ඔබේ ගෙදරත් ටයිල් කරන්නද ඉන්නේ? එහෙනම් වාසි , අවාසි ගැනත් දැනුමත් වෙමු නේද?

ගෙදරක් හදනවා කියන්නේ කාන්තා ඔබේ හිතේ තියන ලොකුම බර නේද? සමහර වෙලාවට අපි ගෙදරට නොයෙක් අංග එකතු කරන්නේ කිසිම තේරුමක් නැතුව. නිකන්ම අනුන් කරන නිසා කරන්නේ නැතුව ඕනෙම දෙයක් කරන්න ඕනේ එහි වාසි සහ අවාසි ගැන සලකල බලල තමයි. අපි හිතුවා අපේ වෙබ් අඩවිය බලන ඔබත් ඉතින් සුන්දර නිවසකට කැමති දක්ෂ කාන්තාවක් නිසා මේ කරුණු ගොඩක් වැදගත් වේවි කියල.

fb- like-beg


වාසි ටික බලමුකෝ ඉස්සෙල්ලම

  • ඔබේ නිවස ටයිල් කරන එකෙන් ඔබේ නිවසේ වටිනාකම වැඩි කර ගත හැක. ඔබ යම් දිනක නිවස විකිණීමට හෝ කුලියට දීමට අදහස් කරන්නේ නම් ටයිල් කිරීම මගින් ඔබට වැඩි වටිනාකමක් ලබා ගත හැක.
  • නිවසක් ටයිල් කිරීමෙන් පසු එය වැඩි කාලයක් ඒ ආකාරයටම පවත්වා ගත හැක. එනම් වැඩි කල් පැවැත්මක් ඇත. පොලිෂ් කළ නිවෙසක නම් පොලිෂ් ඉක්මනින් ඉවත් වීම නිසා නැවත නැවත ආලේප කළ යුතු වේ. එහෙත් ටයිල් කළ විට එවැනි කරදර ඇති නොවේ.
  • ටයිල් කළ නිවසක් නඩත්තු කිරීම පහසුය. ටයිල් මත යමක් ඉහිරුනද ටයිල්වලට හානි නොකර ඉතා පහසුවෙන් එය ඉවත් කළ හැක.
  • ටයිල් මගින් නිවසට යම් සිසිලසක් ලබා දෙයි. එනිසා උණුසුම් ප්‍රදේශයක නිවසකට ටයිල් ඇල්ලීම මගින් නිවස තරමක් ශීතල කළ හැක.
  • විවිධ වර්ණයේ හා විවිධ මොස්තරයන්ගෙන් යුතු  ටයිල් වර්ග විශාල ප්‍රමාණයක් අද වෙළඳපොලේ ඇත. එනිසා තමන් කැමති ආකාරයේ මෝස්තරයක් භාවිතා කළ හැක.
  • කුඩා දරුවන් සිටින නිවෙස්වල ටයිල් ඇති විට ඉතා වාසිදායක වේ. දුවිලි ආදිය රැඳීම අඩු නිසා පිරිසිදුව තිබීම කුඩා දරුවන්ට සෞඛ්‍යමත් පරිසරයක් ගොඩනගයි.
  • සුරතල් සතුන් ඇති නිවසක ද ටයිල් කර තිබීමෙන් පිරිසිදු කිරීම ඉතා පහසු වේ. රළු මතුපිට නිසා බල්ලන් සහ බළලුන් වැනි සතුන්ගේ නිය වලට ඔරොත්තු දීමේ හැකියාව ද ඇත.
  • නාන කාමරය, නිවාස ඇතුළ හා නිවාස පිටත ආදී විවිධ තැන්වලට ගැලපෙන පරිදි විවිධාකාරයෙන් ටයිල් තෝරාගත හැක.
  • ටයිල් කැඩුනොත් හෝ හානි වුවහොත් අවශ්‍ය තැන පමණක් ඉක්මනින් අලුත්වැඩියාව කරගත හැක.

දැන් බලමු අවාසි

  • ග්‍රවුට් මත යමක් ගෑවුණු විට පිරිසිදු කිරීම අපහසුය. ටයිල් දෙකක් අතරට යොදන මෙම ග්‍රවුට්වල යමක් ගෑවුන විට එය ඉතා අවලස්සනට පෙනෙන අතර එය පිරිසිදු කිරීම අපහසු ය.
  • ටයිල් හේතුවෙන් අමතර ශීතලක් ඇති වන නිසා ශීත කාලවලදී හා ශීත පළාත්වල ඇති නිවෙස්වල ශීතල තරමක් වැඩි වේ.
  • අලුත්වැඩියාවකදී තමාට ම එය කර ගැනීම අපහසුය. ඒ සඳහා විශේෂ උපකරණ හා දැනුමක් අවශ්‍ය වේ. එනිසා අලුත්වැඩියා වියදම් වැඩි වේ.
  • මතුපිට සිනිඳු ටයිල් මතට වතුර වැටුන විට අනෙක් මතුපිටවලට වඩා ලිස්සනසුලු ගතිය වැඩි වේ. එනිසා කුඩා දරුවන් හෝ වයසක අය සිටින විට යම් අවධානමක් ඇත.
  • බරින් වැඩි දෙයක් ටයිල් මතට වැටුණු විට ටයිල් පුපුරා යා හැක. එය අලුත්වැඩියා කිරීමටද වැඩි වියදමක් දැරීමට සිදු වේ.
  • නීවසේ සියලුම ස්ථානවලට එකම ටයිල් වර්ගය නොගැලපේ. වැරදි ටයිල් යෙදුවහොත් ඉන් අනතුරු පවා සිදු විය හැක. එනිසා ටයිල් තෝරාගැනීමට පෙර ඒ පිළිබඳ දැනුමක් තිබිය යුතුය. එසේ නැතහොත් දැනුම ඇති පුද්ගලයකුගෙන්  අවශ්‍ය උපදෙස් ලබා ගත යුතුය.

ඔබේ නිවස ටයිල් කරනවා නම් මේ සේරම හොඳින් කියවල බලලම තීරණේ ඇරගන්න.

SHARE

NO COMMENTS