අඩි උස පාවහන් පැළඳ ආකර්ශනීය ලෙස ඇවිදීමට රහස් දහයක්

ඩි උස පාවහන් පැළඳීම බොහෝ දෙනෙකුගේ ආශාවකි. එය අද ඉතා ජනප්‍රිය විලාසිතාවකි. ඒත් කෙනෙකුට එය තරමක් කරදරකාරී අත්දැකීමක් විය හැක. ඔබත් කවදා හෝ අඩි උස පාවහන් නිසා අපහසුතාවයට පත් වෙලා තියනවද? එහෙනම් මේ කරුණු දහය ඔබට අනිවාර්යයෙන් වැදගත් වේවි.

fb- like-beg


1) කෙටි පියවර තබන්න

අඩි උස පාවහන් පැළඳ ඇවිදීමේදී ඔබ වෙනදාට වඩා කෙටි පියවර තබන්න. වෙනදාට වඩා අඩුවෙන් දණහිස නවා ඇවිදීමට පුරුදු වන්න. ඒ වගේම වේගයෙන් ඇවිදීමෙන් වළකින්න. කෙටි පියවර තබමින් සෙමෙන් ඇවිදින්න. අඩි උස පාවහන් පැළඳ දිගු පියවර තබමින් වේගයෙන් ඇවිදින විට ඔබේ ගමන අසාමාන්‍ය ලෙස දිස් වේ. එනිසා කලබල නොවී සෙමෙන් ඇවිද්දොත් ඔබටත් ආකර්ශනීය ලෙස ඇවිදීමට හැකි වේවි.


02) පළමුව විලුඹත් දෙවනුව ඇඟිලිත් තබා ඇවිදින්න

ඔබ ඇවිදින විට පළමුව විලුඹ පොළොව මත තබා පසුව ඇඟිලි තබන්න. මෙසේ ඇවිදීමේදී ඔබේ යටි පතුලේ ඇති වක්‍රාකාර කොටසට ඔබේ සිරුරේ බර යොමු වේ. එවිට සෙමෙන් එම බර ඇඟිලි දෙසට යොමු කරන්න. ඉන්පසු ඔබේ සිරුර ඉදිරියට තල්ලු කරමින් ඊළඟ පියවර තබන්න. මෙයින් ඔබේ ගමන වඩාත් ස්වභාවික ලෙස දිස් වේ.


03) නිවැරදි ඉරියව් භාවිතා කරන්න

කාන්තාවක් ලස්සන වෙන්න නිවැරදි ඉරියව් භාවිත කිරීමත් ඉතාම වැදගත්. උරහිස් නවාගෙන, හිස නවාගෙන වැරදි ඉරියව්වලින් ඇවිදීමෙන් ඔබේ සැබෑ ලස්සන නැති වී යයි. නිතර ඔබගේ උරහිස් හොඳින් පළල් කර කොටු හැඩයට තබා ගන්න. එමගින් ඔබේ උදරයේ මාංශ පේශීන් ඇදී උදරය පැතලි වේ. එයින් ඔබ සිහින් හා සුන්දර ලෙස දිස් වේ.


04) කෙලින් රේඛාවක ඇවිදින්න

නිරූපණ ශිල්පිනියක් වගේ ඇවිදින්න කැමතිද? එහෙනම් ඔබ ඇවිදින විට ඔබ ඉදිරියේ කෙලින් ඉරක් ඇති බව සිතා ගන්න. ඊළඟට ඒක දිගේම ඇවිදින්න. ඒ වගේම පාද කෙළවර තරමක් ඉදිරියට තෙරපන්න. මෙයින් ඔබේ උකුල තරමක් පැද්දේ. මේක ටිකක් කලින් ඉඳලම පුරුදු වෙන්න වේවි. ඒත් එකෙන් පාඩුවක් නම් වෙන එකක් නැහැ. ඔබ අනිවාර්යයෙන්ම හැමෝගෙම අවධානයට ලක් වේවි.


05) නිවසේදී කලින් ඉඳලම සූදානම් වෙන්න

ළඟදීම ඔබට විවාහ හෝ වෙනත් උත්සවයක් තියනවා නම් මෙන්න මේ දේවල් අනුගමනය කළ යුතුයි.

