දෙවෙනි මනමාලියන්ට ලස්සන ඇඳුම් තෝරාගන්න ටිප්ස් 9 ක්?

ගොඩක් විවාහ වල මනමාලි ලස්සනට ඇඳලා නමුත් දෙවෙනි මනාලියන්ගේ ඇඳුම් වල කිසිම පිළිවෙලක් නැහැ. එතකොට ෆොටෝ ඇල්බම් එකෙත් ලස්සන නැති වෙනවා. එන අයත් කතා කරනවා අපෝ දෙවෙනි මනමාලියෝ කැතයි කියල. මේ කරදර විඳින්නේ නැතුව ලස්සනට දෙවෙනි මනමාලිය ගේ ඇඳුම සකස් කර ගන්න Goodhousekeeping.lk අපෙන් මෙන්න උපදෙස්.

fb- like-beg


1) ඉස්සෙල්ලම හොඳට හොයල බලන්න

මුලින් ම Internet එකේ search කරලා බලන්න අලුත්ම මෝස්‌තර සහ ඒවායින් ඔබ වැඩිපුරම කැමති මොනවද කියල. මංගල සඟරා, පත්තර ආදියෙනුත් ඔබට ඕන තරම් මේ ගැන විස්තර හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔබ කැමති මෝස්‌තර ඔබට පහසුවෙන් මිළදී ගත හැකි තැන්වල තියනවද කියල හොයල බලන්නත් අමතක කරන්න එපා. ඒ වැඩේට නම් ඉතින් යාලුවන්ගෙන් උදව්වක් ගන්න එක වඩා පහසුවක් වෙයි. ඔබ කැමති මෝස්‌තර ටික යාළුවන්ට යවල ඒවා ඇඳුම් සාප්පුවල තියනවද කියල හරියටම දැනගන්න. ඊළඟට මිළදී ගන්න පුළුවන් මෝස්‌තර ටික වෙනම වෙන් කර ගන්න. Internet එකෙන් ගත්ත මෝස්‌තර ටික save කර ගන්න.සඟරාවල අවශ්‍ය පිටු ටික විතරක් වෙනම තබා ගන්න.මේකෙන් ඔබට අවශ්‍ය ඇඳුම් පිලිබඳ දළ අදහසක් ලබා ගත හැකියි.


2) මිළ පිළිබඳව සැළකිලිමත් වෙන්න.

ළඟදී විවාහවුණු ඔබගේ යහළුවන් ඉන්නවා නම් මිල ගණන් පිලිබඳ ඔවුන්ගෙන් විස්තර ලබා ගන්න. ඔබේ විවාහයට ඔබ වැය කිරීමට අදහස් කරන මුදල අනුව දෙවන මනමාලියන් සඳහා කොපමණ මුදලක් වැය කළ හැකිද යන්න තීරණය කර ගන්න. ඒ අනුව ඔබට මිලදී ගත හැකි ඇඳුම් වෙත පමණක් ඔබගේ අවධානය යොමු කරන්න. අලුතින් ඇඳුම් මැසීම හෝ මිලදී ගැනීම වැඩි වියදමක් කියල හිතෙනවා නම් ඇඳුම් කුලියට ගන්නත් ඔබට පුළුවන්. සැලෝන් සහ මංගල ඇඳුම් කුලියට දෙන ස්ථාන කිහිපයකට ගොස් ඔබට ගැලපෙන ඇඳුම තෝරාගන්න. එමගින් ඔබේ මුදලත් කාලයත් ඉතිරි කරයි.


3) ෂොපින් යනකොට ගැළපෙන කට්ටිය එක්කන් යන්න

මිලදී ගන්න ඇඳුම් පිළිබඳ ඔබට වෙනත් අයගේ අදහස් අනවශ්‍ය නම් ඔබ පමණක් ෂොපින් යන්න.(අවශ්‍ය නම් එක් අයෙක් සහභාගී කරවගන්න.) ඒ ගැන විවිධ අදහස් අවශ්‍ය නම් පිරිසක් සමග එකතු වී ඇඳුම් ගැනීමට යන්න. ඇඳුම් සහ කඩ සාප්පු පිළිබඳ හොඳින් දන්නා කෙනෙකු සමග යෑම වඩා සුදුසුය. ළඟදී විවාහ වුණු අයෙකු සිටී නම් එය තවත් පහසු වේ.

මනාලියක් වෙන්න ඉන්න ඔබට අපේ වෙබ් අඩවියේ මේ ලිපිත් වැදගත් වේවි.

මංගල දිනයට මාස තුනක පමණ පෙර සිට යුවතියක් කළ යුතු දෑ 25ක්

මනාලියක් වීමට සැරසෙන ඔබට සම පැහැපත් කරන ස්වාභාවික Face Masks 4ක්


4) නිවැරදි පිළිවෙලටම වැඩ කරන්න.

