තමාගේ සමේ වර්ණය ගැන දුකෙන් ඉන්න හැමෝටම Lupitha Nyong කියපු හොඳ කතාවක්

Lupita Nyong කියන්නේ කළු ජාතික කාන්තාවක්. කුඩා අවධියේ සිටම හමේ පැහැය නිසා පීඩාවට පත් වූ කෙනෙක්. ඒත් ඒවාගෙන් නොසැලුණු ඇය අද ලෝකයම දිනාගෙන තියනවා. ඇය සම්මානනීය හොලිවූඩ් නිලියක්. පහත දැක්වෙන්නේ ඇයගේ කතාවයි.

fb- like-beg


මම කැමතියි රූපය නැත්නම් ලස්සන ගැන කථා කරන්න මේක අවස්ථාවක් කර ගන්න. කළු අයගේ සුන්දරත්වය ගැන කථා කරන්න. වරක් මට ගැහැණු ළමයකුගෙන් ලිපියක් ලැබුණා. මම කමතියි ඒකෙන් පුංචි කොටසක් ඔයගොල්ලන්ට කියවන්න. “ආදරණීය Lupita, මම හිතනවා කළු ජාතිකයකු ලෙස ඉපදිලත් හොලිවුඩයේ සාර්ථක වෙන්න තරම් ඔයා ගොඩාක් වාසනාවන්තයි කියල. මම සුදු වෙන්න කියල Dencia’s Whitenicious cream වයිට්නින් ක්‍රීම් ගන්න හදනකොටයි TV එකෙන් ඔබව දැක්කේ. ඔබව දැක්කම මට එක ඕන වුණේ නෑ. ඔබ මාව බේරා ගත්තා.”

ඒ වචන ටික කියවද්දී මගේ හිත රිදුම් දුන්නා. මට කිසිම අදහසක් තිබුණේ නෑ මගේ පළමු රැකියාව මිනිසුන් තුළ මෙතරම් බලාපොරොත්තු ඇති කළ හැකි තරමට මගේ ප්‍රතිරූපය බලවත් කරන එකක් වේවි කියල.


කියවන්න :-

ලෙඩ නොවී පැහැපත් වෙන්න උපදෙස් 10ක්.


මට මතකයි. මටත් මාවම අවලස්සනට පෙනුණු කාලයක් තිබුණ. මම ටී.වී. එක බලන විට මට පේන්නේ සුදු, පැහැපත් අයවම විතරයි. මගේ කළු හම නිසා මම නිතරම අනික් අයගේ සරදමට ලක් වුණා. ඒ නිසා දෙවියන්ගෙන් මම ඉල්ලපු එකම දේ මාව පැහැපත් කරන්න කියන එක විතරයි. හැම උදෑසනකම මම මගේ අළුත් සම දකින්න ආසාවෙන් බලන් හිටියා. උදේ නැගිට්ටම මම මගේ ඇඟ දිහා බලන්නේ නැහැ. මොකද මට මුලින්ම මගේ සුදු වුණු මුහුණ බලන්න ඕනැ වුණා. ඒත් හැමදාම මගේ බලාපොරොත්තු කඩ වුණා. මම දවසින් දවස කළු වුණා විතරයි.. ඉතින් මම දෙවියෝ එක්ක ගනුදෙනු කරන්න උත්සහ කළා. මම එයාට කිව්වා එය මට ඕන දේ දුන්නොත් මම රෑට සීනි හොරකම් කරන එක නවත්තනවා කියල. එයා මාව තව ටිකක් සුදු කළොත් මම අම්ම කියන හැමදේම අහනවා කියලත්, මම ආයේ කවදාවත් මගේ ඉස්කෝලේ ස්වෙටර් එක නැති කර ගන්නේ නෑ කියලත් කීවා. ඒත් මම හිතනවා දෙවියෝ මගේ පොඩි පොඩි දීමනාවලට කැමති වුණේ නෑ කියල. මොකද එයා කවදාවත් මට ඇහුම්කන් දුන්නේ නැ.

