අලුතින් මිළදී ගන්න ඇඳුම් ඇඳීමට පෙර සේදිය යුත්තේ ඇයි?

බ අලුතෙන් මිළදී ගන්න ඇඳුම් හෝදන්නේ නැතුවම අඳිනවද? නිකමට හරි හිතලා තියනවා ද මේවා හෝදන්න ඕන කියලා? අලුතින් ගන්න ඇඳුම් අඳින්න කලින් සෝදන්න ඕන ඇයි කියල තමයි අද කියන්න යන්නේ.

fb- like-beg


අලුත් ඇඳුම් ඇත්තටම පිරිසිදු ද?

බැලු බැල්මට නම් අලුතෙන් මිළදී ගන්න ඇඳුම් ගොඩක් පිරිසිදුයි වගේ පේනවා. ඒත් ඒවා ඇත්තටම පිරිසිදු ද? මේ ඇඳුම් නිෂ්පාදනය කරන්නේ විශාල කර්මාන්තශාලාවල. ඔබ දන්නවා එක ඇඳුමක් විශාල පිරිසක් එකතු වෙලා මහනවා. උදාහරණයක් විදියට කමිසයක් නම් කොලරය එක්කෙනෙක්, අත් දෙක තව එක්කෙනෙක් මේ විදියට කිහිපදෙනෙක්ම එක ඇඳුමක් මහනවා. ඒ වගේමයි මේ ඇඳුම් විවිධ මැෂින් වලින් මහනවා. ඊට පස්ස මේවා විවිධ තැන්වලට ප්‍රවාහනය කරනවා. ඉතින් හිතල බලන්න මේ ඇඳුමක කොච්චර විෂබීජ ප්‍රමාණයක් ඇතිද කියලා. ඒ කියන්නේ අලුත් ඇඳුම් පිරිසිදු නැහැ. ඒ නිසා අලුතෙන් මිළදී ගන්න ඇඳුම් සොදන්නේ නැතිව අඳින එක නම් හොඳ නැහැ. මීට පස්සේ අනිවාර්යයෙන්ම අලුත් ඇඳුම් සෝදලා අඳින්න මතක තියා ගන්න.


අලුත් ඇඳුම්වල සමට අහිතකර රසායනික ද්‍රව්‍යන් තියෙන්න පුලුවන්

ඇඳුමක් නිෂ්පාදනයේදී එය වර්ණ ගැන්වීමට, යම් යම් කොටස් ඇලවීමට ආදි දේවලට විවිධ වර්ණ, රසායනික ද්‍රව්‍යයන් හා ගම් වර්ග ආදිය භාවිත කරනවා. සමහරවිට ඔබ ගන්න ඇඳුම්වල මේ දේවල් ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. මේ දේවල් ඔබේ සමට අහිතකර විය හැකියි. මේ දේවල් නිසා ඔබේ සමේ විවිධ ආසාත්මිකතා ද ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා අලුතින් ගේන ඇඳුම් සෝදලා අඳින එක ඉතාම වැදගත්.


ඔබ අඳින්න කලින් මේ ඇඳුම කීදෙනෙක් ඇඳල ඇතිද!

සමහරවිට ඔබ මේ ගැන නම් හිතන්නවත් කැමති නැති වෙයි. ඒත් ඔබ නිකමට හරි හිතල තියනවද ඔබ මිළදී ගන්නා ඇඳුම මීට කලින් කීදෙනෙකු ඇඳල ඇතිද කියල. ඇඳුම් කඩයකට ගියාම අපි හැමෝම ආස හිතෙන හැම ඇඳුම ම fit-on කරලා බලනවනේ. ඉතින් ඔබ ඒ ඇඳුම ගෙදර ගෙනත් නොසෝද අඳින එක හොඳඳ කියල හිතල බලන්න. විවිධ ලෙඩ රෝග තියන පුද්ගලයන්, විවිධ ආසාත්මිකතා තියන පුද්ගලයන්, මේ ඇඳුම් ඇඳල බලනවා. මේකෙන් ඔබටත් සමේ රෑෂ් ආදිය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අලුත් ඇඳුම් හෝදන්නේ නැතුව නම් අඳින්න එපා.


කවදාවත් යට ඇඳුම් නම් හෝදන්නේ නැතුව අඳින්න එපා

යට ඇඳුම් සහ පිහිනුම් ඇඳුම් කියන්නේ විෂබීජ හා බැක්ටීරියා පැතිරෙන්න පුළුවන් හොඳම මාර්ගයක්. කිහිපදෙනෙකුම ඇඳපු ඒවා අඳින්න ඔබ කැමති නැහැ නේද? මේකෙන් ලිංගාශ්‍රිතව ඇති විවිධ දිලීර බැක්ටීරියා ආදිය පහසුවෙන්ම එකිනෙකාට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ගත්ත ගමන්ම හෝදන්න ඕන කියල මතක තිය ගන්න.


අලුත් ඇඳුම් හෝදන්න හොඳම ක්‍රමය මේකයි.

අලුත් ඇඳුම් සෝදන එක ගැනත් විශේෂයෙන් හිතන්න ඕන. ඔබ එදිනෙදා අඳින ඇඳුම් නම් සබන් හෝ සබන් කුඩු දාලා හෝදනවා ඇති. එදිනෙදා කුණු දුවිලි ඉවත් කරන්න නම් ඒ ප්‍රමාණවත්. ඒත් අලුතින් ගන්න ඇඳුම්වල තියන බැක්ටීරියා, විෂබීජ ආදිය ඉවත් කරන්න නම් සබන් කුඩු විතරක් මදි. ඒ නිසා අලුතෙන් ගේන ඇඳුම් සෝදන්න කලින් හෝ සේදීමෙන් පසු හෝ උණු වතුරේ දාලා ටික වේලාවක් තියන්න. ඊට පස්ස අව්වේ හොඳින් වේළා ගන්න. මේකෙන් ඔබට ඔබේ ඇඳුම්වල තියන විෂබීජ හොඳින් ඉවත් කර ගන්න පුළුවන්. හැබැයි සමහර ඇඳුම් තද උණුවතුරට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා ඇඳුම් උණු වතුරේ දාන්න කලින් tag එක කියවල බලන්න ඒවා උණු වතුරේ දැම්මට කමක් නැද්ද කියල. ඒ වගේමයි තද අව්වේ ඇඳුම් වෙලද්දී ඒවගේ පාට පිච්චෙන්නේ නැති වෙන විදියට වෙළා ගන්නත් වග බලා ගන්න ඕන.

මේ විදියට අලුත් ඇඳුම් සෝදලා අඳින්න පුරුදු උනොත් ඔබටත් අසාත්මිකතා ආදියෙන් තොරව සෞඛ්‍යමත්ව ඉන්න පුළුවන් වේවි.

SHARE

NO COMMENTS