හිතේ සතුටින් කාර්යාලයේ වැඩ කරන්න ක්‍රම 5 ක්

වැඩ කිරිමෙන් නිවසේ වැඩ අතපසු වේ. මෙය ඔබ සහ පවුලේ සාමාජිකයන් අතර ඇති බැඳීම අඩු වීමටද හේතුවක් වේ. මේ නිසා ඔබේ පවුලත් රැකියාවත් දෙකම අසාර්ථක වේ. රැකියාවත් පවුලත් සමබරව පවත්වාගන්න මේ උපදෙස් ටික වැදගත් වේවි.

fb- like-beg


1) කාර්යාලයේදී ඉතිරිවන වැඩ ගෙදර ගෙනියන්න එපා

ඔබත් ඔබේ රාජකාරි වැඩ ගෙදරදී කරනවද? එහෙනම් ඔබත් අනිවාර්යයෙන්ම මේ ගැටලුවට මුහුණ දෙනවා ඇති. කාර්යාලයේ වැඩත් එක්ක ඔබ කාර්යාලයේ ප්‍රශ්නත් නිවසට ගෙනියනවා. එකෙන් ඔබට නිවසේ කටයුතු කරන්න තියන වේලාව නැති වෙනවා. ඒ වගේම ඔබේ රාජකාරි ගැටළු නිසා ඔබේ පවුලේ අයත් පීඩාවට පත් වෙනවා. ඒ නිසා දවස අවසානේ ඉතුරු වෙන රාජකාරි වැඩ නම් කවදාවත් ගෙදර ගෙනියන්න එපා. ඒ වගේ ඔබේ රාජකාරි වැඩ ඉතුරු වෙනවා නම් එහෙම වෙන්න හේතුව සොයා බලා නැවත එහෙම නොවෙන්න වග බලා ගන්න.


2) කාර්යාලයේදී ඔබේ වැඩවලට පමණක් අවධානය දෙන්න

ඔබත් බෑ කියන්න බැරිකමට හැමෝගෙම වැඩ කරන කෙනෙක්ද? එහෙම නම් ඔබට ඔබේ වැඩ කර ගන්න කාලය මදි වෙනවා. ඒ වගේම වැඩ ප්‍රමාණය වැඩි වීම නිසා ඔබ ඉක්මනින්ම වෙහෙසට පත් වෙනවා. මේ නිසා තමන්ගෙ වැඩවලට ප්‍රමුඛතාවය දෙන්න. තමන්ට කළ නොහැකි වැඩ භාර නොගෙන එය කළ නොහැකි බව පැවසීමට පුරුදු වන්න. ඒ වගේම වෙනත් අයගේ වැඩවලට සම්බන්ධ වීමෙන් වළකින්න. එයින් ඔබ අනිත් ඇයගේ ප්‍රශ්නවලට මැදිහත් වීමෙන් වැළකී සිටිය හැකියි. ඒ වගේම කාර්යාලයේ නිකරුනේ ඉන්න වේලාව අඩු කරලා කාලය කළමනාකරණය කර ගත්තොත් ඉක්මනින්ම තමන්ගේ වැඩ කොටස ඉවර කර ගන්න පුළුවන් වේවි.


3) සෑම දිනකම තමන් වෙනුවෙන් සුළු වේලාවක් වෙන් කර ගන්න

ඔබ ඉතා කාර්යබහුල කෙනෙක් විය හැකියි. ඒත් සෑම දිනකම ඔබ වෙනුවෙන් සුළු වේලාවක් වෙන්කරගෙන සැහැල්ලුවෙන් සිටීමට පුරුදු වන්න. හොඳ පොතක් කියවීමට, ගීතයක් ඇසීමට, තමා ප්‍රිය කරන කෙනෙකු සමග දුරකතනයෙන් කථා කිරීමට නැතිනම් ජිම් එකට යාමට වැනි දෙයකට එම වේලාව යොදවන්න. එමගින් ඔබේ මනස සැහැල්ලු වේ. එයින් ඔබේ වැඩ කාර්යක්ෂමව කර ගැනීමට මෙන් ම ගැටළු විසඳීමට අවශ්‍ය මානසික සැහැල්ලුවද ලබා දෙයි.


කියවන්න :-

කාර්යාල වැසිකිලිය භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු 6ක්


4) සතියේ එක් දිනයක් සමීපතමයන් සමග සැහැල්ලුවෙන් ගත කරන්න

මෙය ද ඔබේ මානසික සුවය ඇති කිරීමට උපකාරී වේ. කලබලකාරී දවස්වලින් මිදී පවුලේ අය හෝ මිතුරන් සමග එක් දිනක් සැහැල්ලුවෙන් ගත කරන්න. එය ඔබේ මහන්සිය නැති කර ගැනීමට මෙන්ම ඔබට නව ශක්තියක් ලබා ගැනීමට ද උපකාරී වෙයි. ඒ වගේම ඔබේ කාර්යබහුලතවය නිසා මගඇරෙන පවුල් සබඳතා ගොඩනගා ගැනීමටද මෙය උදව් වේ. පවුලේ අය අනිවාර්යයෙන්ම මෙය අගය කරාවි.


5) හොඳ නින්දක් ලබා ගන්න

හොඳ නින්දක් ලබා ගැනීමත් ඔබේ මානසික සුවයට ඉතා වැදගත්. ඔබ කොච්චර නිදි මරාගෙන වැඩ කළත් බොහෝ විට එයින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ වගේම අධික මහන්සිය නිසා ඔබ අතින් වැරදි සිදු වීමේ ඉඩ කඩ ද ඉතාමත් වැඩියි. එය ගැටළු රාශියකට හේතු වේ. එමෙන්ම එය ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ද හේතු වෙයි. මේ නිසා හොඳ නින්දක් ලබා ගැනීමෙන් ඔබේ රාජකාරි ගැටළු බොහොමයක් අඩු කර ගන්න පුළුවන් වේවි.


මේ විධියට හැමදේම කළමනාකරණය කරගත්තොත් ඔබට ආයේ ගෙදරදී විසඳන්න රාජකාරි ගැටළු ඉතුරු වෙන එකක් නෑ.

SHARE

NO COMMENTS