මම තරුණ වියට ආවම මට තවත් මාව එපා වෙන්න ගත්ත. මගේ අම්ම මට හැමතිස්සෙම කිව්වා. එයාට නම් මාව ලස්සනයි කියල. ඒත් එයා මගේ අම්ම. ඇත්ත එයාට මාව ගොඩක් ලස්සන ඇති. ඒත් එකෙන් මගේ හිත හැදුනේ නෑ. ඊට පස්සෙයි මම Alek Wek ව ජාත්‍යන්තර භුමිකාවකින් දකින්නේ. ඇය ඉතා ජනප්‍රිය නිරුපිකාවක්. ඇයත් අඟුරු වගේ කලුයි. ඒත් හැම සඟරාවකම ඇය හිටිය, හැමෝම කථා වුණා ඇය කොච්චර ලස්සනද කියල. මට විශ්වාස කරන්න බැරි වුණා. මං වගේම කළු ගැහැණියක්ව ලස්සනයි කියල මිනිස්සු මෙච්චර ආදරෙන් වැළඳ ගන්නවා කියල. මගේ පැහැය නිසා ඇති වුණු පසුබෑම නැතිකර ගන්න බැරිවයි මම හිටියේ. ඒත් ඇයව දුටුවම මට හිතුන එක එහෙම නෑ කියල. ඒත් මම එක විශ්වාස කළේ නැහැ. මොකද මගේ නොහැකියාව කියන දේ එක්ක මම තදින් වෙළිලා හිටියෙ. ඒත් මා තුළ තිබූ ආශාව දළු ලා නැගීම කාටවත් නවත්තන්න පුළුවන් වුණේ නැහැ. Alek Wek ව දකින විට මම ඇය තුලින් මගේම ප්‍රතිබිම්භය දුටුවා. එය නොසලකා ඉන්න මට පුළුවන් කමක් තිබුණේ නැහැ. මගේ ගමනේ අවිනිශ්චිත තැන් තිබුණා. මට දැනුණා මාව බොහෝ දෙනෙක් අගයන බව. ඒත් මන් ළඟදි සුදු හම තිබුණු අය නිතරම ජයග්‍රහණය කළා. මං දිහා බලන ඇතැමුන්ට තාමත් මව අවලස්සනයි. මගේ අම්ම ආයෙමත් මට කිව්වා “ ඔයාට ලස්සන කන්න බැහැ. ලස්සන ඔයාව පෝෂණය කරන්නේ නැහැ.” කියලා. ඇගේ මේ වචන මට නිතරම හිරිහැර කළා. ලස්සන කියන්නේ මට උපය ගන්නවත් මට පාවිච්චි කරන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි එය මට තිබිය යුතු දෙයක් කියල තේරුම් ගන්නකන් මම අම්මා කියපු දේ හරියට හරියට තේරුම් ගත්තේ නැහැ. ඔබට ලස්සන කන්න බැහැ කියන එකෙන් අම්ම අදහස් කළේ ඔබට ලස්සන මත පදනම්ව ශක්තිය සපයා ගත නොහැකි බවයි. එහෙනම් මොනවද අපිව ශක්තිමත් කරන්නේ? සැබවින්ම ලස්සන කියන්නේ ඔබටම සහ ඔබ වටා ඉන්නා අයට ඇති සානුකම්පිත බවයි. එවැනි ලස්සනක් හදවත පුබුදුවාලමින් ඔබේ ආත්මය ආලෝකවත් කරනවා. මේ හේතුවෙන් තමයි Patsey ට (19 වන සියවසේ ජීවත් වූ කළු ජාතික වහල් තරුණියක්.) සිය ස්වාමියා සමග එතරම් ගැටලුවලට මුහුණ දීමට සිදු වුයේ. ඒ වගේම මේ හේතුව නිසාමයි ඇගේ කතාව අදටත් ජීවමානව තිබෙන්නේ. ඇගේ ශරීරය ක්ෂය වී ගියද ඇගේ ආත්මීය සුන්දරත්වය අපේ මතකයේ රැඳෙන්නේ එනිසාවෙනි.

ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ගේ තිරයේ සහ සඟරාවල මගේ රූපය දැකීමෙන් ඔබව, තරුණ කාන්තාවන්ව මේ හා සමාන ගමනක යන්න උනන්දු කරනවා කියල. ඔබට ඔබේ බාහිර සුන්දරත්වයේ වලංගුභාවය හා වටිනාකම වැටහේවි. ඒත් එතනින් එහාට ගොස් ඔබේ අභ්‍යන්තරය සුන්දර කර ගන්න. ඒ සුන්දරත්වයේ කිසිදු අඳුරක් නැත.

SHARE

NO COMMENTS