙන් පුහුණු කරන්න පුළුවන්. සමහරු විශේෂ වැසිකිළි පවා මොවුන් වෙනුවෙන් හදනවා. ඒත් එක්කම උදේ කන්න දෙන ආහාර භාජන හවසට නිසි ලෙස හෝදන එක ඔබේ පුරුද්දක් කර ගන්න. එතකොට පිළුණු වුණ ආහාර හැම තැනම විසිරෙන්නේ නැහැ. බල්ලව සතියකට වතාවක් බ්‍රෂ් කරනවා නම් ලොම් ප්‍රශ්නේ තරමක් විසඳෙනවා.


මහත්තයා නම්..

නිදා ගන්න ගියහම හෙමිහිට කියන්න ඔබ මහන්සි වෙලා එද්දී ගේ හැඩි වෙලා නම් හිතට ලොකු පීඩනයක් දැනෙන බව. ඔහුගේ කිලුටු ඇඳුම් දමන්නට වෙනම භාජනයක් තබන්න. පාවිච්චි කරන දේවල් නිසි තැන තබන එක ගොඩක් වැදගත් බව පැහැදිලි කරලා දෙන්න. මේ දේවල් හරියට පිළිපදිනවා නම් ඔහුට කිසියම් හොඳ දෙයක් දෙන්නත් අමතක කරන්න එපා. යාළුවො එක්ක විනෝද වෙන්න එලියට යන්න දවසක් දෙන්න. ඔයාගෙ වාහනේ හෝදන එකෙන් ඔහුව නිදහස් කරන්න. නැත්නම් හොඳ හෙඩ් මසාජ් එකක් , ආදරණීය ක්‍රියාවක් ඔහු වෙනුවෙන් කරන්න. එවිට ඔහු ගෙ හැඩි කරන එක නවත්වයි.


අනික් එක තමයි පිරිසිඳු කරන එක ගෙදර අම්මගේ වගකීමක් විතරක් නෙවෙයි. හැමෝගෙම වගකීමක්. ගෙදර සැමියා, බිරිඳ, දරුවෝ හැමෝම ඒකට හවුල් විය යුතුයි. එහි අමාරු කම වටහා ගත්තහම විතරයි ඔවුන් හැඩි කිරීමෙන් වළකින්නේ. ඒක නිසා හැමෝම එකතු වෙලා පිරිසිඳු කිරීම් කළොත් හොඳයි.

SHARE

NO COMMENTS