සැබෑ ආදරයකට පාර කියන ආදරයේ අවධීන් පහ

“එයාව මට ගැලපෙන්නේ නැ, එය මට හරියන කෙනා නෙවෙයි.” ආදරයෙන් පැරදිලා ඔබත් මෙහෙම කියල තියනවද? මට තමා ලෝකේ ලස්සනම ආදරය තියෙන්නේ කියල කාලයකදී හිතපු ඔබට සැබෑ ආදරය බොරුවක් කියලත් හිතිල ඇති. ඒකට හේතුව ඔබ ආදරයේ අවධීන් පහම හඳුනාගෙන නැති වීමයි. අද කියන්න යන්නේ ආදරයේ ඒ අවධීන් පහ මොනවද කියලයි.

fb- like-beg


∗ ආදරය කිරීමට පටන් ගැනීම

මුලින්ම ආදරය කරන්න පටන් ගන්න අවධිය තමයි ඔබ වැඩියෙන් සතුටු වන අවධිය. මෙය ඔබට අලුත් අත්දැකීමක්. එනිසා ඔබ සෑම දෙයක්ම අලුත් ආකාරයකට විඳීමට පටන් ගනී. මේ අවධියේදී ඔබ ඔබේ සියලුම අරමුණු හා බලාපොරොත්තු ඔබේ පෙම්වතාට පවසයි. ඔහු ඔබට ගැළපෙනම පුද්ගලයා බව සිතයි. ඔහු ඔබේ හැම ප්‍රාර්ථනාවක්ම ඉටු කරන බවට විශ්වාස කරයි. ඔබටත් වඩා ඔහු පිළිබඳ විශ්වාස කරයි. අනික් අය මොන දේවල් කීවද ඒ කිසිවකට ඔබව නැවැත්විය නොහැක. ඔබ ඔහු පිළිබඳ එක මොහොතකටවත් සැක නොහිතයි.


∗ ආදරණීය පෙම්වතුන් යුවළක් බවට පත් වීම.

මෙම අවධියේ දී ඔබේ ආදරය තවත් ශක්තිමත් හා සාර්ථක වේ. ඔබ එකිනෙකා පිළිබඳ තවත් හොඳින් තේරුම් ගන්නා අතර පෙම්වතාගේ ජීවිතේ සෑම දෙයකටම ඔබව නැතිවම බැරි වේ. ඔබේ ජීවිතයේ සිදුවූ හොඳම දෙය ඔබේ පෙම්වතා මුණගැසීම බව ඔබ සිතයි. ඔබ දෙදෙනාගේ බැඳීම තවදුරටත් ශක්තිමත් කරන මේ අවධියේදී ද ඔබ ඉතා සතුටින් සිටියි.


∗ බලාපොරොත්තු බිඳ වැටීම

මේ අවධියේදී ඔබේ බලාපොරොත්තු ටිකෙන් ටික බිඳ වැටීමට පටන් ගනීවි. ඔහු පිළිබඳ ඔබ තැබූ බලාපොරොත්තු ඉටු නොවන බවට ඔබට දැනේවි. ඔහුගේ ඇතැම් හැසිරීම් ඔබට කරදරයක් වේවි. ඇතැම් විට ඔහුගෙන් වෙන් වීමට ද ඔබට සිතේවි. ඔබ ඔහු වෙනුවෙන් කළ දේවල් ඵල රහිත යැයි සිතේවි. එනිසා මේ අවධියේදී ඉතා ප්‍රවෙසම්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.


∗ ජීවිත කාලයටම තිබෙන සැබෑ ආදරය ගොඩනගා ගැනීම

මනා අවබෝධයකින් හා ඉවසීමකින් යුතුව තෙවන අවධිය ගත කළොත් ඔබ මේ අවධියට පැමිණේවි. මේ අවධියේදී ඔබ ඉහත අවධීන්වල සඳහන් කළ ගැටළු හා අවිශ්වාසයන් ඇති නොවේ. සියලුම බාධක ජයගත් ඔබට ඔබ සුදුසුම පුද්ගලයා සොයාගත් බව වැටහේවි. ඔහුගේ අඩුපාඩුවලට ඔබ හැඩගැසී ඇත. මේ අවධියේදී ඔබේ බැඳීම තවදුරටත් ශක්තිමත් වේ. ඔබ එකිනෙකා පිළිබඳ මනා අවබෝධයකින් පසු වේ. දැන් ඔබට අවසාන අවධියට එළඹීමට කාලයයි.


∗ සමාජයට වැඩදායි දෙයක් කිරීමට යොමු වීම

මේ අවධිය වන විට ඔබ එකිනෙකාගේ අඩුපාඩු අනුව හැඩගැසී ශක්තිමත් සබඳතාවයක් ගොඩනගාගෙන හමාරය. එනිසා මේ අවධියේදී ඔබ දෙදෙනාට සමාජය වෙනුවෙන් යමක් කිරීමට අවශ්‍ය වේ. ජීවිතයේ අවසන් කාලයේ දී නිකන්ම ජීවිතයෙන් සමු නොගෙන ලෝකයට වැඩදායි දෙයක් කිරීමට හැකිය. එය ඕනෑම දෙයක් විය හැක. දෙදෙනාම එකතු වී සමාජ සේවා වැඩක යෙදීම, පොතක් ලිවීම නැතහොත් යමක් නිර්මාණය කිරීමක් හෝ විය හැක. මෙයින් ඔබ ඉමහත් තෘප්තියක් ලබනු ඇත. පෙර අවධීන්වල සියලුම බාධක ජයගෙන සිටින ඔබට ඔබ ඔබේ සැබෑ ආදරය සොයාගත් බව කිසිදු පැකිලීමකින් තොරව දැන්පැවසිය හැක.


ආදරයේ මෙම අවධීන් හොඳින් අවබෝධ කරගෙන දුෂ්කර අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දුන්නොත් ඔබටත් සැබෑ ආදරයක් ලබා ගත හැකිය. ඒකට තෙවන අවධියේදී මනා ඉවසීමකින් කටයුතු කිරීම නම් ඉතාම වැදගත්. ඒ විධියට කටයුතු කළොත් ඔබත් සැබෑ ආදරයක හිමිකාරියක් වේවි.


කියවන්න : –

පිරිමින්ට විවාහය එපා කරවන කාන්තා හැසිරීම් 7ක්

SHARE

NO COMMENTS