ඔබේ සැමියා පිළිබඳ අන් අයට නොපැවසිය යුතු කරුණු 10 ක් – දෙවන කොටස

බත් යහළුවන් එක්ක එකතු වුනාම තොරතෝංචියක් නැතුව කියවන කෙනෙක්ද? එහෙනම් ඔබටත් ඔබේ විවාහ ජීවිතයේ ගැටළු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ ඔබේ සැමියා ගැන අනවශ්‍ය ලෙස අන් අය සමග පැවසීමෙන් ඔබේ විවාහ ජීවිතයේ විවිධ ගැටළු ඇති විය හැකියි. ඔබේ සැමියා පිළිබඳ මේ කරුණු දහය අන් අයට නොකියා හිටියොත් ඔබටත් ඔබේ විවාහ ජීවිතයේ ගැටළු අඩු කරගන්න පුළුවන් වේවි.

fb- like-beg


06) ඔහුගේ අඩුපාඩු යහළුවන්ට නොව ඔහුට කියන්න

ඔබේ සැමියා තරමක් හිතුවක්කාර කෙනෙක්ද? ඔහු සමග එකඟතාවයකට ඒම අපහසුද? ඔහු පවුලේ දේවල් පිළිබඳ සොයා බලනවා අඩුද? එහෙනම් මේ දේවල් පළමුවෙන්ම සැමියා සමග සාකච්ඡා කරන්න. එයින් මෙම ගැටළු විසඳාගත හැකිය. ඔබේ යහළුවන් සමග පැවසීමෙන් මේවා විසඳාගත නොහැක. අනෙක් කරුණ නම් ඇතැම්විට මෙහිදී ඔබේ සැමියාගේ වරදක් නොතිබෙන්නට ද පුළුවන. ඔබට නිකරුනේ ඔහුගේ වැරදි පෙනෙන්නට ද පුළුවන්. මෙවන් අවස්ථාවක ඔබට මනෝවිද්‍යා උපදේශනයකට යොමු වීමද කළ හැකියි. එනිසා මේවා යහළුවන් සමග නොපවසා සැමියා සමග සාකච්ඡා කිරීමට වග බලා ගන්න.


07) ඔබ, ඔබේ පවුල හා ඔබේ මිතුරන් පිළිබඳ ඔහු තුළ ඇති වැරදි අදහස්

ඔබේ මිතුරන් පිළිබඳ සැමියාගේ ඇතැම් අදහස් ඔවුනට පැවසීම ඔවුන් ඔහුට අකමැති වීමට හේතුවක් වේ. එමෙන්ම මේ දේවල් ඔවුනට පැවසීමෙන් ඔවුන් ඔබ දෙදෙනා අතරට පැමිණ ගැටළු විසඳීමට උත්සහ දරයි. එයින් ඔබගේ ප්‍රශ්න තවත් වැඩි වේ. ඔබේ ඥාතියකු හෝ මිතුරකු පිළිබඳ සැමියා වැරදි අදහසක් දරන්නේ නම් ඔහු සමග කතා කොට එය නිවැරදි කරන්න. නිතරම ඔබේ සැමියාට ධනාත්මක චින්තනයක් ඇති බව සිතන්න. එවිට ඔබේ සැමියාත් ඔබේ යහලුවන් ඇතුළු සියලු දෙනාගේ ආදරයට පත් වන පුද්ගලයෙකු වේවි.


08) ඔහුගේ දේශපාලන හෝ ආගමික විශ්වාස

ඔබේ සැමියාගේ ආගමික හා දේශපාලන මත පිළිබඳ පවසමින් යහළුවන් සමග තර්ක විතර්ක කිරීමට ඔබ කැමතිද? ඒත් මෙය ඔබ දෙදෙනාගේ බැඳීම දුරස් කිරීමට හේතු වේ. සැමියාගේ විවිධ මතවලට ඔහුට සාධාරණ හේතු තිබිය හැක. ඒ නිසා මේ දේවල් ඔබේ මිතුරන් සමග පැවසීමෙන් වළකින්න.අත්‍යවශ්‍යම කරුණකදී වුවද ඉතා කෙටියෙන් එය පහදා දෙන්න. උදාහරණයක් ලෙස දරුවකුගේ බෞතීස්ම කිරීමකට ඔබට ආරාධනා කළහොත් මෙසේ පවසන්න. “මගේ මහත්තයා ක්‍රිස්තියානි නෙවෙයිනෙ ඒ නිසා එන්න වෙන එකක් නැහැ.” මෙයින් ඔබ දෙදෙනාගේම පෞද්ගලික අදහස් අන් අය වෙත යාම වළක්වා ගත හැක.


09) පවුලේ සාමාජිකයන් සමග ඇති ආරවුල්

ඔබේ පවුලේ කිසිවකු සමග සැමියා ආරවුලක් ඇති කරගෙනද? මෙවන් අවස්ථාවල ඔබට තරම් ඉක්මනට ඒවා විසඳා ගැනීමේ අවශ්‍යතාවයක් ඔහුට නැතිව ඇති. ඒත් ඔබේ යහළුවන් සමග මේවා පැවසීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. එයින් ඔවුන්ද ගැටලුවට මැදිහත් වී එය තවත් සංකීර්ණ වේ. එනිසා මෙවන් අවස්ථාවල යහළුවන්ව මෙයට ඈඳා නොගෙන සැමියාටම එය විසඳා ගැනීමට ඉඩ දෙන්න.ඔහුගේ ක්‍රියා පිළිවෙල ඔබට වඩා වෙනස් වුවද එයට ගරු කරන්න. එයින් ඔබගේ සම්බන්ධය ද තවත් ශක්තිමත් වේ.


10) අතීතයේ ඔහු මුහුණ දුන් දුෂ්කර සිදුවීම්

අතීතයේ සිදුවීම් ගැන මතක් කරමින් වල් පල් කියවන්න කාන්තාවෝ හරිම කැමතියි. හෝද හෝද මඩේ දානවා කියන්නේ ඒකනේ. ඒත් සැමියාගේ අතීත සිදුවීම් කියන කොට නම් ප්‍රවේසම් වෙන්න වේවි. අතීතයේ ඔහු මුහුණ දුන් ප්‍රශ්න මෙන්ම ඔහු ඒවා ජයගත් ආකාරය ආදිය අන් අයට පැවසීමට ඔබ බොහෝ කැමති වුවද ඔහු අකමැති විය හැක. විශේෂයෙන් ඔහු නොදැනුවත්ව එවැනි දේවල් අනික් අයට පැවසීමෙන් වළකින්න. අවශ්‍ය නම් ඔහු ලවාම එය අන් අයට පවසන්න. ඔහු අමාරු අවස්ථාවලට සාර්ථකව මුහුණ දුන් ආකාරය පැවසීමට ඔහුව දිරිමත් කරන්න. එයින් ඔබ ඔහුව අගය කරන බව ඔහුට ද වැටහේ. එනිසා ඔබ දෙදෙනාගේ බැඳීම ද තවත් ශක්තිමත් වේ.


මේ කරුණු අනුගමනය කළොත් ඔබට ඔබේ කට පාලනය කර ගන්න වගේම ඔබේ ප්‍රශ්න ගොඩක් අඩු කරගන්නත් පුළුවන් වේවි. ඒ වගේම ඔබේ සැමියා ඔබට තවත් වැඩියෙන් ආදරය කරාවි.


මෙම ලිපියේ පළමු කොටස සදහා :-

ඔබේ සැමියා පිළිබඳ අන් අයට නොපැවසිය යුතු කරුණු 10 ක් – පළමු කොටස

SHARE

NO COMMENTS