ප්‍රබෝධමත් දවසකට උදේ ආහාර 8 ක්…

බේ දවස සාර්ථකව ගත කරන්න උදේ ආහාරය කියන්නේ වැදගත්ම සාධකයක්. මෙන්න මේ ආහාර ඔබේ උදේ වේලට එකතු කර ගත්තොත් ඔබ ප්‍රබෝධමත් වේවි. ලස්සන වේවි. කාර්යක්ෂම වේවි.

fb- like-beg


1) ඇපල්

ඇපල්වල ඇති ෆයිබර් මගින් ඔබගේ ආහාර ජීර්ණය පහසු කරයි. එහි 84% ක් ජලය අඩංගු වේ. එය ඔබට දවසට අවශ්‍ය ශක්තිය ලබාදෙන අතරම දවස පුරාම ඔබව ප්‍රාණවත්ව තබයි. දවස පුරාම ප්‍රාණවත්ව ඉන්න නම් ඔබත් අද ඉදන් ඔබේ ආහාරයට ඇපල් ගෙඩියක් එකතු කරගන්න.


2) කෙසෙල්

කෙසෙල් වලින් ඔබගේ මානසික ආතතිය අඩු කරන බව ඔබ දැන සිටියද? ශරීරය මගින් මානසික ආතතිය අඩු කරන්න නිපදවන රසායන කෙසෙල්වල අන්තර්ගත වේ. පොටසියම් වැඩි ප්‍රමාණයක් අඩංගු කෙසෙල්වලින් ඔබේ මනසට වැඩි සහනයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මීට පස්සේ මනසට සහනයක් ඕන වෙලාවට කෙසෙල් ගෙඩියක් ආහාරයට ගන්න ඔබට පුළුවන්


3) බිත්තර

එක් බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 7ක් අඩංගු වේ.පර්යේෂණවලට අනුව බිත්තර ශක්තිය වැඩි කාලයක් රඳවා තබාගන්න බව හෙළි වී ඇත. උදැසන ආහාරයට බිත්තරයක් එකතු කරගෙන දවසම ශක්තිමත්ව ඉන්න ඔබට පුළුවන්.


4) පලතුරු යුෂ

පලතුරු මගින් ඔබට දවසට අවශ්‍ය ශක්තිය මෙන්ම උද්යෝගය ද ලබා දෙයි . ඔබගේ කැමතිම පලතුරු යුෂ වීදුරුවකට යෝගට් ස්වාල්පයකුත් එකතු කර ගත්තොත් තවත් හොඳයි.


5) ඔට්මීල්

ශක්තිය බොහෝ වේලාවක් පවත්වා ගන්න මෙයත් කදිම ආහාරයකි. ෆයිබර් හා ප්‍රෝටීන් බහුල මෙය දිවීමේ යෙදෙන පුද්ගලයෙකුට නම් තවත් වැදගත් වේ. පළතුරු එකතු කර ගැනීමෙන් මෙහි පෝෂණ ගුණය තවත් වැඩිකර ගත හැක.


6) දොඩම්

විටමින් සී බහුල පලතුරක් ලෙස දොඩම් ඉතා ප්‍රසිද්දය. දිනකට අවශ්‍ය විටමින් සී වලින් 116% ක් ම මෙහි අඩංගු වේ. ඔබගේ දිනය ශක්තිමත්ව ආරම්බ කරන්න මෙයත් ඉතා හොඳ පලතුරකි


7) නිවිති

නිවිති උදෑසන ආහාරයට සුදුසු නෑ කියල හිතෙනවද? එහෙනම් ඒ ගැන නැවත හිතන්න වේවි නිවිති යනු රුදිර සංසරණය කාර්යක්ෂම කරන යකඩ බහුල ආහාරයකි. බිත්තර වලට සහ බීම වලට නිවිති එකතු කර ගැනීමෙන් රසවත් ආහාරයක් මෙන්ම ශරීරයට මනා පෝෂණයක් ද ලබා ගත හැක.


8) කඩල

ඔබේ ආහාරයට කඩල එකතු කර ගැනීමෙන් ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කර ගත හැක. එමෙන්ම එය ඉතාමත් ශක්තිජනක ආහාරයකි. මින් ඔබේ ආහාරයේ රසයේ කිසිදු වෙනසක් නොවන අතර එනිසාම කරදරයකින් තොරව ම මෙය ඔබේ ආහාරයට එකතු කර ගත හැක.

SHARE

NO COMMENTS