මේකප් ( Make up) කරද්දී පොදුවේ කරන වැරදි 10 ක්

පි මේකප් දාන්නේ තිබෙන ලස්සන වැඩි කර ගන්න. ඒ වගේම මුහුණේ තිබෙන ලස්සනට හානි කරන දේවල් ඉවත් කරලා ආත්ම විශ්වාසයෙන් යුතුව එදිනෙදා ජීවිතේ කටයුතු කරන්න මේකප් කිරීම ගොඩක් උපකාරී වෙනවා. ගොඩක් අය මේකප් කරද්දී පුංචි පුංචි වැරදි කරනවා. ඇත්තටම ඒ මගින් ඔබේ වයස වැඩියෙන් පෙනෙනවා. Goodhousekeeeping.lk කියවන ඔබ මේ වැරදි වලින් වලකින්න.

මුහුණට නැවුම් පෙනුමක් ලබා ගන්න.

fb- like-beg


1) කොන්සීලර් (Concealer) වැඩියෙන් ආලේප කිරීම.

මුහුණේ තිබෙන කුරුලෑ කැළැල් , රැලි , අවපැහැ ගැන්වුන තැන් වහලා දමන්න අපි සමහර වෙලාවට concealer වැඩියෙන් ගානවා. ඒ වගේම සමට නොගැලපෙන වර්ණයක් ගෑවහමත් වෙන්නේ නිකන් පිපුන වගේ පෙනුමක් මුහුණට ඇවිත් ඔබේ වයස වැඩියෙන් පෙනෙන එකයි. මේ වරද මගහරවා ගන්න හැම විටම ඝණත්වය අඩු liquid base එකක් තියන ( දියරමය) කොන්සීලර් එකක් භාවිතා කරන්න. එය ස්වභාවික තරුණ පෙනුමක් ඔබේ මුහුණට ගෙනේවි.

දිගු, හැඩැති ඇහි පිහාටු ලබා ගැනීමට කැමතිද?


2) යටි ඇහිපිල්ලමේ වැඩියෙන් මස්කාරා ආලේප කිරීම

ඝන ඇසිපිය කියන්නේ ඇත්තටම දෙනෙතට වඩා වැඩි අලංකාරයක් දෙන ඒ වගේම ඔබේ සුන්දරත්වය ඉස්මතු කරන අංගයක්. නමුත් වැඩියෙන් මස්කාරා ආලේප කරහම වෙන්නේ ඔබේ ඇසිපිය කෙරෙහි වැඩි ඉස්මතුවීමක් වෙන එකයි. මෙය තරමට වැඩි වෙද්දී ඇස වටේ තිබෙන ඉතාම කුඩා රැලි පවා වැඩියෙන් පේන්න පටන් ගන්නවා. එම නිසා හැම විටම පරිස්සමෙන් වැඩි අඩු නොවෙන්න ලස්සනට මස්කාරා ගා ගන්න පුරුදු වෙන්න.


3) හමේ පාටට නොගැලපෙන වර්ණ දෙතොලේ ආලේප කිරීම

මේක නම් ඇත්තටම සිහි කල්පනාවෙන් කළ යුත්තක්. හැම විටම ඔබේ සමේ වර්ණය සමග ගලපලා ආලේප කරන්න. නැත්නම් ඔබේ වයස වැඩියෙන් පෙනෙනවා විතරක් නෙවෙයි මුහුණත් අවලස්සන වෙනවා.

බය වෙන්නේ නැතුව විවිධ වර්ණ මගින් අත්හදා බැලීම් කළ යුතුයි. පහත තිබෙන ලිපිය ඔබට උදවු වේවි නියමිත වර්ණය ඔබේ දෙතොලට තෝරා ගැනීමට.
ඒ වගේම ඔබට තිබෙන්නේ සිහින් දෙතොලක් නම් තද වර්ණ මගින් දෙතොල තවත් සිහින් කරලා පෙන්වනවා.

කියවන්න.

සිත් ඇදී යන ලෙස දෙතොල් වර්ණ ගැන්වීමට tips 8ක්

වඩා පැහැපත් නොවන සමකට හොඳින් ගැලපෙන තොල් ආලේපන වර්ණ 15ක්


4) තද පාට eyeshadow වැරදි ලෙස ආලේප කිරීම

මේ පින්තූරයේ තිබෙන ආකාරයට ආලේප කිරීම තමයි නියමිත ක්‍රමය. නැත්නම් ඔබේ වයස වැඩියෙන් පෙනෙනවා.


5) යටි ඇසිපිය පමණට වඩා වර්ණ ගැන්වීම

තද පාට වර්ණයකින් යටි ඇසිපිය වර්ණ ගැන්නුවහම වෙන්නේ ඇස දෙක කුඩා වෙලා පෙනෙන එකයි. ලා පාට
පැන්සලකින් යටි ඇසිපිය ඇඳගත්තහම ඔබේ පෙනුම ස්වභාවික සහ සුන්දර වෙනවා.


6) තදින් බ්ලෂ් කිරීම

මතක තියා ගන්න බ්ලෂ් කරන්නේ කම්බුලේ උඩ කොටස නෙවෙයි මැද කොටස කියන එක. ස්වභාවික වර්ණ යොදා ගැනීම හැම විටම ඔබේ තරුණ බව පෙන්වනවා.

මිනිත්තු පහෙන් කරගත හැකි සරල මේකප් එකක්


7) ඇහි බැමි තදින් පාට කිරීම

මෙය නම් කරන්න එපා. එමගින් ඔබේ මුහුණේ හැඩය විකුර්ති සහ අස්වාභාවික බවට පත් කරනවා. පින්තූරය බැලුවහම ඔබට පෙනේවි නියම මට්ටම.


8) Corrector එකක් පාවිච්චි නොකිරීම

ඇහැයට රැලි කියන්නේ කාටත් එන ප්‍රශ්නයක්. අපේ ජීවන රටාව සහ පරිඝනක භාවිතය නිසා මේක ඉක්මනින් අප අතරට එනවා. මේකට හොඳම විසඳුම Corrector එකක් ආලේප කිරීමයි.


9) දෙතොලට පිටින් Lip Liner එක ඇඳීම

ඔබේ දෙතොල් වර්ණ ගන්වද්දී ලිප් ලයිනර් එක ගොඩක් වැදගත්. එමගින් දෙතොල මනාව සකසනවා. නමුත් පමණට වඩා එළියෙන් අන්දහම වෙන්නේ රැවුලක් වගේ පෙනෙන එකයි.


10) වැඩියෙන් පවුඩර් ආලේප කිරීම

ගොඩක් දෙනෙක් කරන වරදක්. පමණට පවුඩර් ආලේප කරන්න නම් ඔබ හොඳ එලිය තිබෙන තැනක මේකප් කිරීම වැදගත් වෙනවා.

SHARE

NO COMMENTS