මංගල ඇඳුමට යට ඇඳුම් තෝරද්දී ඔබ‍ට මතුවන ගැටළු 7කට පිළිතුරු

මංගල දිනයට අවශ්‍ය යට ඇඳුම් තෝර ගන්න එක මංගල ඇඳුම තෝර ගන්න එක තරම්ම වැදගත්. මොකද නිවැරදි යට ඇඳුම් තමයි ඔබේ මංගල ඇඳුමේ ලස්සන වැඩි කරන්නේ. ඒත් යට ඇඳුම් තෝරා ගැනීමේදී ගොඩක් අයට ගොඩක් ගැටළු මතු වෙනවා. මංගල ඇඳුමට ගැළපෙන යට ඇඳුම් තෝරද්දී පොදුවේ මතුවන ගැටළු 7 කට පිළිතුරු තමයි අද කියන්න යන්නේ. ළඟදී විවාහ වෙන්න ඉන්නවා නම් ඔබත් මේක අනිවාර්යයෙන්ම කියවන්න

fb- like-beg


1) මංගල ඇඳුම තෝරන්න යද්දී මම මොනවද අරන් යන්න ඕනේ?

ඔබේ යට ඇඳුම් මිළදී ගන්න කලින් ඔබ ඔබේ මංගල ඇඳුම තෝර ගන්න ඕනේ. මංගල ඇඳුම තෝරන්න යනකොට අනිවාර්යයෙන්ම විවිධ වර්ගයේ යට ඇඳුම් කිහිපයක් අරන් යන්න අමතක කරන්න එපා. මොකද ගැළපෙන යට ඇඳුම් නැති විට ඔබ තොරා ගන්නා මංගල ඇඳුමේ නියම ස්වරුපයද හඳුනාගන්න බැරි වෙනවා.. ඒ නිසා විවිධ වර්ගයේ බ්‍රා දෙකතුනක්ම අරගෙන යන්න. ඊට පස්සේ ඔයාගේ ඇඳුමට ගැලපෙනම යට ඇඳුම මොකක්ද කියල හරියටම දැනගන්න පුළුවන්. එතකොට යට ඇඳුම් මිළදීගනිද්දී අමුතුවෙන් හිතන්න දෙයකුත් නැහැ.


02) මගේ ඇඳුමට හරියන්නේ මොන විධියේ යට ඇඳුමක් ද?


ඔබේ ඇඳුමට ගැළපෙන්නේ මොන විදියේ යට ඇඳුමක්ද කියන එක නම් තීරණය වෙන්නේ ඔබේ මංගල ඇඳුම අනුවයි. ඔබ පිට විවර වන ඇඳුමක් හෝ අත් රහිත ගවුමක් හෝ අඳිනවා නම් ඔබ තෝරා ගන්නා බ්‍රා එකද ඒ අනුව වෙනස් විය යුතුය. ඒ වගේම ඔබ තෝරා ගන්න යට කලිසම් සහ සායවල් ද ඔබේ ඇඳුමේ දිග, පැහැය අනුව තොරා ගත යුතුයි. වැදගත්ම දේ තමයි ඔබ මේ දේවල් මුළු දවස පුරාම ඇඳගෙන ඉන්න ඕන.. ඒ නිසා ඔබේ පහසුව ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න. ඇඟට ගොඩාක් හිර යට ඇඳුම් තොරා ගන්නත් එපා.


03) යට ඇඳුම් මිලදී ගන්න ඕන කොයි කාලෙට ද?

ඔබ ඔබේ මංගල දිනයට අඳින සියලුම ඇඳුම් මොනවද කියල හරියටම තීරණය කළාට පස්සේ ඔබට යට ඇඳුම් මිළදී ගන්න පුළුවන්. විවාහ දිනයට සති දෙකකට තුනකට කලින් යට ඇඳුම් මිලදී ගත්තහම ඇති. ගොඩක් වේලාසනින් යට ඇඳුම් මිලදී ගන්න එපා. මොකද වෙඩින් එක වෙද්දී ඔබේ සිරුරේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සති කිහිපයකට කලින් යට ඇඳුම් මිලදී ගත්තම හොදටම ඇති.


