නිතර හැදෙන ඔළුවේ කැක්කුම් වර්ග 5 ගැන දැනගමු..

ළුවේ කැක්කුම කියන්නේ අපි හැමෝටම සුලභව හැදෙන ලෙඩක්. හැදුනහම ඉතාම වේදනාකාරියි. ඒ වෙලාවට වේදනා නාශකයක් අරගැනීම තමයි හැමෝගෙම සිරිත. නමුත් ඔබට ඇත්තේ මොන වර්ගයේ ඔළුවේ කැක්කුමක්ද කියා වටහා ගැනීමෙන් ඒකට පිලියමක යොදන්න ඔබට පුලුවන්. නිකන් ඔළුවේ කැක්කුමක් කියල මතක කරන්න එපා.

fb- like-beg


1) පීඩනය නිසා හැදෙන ඔළුවේ කැක්කුම

මෙයට කියන්නේ Tension Headache කියල. වැඩියෙම සුලභව තිබෙන තත්වය තමයි මේ. හිසේ පිටුපස සහ බෙල්ලේ මාංශ පේශී සමග වේදනාවක් හැට ගැනීම මෙහි ස්වභාවයක්. ඉරුවාරදය නැත්නම් Migraine තරම් දරුණු වේදනාවක් ඇති වෙන්නේ නැහැ. වමනය යාම හෝ වමනේ යන්න එනවා වගේ දැනීමක් මේ මගින් ඇති වෙන්නේ නැහැ. එම නිසා දිනපතා වැඩ කටයුතු මේ වර්ගයේ ඔළුවේ කැක්කුම සිදු වෙනවා අඩුයි. පැරසිටමෝල් පෙත්තක් ගැනීම හෝ මානසිකව නිදහස් වීම මගින් මේ වේදනාව පහව යනවා.


2) ඔළුවේ පැත්තක් රිදීම

Cluster Headache ලෙස හඳුන්වන මෙය හැට ගන්නේ ඔළුවේ එක පැත්තක පමණයි. දැඩි වේදනාවක් දැනෙනවා ඒ වගේම වේදනාව දැනෙන කොටසේ ඇසෙන් කඳුළු ගැලීම සහ නාසය බර වීම මෙහි ප්‍රධාන ලක්ෂණ ලෙස හඳුන්වන්න පුලුවන්. මෙය හටගත් විට අපහසුව නිසා ජීවිතේ වැඩ කටයුතු බොහෝ අදාළ වෙනවා. මේ වර්ගයේ ඔළුවේ කැක්කුමට නිශ්චිත හේතුවක් තවම හොයා නොගත්තද ජානමය සාධක හේතු වෙන බව සලකන්න පුලුවන්.


3) සයිනස් ( Sinus) නිසා හැට ගන්න හිසේ කැක්කුම

ඔබේ මුහුණේ අස්ථි වලින් හැදුන වාතය පිරුණ සිදුරු හෙවත් සයිනස් බැක්ටීරියා ආසාධනයක් මගින් ප්‍රදාහයට ලක් වුනාම හිසේ කැක්කුමක් හැදෙනවා. එය බොහෝ විට එන්නේ හෙම්බිරිස්සා උන සමගයි. මේ sinus infections සුව කරන්නට වෛද්‍යවරයා ලබා දෙන ප්‍රතිජීවක ඔසු වලට පුලුවන්.


4) නැවත නැවත ඇතිවන ඔළුවේ කැක්කුම හෙවත් Rebound Headache

බොහෝ විට මෙම තත්වය ඇති වෙන්නේ වේදනා නාශක අධිකව භාවිතා කිරීමට ඇබ්බැහි වුන අයටයි. එම නිසා පොඩි හිසේ වේදනාවටත් වේදනා නාශක පෙති අධිකව බොද්දි පරිස්සමෙන්.


5) හිරුවාරදය හෙවත් Migraine

හිරුවාරදය පාරම්පරිකව එන රෝගයක් වෙන්න පුළුවන්. මෙහි ප්‍රධානම ලක්ෂන තමයි අඩුම තරමේ හිසේ කැක්කුම් පහක් වත් එක දිගට පැමිණ තිබීම, හැදුනහම පැය හතරේ සිට දින තුනක් දක්වා පැවතීම, දරා ගත නොහැකි දැඩි වේදනාවක් පැමිණීම සහ ඒ වේදනාවේ දරුණුකම නිසා වැඩ කටයුතු ඇන හිටීම, වමනය යාම හෝ වමනය යන්නට එන හැගීම, ආලෝකය සහ ශබ්දය වැනි පාරිසරික උත්තේජක සමග වේදනාව වෙනස් වීම වගේ දේවල්. වෛද්‍යවරයෙක් හමු වී නොපමාව ප්‍රතිකාර ගත යුතු රෝගයක්. එමෙන්ම එම රෝගය වැඩි කරවන ආහාර වර්ග ගැනීම අඩු කිරීමත් හොඳ සහනයක්.


මේ වේදනාවන් ගැන දැනගැනීමත් ඔබට වැදගත් වේවි.

වැරදි ඉරියව් හා රෝගාබාධ නිසා ඇතිවෙන කොන්දේ වේදනාව

SHARE

NO COMMENTS