දෙවන මනමාලියගේ ඇඳුම් ඔබගේ මංගල ඇඳුම් සමග ගැලපිය යුතුය. එනිසා පළමුවෙන්ම ඔබගේ මංගල ඇඳුම සකස් කරගන්න. ඉන් පසුව එයට අනුව දෙවන මනාලියන්ගේ ඇඳුම් තෝරන්න.


5) ඇණවුම් කරනවා නම් මේ ගැනත් සිතන්න

ඇඳුම් ඇණවුම් කළ විට එය ලබා ගැනීමට යම් කාලයක් වැය වේ. ඒ වගේ ම එහි අඩුපාඩු සකස්කර ගැනීමටත්
කාලයක් ගත වේ. එනිසා ඔබ ඇඳුම් ඇණවුම් කරනවා නම් කල් වෙලා ඇතිව ඇණවුම් කිරීමට මතක තබා ගන්න.


6. නිවැරදි මිම්ම

ඔබ ඇඳුම් ඇණවුම් කරනවා නම් ප්‍රමාණයෙන් තරමක් ලොකු ඇඳුම් ඇණවුම් කරන්න. විශාල ඇඳුමක් කුඩා කර ගැනීම පහසුවෙන් කළ හැකි නමුත්, කුඩා ඇඳුමක් ගෙන ආවොත් එය නැවත මරු කිරීමට සිදු වේ. එනිසා ඇණවුම් කරන ඇඳුමේ ප්‍රමාණය පිලිබඳ සැලකිලිමත් වෙන්න.


7) ඇඳුමේ වර්ණය තීරණය කිරීම

දෙවන මනාලිය සඳහා ඔබ තොරා ගන්නා ඇඳුමේ වර්ණය ඉතා වැදගත්ය. එය මනාල යුවලගේ ඇඳුම්වලට ගැලපිය යුතුය. ඒ වගේම කාලය හා ස්ථානය අනුව ද මෙය වෙනස් වේ. උදාහරණයක් ලෙස ඔබ එළිමහනේ හෝ මුහුදු වෙරළේ හෝ විවාහය පවත්වන්නේ නම් ඊට ගැලපෙන ලා වර්ණයක් ද ශාලාවක පවත්වන්නේ නම් එහි සැරසිලිවලට ද ගැලපෙන පරිදි වර්ණය තොර ගත යුතුය. මනාලියගේ ඇඳුමට වඩා වෙනස්ම වර්ණයකින් දෙවන මනාලියන්ට ඇඳුම් සකස් කිරීම ද අද විලාසිතාවක් වී ඇත. ඒත් එය ද ගැලපෙන පරිදි සිදු කළ යුතුය. එහිදී ඔබට මනාලියන් හැඩගන්වන්නකුගේ උදව් ලබා ගත හැක.


8) බොහෝ දෙනෙකුට ගැලපෙන වර්ණයක් තෝරා ගන්න

සමේ වර්ණය එක් එක්කෙනාට වෙනස් වේ. ඔබ වර්ණ තේරීමේ දී බොහෝ දෙනෙකුට ගැලපෙන පොදු වර්ණයක් තොර ගන්න. හදිසි අවශ්‍යතාවයක් මත දෙවෙනි මනමාලිය මාරු කිරීමට සිදු වුවද මෙහිදී ගැටළුවක් ඇති නොවේ. රත්තරන් පාට,දුඹුරු පාට, ගුරු පාට ආදිය ලාංකික කාන්තාවන්ට වඩා ගැලපේ.මේ සියල්ල හොඳින් සිතා බලා ඔබට ගැලපෙනම වර්ණය තොරා ගැනීමට ප්‍රවේසම් වන්න.


9) යට ඇඳුම් පිලිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න

බොහෝ දෙනෙකු මේ පිලිබඳ එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. එහෙත් මෙයද ඉතා වැදගත් වේ. ඔබ කෙතරම් ලස්සන ඇඳුමක් තෝරා ගත්තද වැරදි යට ඇඳුම් භාවිතය නිසා එහි ලස්සන නැති වී යයි. ඔබ තෝරා ගන්නා දෙවෙනි මනාලියන්ගේ සිරුරුවල හැඩය පිලිබඳ පළමුව සලකා බලන්න. තරමක් මහත අය සිටී නම් ඔවුනට ඇඟ හැඩ කරන ඇඳුම් අවශ්‍යදැයි තීරණය කරන්න. ඔවුන්ගේ සිරුරු හා ඇඳුම් අනුව ගැලපෙන යට ඇඳුම් තොරා ගන්න. එයින් ඔබ තෝරා ගන්නා ඇඳුම්වල ලස්සන ද වැඩි කර ගත හැක.

මේ කරුණු සියල්ල පිලිබඳ සිතා බලා ඇඳුම් තෝරා ගත්තොත් ඔබේ විවාහයේ දෙවෙනි මනාලියත් ඉතාමත් සුන්දර වේවි


මංගල රාත්‍රිය පිලිබඳ චකිතයෙන් පසුවන සෑම යුවතියකම දැනසිටිය යුතු කරුණු 10ක්

SHARE

NO COMMENTS