04) යට ඇඳුම් මිලදී ගන්න ඕන කොහෙන්ද?

ඔබ යට ඇඳුම් මිළදී ගත යුතු තැන තීරණය වෙන්නේ ඔබට අවශ්‍ය ඇඳුම් මතයි. ඔබට අවශ්‍ය යට ඇඳුම් මොනවද කියල තීරණය කළාට පස්සේ ඇඳුම් කඩ කිහිපයකට ගිහින් ඔබට අවශ්‍ය දේ තියනවද බලන්න. යට ඇඳුම් පමණක්ම තිබෙන කඩයකට ගියොත් ඔබට වඩාත් පහසුවෙන් අවශ්‍ය දේ තෝර ගන්න පුළුවන් වෙයි.


05) බඩ වැඩියි නේ මොකක්ද අඳින්නේ?

ඔබේත් උදරය ප්‍රදේශයේ මස් එල්ලා වැටෙනවා වගේද? බඩ නිසා ඇඳුම් අන්දම කැතයි ද? ඔබ සාරිය හෝ ඔසරිය අඳින විට නම් මේක එතරම් ගැටළුවක් වෙන්නේ නැහැ. ඒත් ගවුමක් අඳිනව නම් මේක ගැටළුවක්. ගොඩක් දෙනාන දැන් pre shoot වලට going away වලට ගවුම් අඳිනවනේ. ඒත් මේකට එතරම් කලබල වෙන්න එපා. ඇඟ හැඩ කරන යට ඇඳුම් ඕන තරම් දැන් වෙළඳපලේ තියනවා. ඒවගෙන් තමන්ට ගැළපෙන එකක් තොර ගත්තම මේ ගැටළුව ලේසියෙන්ම විසඳා ගන්න පුළුවන්.


06) මම අඳින්නේ පිට රහිත ඇඳුමක් නේ මම මොන වගේ බ්‍රා එකක්ද අඳින්න ඕනේ?

කලිනුත් කිව්වා වගේම ඔබ පිට විවර වන ඇඳුමක් අඳිනවා නම් ඒ සඳහා pasties වැනි විකල්ප භාවිත කළ යුතුය. එසේත් නැති නම් ඔබේ ඇඳුමටම බ්‍රා කප් ඇල්ලීම ද තවත් විසඳුමකි.


07) මොන පාට යට ඇඳුම්ද මම ගන්න ඕනේ?

අද ගොඩක් දෙනා අඳින්නේ සුදු පාට, රත්තරන් පාට, ක්‍රීම් පාට , ඇත්දළ පාට වැනි පාටවල මංගල ඇඳුම්. ඉතින් තෝර ගන්න යට ඇඳුනුත් මේ පාටවලට සමීප පැහැයන්ගෙන් තෝර ගන්න ඕන. ඒ වගේම ඔබ going away සඳහා වෙන පැහැයක ඇඳුමකුත්, දෙවෙනි දවස සඳහා තවත් පැහැයක ඇඳුමකුත් අඳින්න හිතන් ඇති. ඒ නිසා ඔබ අඳින ඇඳුම්වල වර්ණයන්ට හා ඔබේ හමේ වර්ණයටත් ගැළපෙන යට ඇඳුම් තෝර ගත්තොත් ඔබට කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ. ඔබේ ඇඳුම විනිවිද පේන ඇඳුමක් නම් යට ඇඳුම් තෝරා ගද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේමයි යට ඇඳුම් තෝරා ගද්දි මුලින්ම ඔබේ සුවපහසුව ගැන හිතන්න.


මේ දේවල් ගැන හොදට හිතලා ඔබේ මංගල දිනයට අවශ්‍ය යට ඇඳුම් තෝරා ගත්තොත් ඔබේ මංගල ඇඳුමට ඔබ හිතුවටත් වැඩ ලස්සනට ඉඳීවි.


කියවන්න :-

මංගල දිනයට මාස තුනක පමණ පෙර සිට යුවතියක් කළ යුතු දෑ 25ක්

SHARE

NO COMMENTS