උපත් පාලන ක්‍රමයක් ලෙස Depo Provera එන්නත භාවිතය සුදුසුද?

Depo Provera යනු කාන්තාවන් සඳහා වන උපත් පාලන ක්‍රමවේදයකි. මෙය ප්‍රොජෙස්ටරෝන් හා සමාන හොර්මොනයකින් නිපදවා ඇත.
මෙම එන්නත වෛද්‍යවරයා විසින් ඔබගේ අතට හෝ තට්ටම් ප්‍රදේශයට එන්නත් කරනු ලැබේ. එක් එන්නත් කිරීමක් සති 12ත් 14ත් අතර ප්‍රමාණයකට සෑහේ. එහෙත් පුර්ණ ආරක්ෂාවක් ලබා ගැනීමට නම් ඔබ සති 12ට වරක් ඔබ මෙම එන්නත ලබා ගත යුතුය.

fb- like-beg


කොපමණ කාලයකින් එය ක්‍රියාත්මකවීම ආරම්භ වන්නේද?

ඔබ මාසික ඔසප් වීමේ පළමු දින පහ ඇතුලත මෙම එන්නත ලබා ගතහොත් එය ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මකවීම ආරම්භ කරයි.


එහි ඵලදායීතාවය කොපමණද?

මෙයින් 99% ක් ම ගැබ් ගැනීම වළක්වා ගත හැක.


ඕනෑම කාන්තාවකට Depo Provera භාවිත කළ හැකිද?

සාමාන්‍යයෙන් මෙය බොහෝ කාන්තාවන් සඳහා සුදුසුය. එහෙත් පහත රෝග ඇති කාන්තාවන් සඳහා මෙය සුදුසු නොවේ.

  • හඳුනාගත නොහැකි ලෙස යෝනියෙන් ලේ වහනය වීම
  • අක්මාවේ රෝග
  • පියයුරු පිලිකා
  • රුධිරය කටිගැසීම්

වයසින් අඩු නව යොවුන් වයසේ සිටින තරුණියන් හා ඔස්ටියෝපොරෝසිස්( osteoporosis) ඇති කාන්තාවන් මෙම එන්නත ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ.


Depo Provera වල අතුරු ආබාධ මොනවද?

මෙයින් පහත දැක්වෙන ආකාරයේ අතුරු ආබාධ ඇති විය හැක.

  • අක්‍රමවත් ඔසප් වීම හෝ ඔසප් වීම නතර වීම.
  • හිසරදය
  • අලස බව
  • මානසික ආතතිය
  • ක්ලාන්තය
  • කුරුලෑ
  • කෑම අරුචිය
  • බර වැඩිවීම
  • මුහුණේ සහ සිරුරේ අනවශ්‍ය රෝම ඇති වීම.
  • හිසකෙස් ගැලවී යාම
  • අස්ථිවල ඛනිජලවන ඝණත්වය අඩු වීම

ඔසප් චක්‍රයේ ඇති වන වෙනස්වීම් මෙහි ප්‍රධාන අතුරු ආබාධයකි. මෙහිදී අක්‍රමවත් ලෙස රුධිරය පිට වීම සිදු විය හැක. මෙය වසරක් පමණ භාවිතයෙන් පසු කාන්තාවන්ගෙන් 50% ට පමණ ඔසප් වීම නතර වෙයි. ඔවුන් එන්නත් ලබාගැනීම නතර කිරීමෙන් පසු නැවත ඔසප් වීම ආරම්භ වේ.

දිගු කාලයක් තිස්සේ Depo Provera ලබා ගැනීමෙන් ශරීරයේ අස්ථිවල ඛනිජලවන ඝණත්වය අඩු වේ. එය ඔස්ටියෝපොරෝසිස් වැළඳීමේ ප්‍රවනතාවය වැඩි කරයි. වසර දෙකකට වඩා ඔබ එන්නත ලබා ගන්නේ නම්, ඔබේ පවුලේ ඔස්ටියෝපොරෝසිස් පෙර සිටම ඇත්නම්, ඔබ දුම් පානය කරන්නේ නම් සහ මත්පැන් පානය කරන්නේ නම් ඔබට ඔස්ටියෝපොරෝසිස් වැළඳීමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩිය.


Depo Provera ගැනීම නැවැත්වීමෙන් පසු නැවත ගැබ් ගත හැකිද?

ඔබ Depo Provera ගැනීම නවත්වා මාස 3ට හෝ 4ට පසු එනම් ඔබ අවසාන එන්නත ලබාගෙන මාස 3 ට හෝ 4 ට පසු ඔබට නැවත ගැබ් ගත හැකිය. එහෙත් ඇතැම් කාන්තාවන්ට මෙවැනි උපත් පාලන ක්‍රම නවත්වා නැවත ගැබ් ගැනීම සඳහා වරක් හෝ දෙකක් පමණ ගත වන අවස්ථා ද ඇත. මෙම කාලය සහ ඔබ එන්නත ලබා ගත කාලය අතර සබඳතාවයක් නැත.


Depo Provera හි වාසි මොනවාද?

  • දිනපතාම එය ලබා ගැනීමට හෝ ලිංගික එක්වීමෙන් පසු එය ලබා ගැනීමට හෝ මතක තබා ගැනීමේ අවශ්‍යතාවයක් නැත.
  • ඔබ මාස තුනකට වරක් එන්නත ලබා ගන්නා තුරු එමගින් ඔබට දීර්ඝ කාලින ආරක්ෂාවක් ලබා ගත හැක.
  • මෙය වඩා ප්‍රතිඵලදායි උපත් පාලන ක්‍රමයකි.
  • ඔබ දිනපතා ලබා ගන්නා උපත් පාලන පෙතිවලට වඩා මෙය ලාභදායි වේ. ඔබ ලබා ගන්නා පෙති වර්ගය අනුව මෙය තීරණය වේ.

Depo Provera හි අවාසි මොනවාද?

  • ක්‍රමානුකුලව නොකඩවා වෛද්‍යවරයා වෙත යාම අපහසු විය හැක.
  • ඔබ ගැබ් ගැනීමට අදහස් කරන්නේ නම් මාස කිහිපයකට පෙර Depo Provera ගැනීම නැවැත්විය යුතුය.
  • මෙය ඔසප් වීම අක්‍රමවත් වීමටත් අනෙක් අතුරු ආබධාවලටත් හේතු වේ.
  • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සඳහා මෙමගින් ආරක්ෂාවක් නොලැබේ.(අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයක් සඳහා කොන්ඩම් භාවිත කරන්න)

කියවන්න :-

නිරෝගී කාන්තාවන් සතු රහස් 6ක් මෙන්න

SHARE

NO COMMENTS