  • නිවසේදී ඇවිදලා හොඳින් පුරුදු වන්න. තරමක් කල් වෙලා ඇතුව පුරුදු වන්න. ඔබ පළඳින්නේ අලුතින් ගත් පාවහන් නම් එහි අඩිය තරමක් සූරන්න. මෙයින් ඔබගේ පවහන්වල ලිස්සන සුලු ගතිය නැති කර ගත හැක.
  • ඔබට පහසු ආකාරයේ පාවහන් පැළඳීමට ප්‍රවේසම් වන්න. අලුතින්ම ගත් පාවහන් යුගලක් පැළඳගෙන ගොඩක් ඇවිදින්න තියන උත්සවයකට ගියොත් නම් ඔබ ලොකු අමාරුවක වැටේවි. ඒ නිසා ගැළපෙන පාවහන් තෝරා ගන්න. පාවහන් තුළට මේස් එකක් දැමීමෙන් එය තරමක් පහසු ආකාරයට සකසා ගත හැක.
  • ඔබ තෝරා ගන්නා පාවහන්වල ඇතුළු අඩිය හා පහසුව පිලිබඳ සැලකිලිමත් වන්න. ඔබට ඔබගේ අළුත් පාවහන් තරමක් ලිස්සන සුළු හෝ අපහසු ලෙස දැනෙන්නේ නම් යම් මුදලක් හා කාලයක් වැය කර එයට ගැලපෙන අමතර උපාංග කිහිපයක් මිලදී ගන්න. එයින් ඔබට වැඩි ආරක්ෂාවක් හා පහසුවක් ලබා ගත හැක.

කියවන්න :-
ආකර්ශනීය ගැහැනියක් වෙන්න නියමිත විදිහට හිටගමු


06) අඩි උස පාවහන් පැළඳ නිවැරදිව හිටගන්න

ඇවිදීමේදී පමණක් නොව සිට ගැනීමේදී ද ඔබ ආකර්ශනීය විය යුතුය. පළමුව ඔබගේ එක් අඩියක් අනෙක් අඩියේ මැදට වන ලෙස තරමක් ඇල කර තබන්න. පසුව පිටුපස පාදයට ඔබේ සිරුරේ බර යොදා හිට ගන්න. එය තරමක් වෙහෙස වන විට අනෙක් පාදයට බර යොදන්න.


07) ඔබේ පදවලට විවේකයක් දෙන්න.

කකුල් කැක්කුම් නැතුව සුව පහසුවෙන් දවස පුරාම අඩි උස පාවහන් පැළඳ ඉන්න නම් අනිවාර්යයෙන්ම පදවලට විවේකයක් දීම අත්‍යවශ්‍යයයි. මේ සඳහා ඔබේ පාවහන් ගැලවීම අවශ්‍ය නැත. වරින් වර පාවහන් ගැලවා නැවත දැමීමෙන් කකුල් ඉදිමීම හා රිදුම් දීම ඇති වේ. වරින් වර ටික වේලාවක් ඉඳගෙන පාදවලට මද විවේකයක් දීම ප්‍රමාණවත් වේ.


08) නිතර නිතර අඩි උස පාවහන් පැළඳීමෙන් වළකින්න.

මාරුවෙන් මාරුවට විවිධ උසින් යුතු පාවහන් පළඳින්න. වැඩි වශයෙන් පැතලි හා සුවපහසු පාවහන් පැළඳීමට යොමු වන්න. නොකඩවා අඩි උස පාවහන් පැළඳීම ඔබේ සෞඛ්‍යයට හානිකර විය හැක.


09) නිවැරදි පාවහන් තෝරා ගන්න

ඔබ මෙතෙක් කල් කැන්වස් සපත්තු භාවිත කළ අයෙක් නම් එකවරම අඟල් 4ක් පමණ උස පාවහන්වලට මාරු වීමෙන් වළකින්න. පළමුවෙන්ම තරමක් සැහැල්ලු අඟල් 2 හෝ 3 උස පාවහන් යුගළකට මරු වන්න. පළමුව වෙජස් (Wedges) හෝ පටි සහිත පාවහන් ද භාවිතා කළ හැක. ඒවා වැඩි පහසුවකින් යුතු වේ. එනිසා ඔබගේ සමබරතාවය පවත්වා ගැනීම පහසු වේ. පළමුව මෙවැනි පහසු පාවහන් භාවිත කර පසුව ක්‍රමයෙන් උස වැඩි පාවහන් වෙත යොමු වන්න.


10) නිවැරදි ප්‍රමාණයේ පාවහන් තොර ගන්න.

ඔබ ඉතා තද නැතිනම් හිර පාවහන් පළඳින්නේ නම් ඔබ නිසැකවම අපහසුතාවයට පත් වේ. එනිසා ඔබ කිසිදාක ඉතා තද අඩි උස පාවහන් මිලදී නොගත යුතුය. තරමක් විශාල හා තරමක් තද පාවහන් යුගල් දෙකක් අතරින් හොඳම එක තොර ගැනීමට අවශ්‍ය වුවහොත් තරමක් විශාල පාවහන් යුගල තෝරා ගන්න. ඒ තුලට රෙදි කැබැල්ලක් දමා හෝ එය පැළඳිය හැක. එහෙත් තද පාවහන් යුගලක් මිලදී ගතහොත් ඔබට අනිවාර්යයෙන්ම පසුතැවීමට සිදු වේවි.

මෙම කරුණු දහය අනුගමනය කළොත් ඔබටත් අඩි උස පාවහන් පැළඳ සැමගේ අවධානය දිනා ගත හැකි වේවි.


කියවන්න :-

අඩි උස පාවහන් පැළඳීම නිසා රෝගාබාධ ඇතිවන්නේ මෙහෙමයි

SHARE

NO COMMENTS