වෙනස් විධියේ දොර රෙදි (කර්ටන්) මෝස්‌තර කිහිපයක්

හැමදාම නිවසේ තියෙන්නේ එකම විධියේ දොර රෙදි ද? ඒවා දැකලම එපා වෙලා ද? අලුත් සහ වෙනස් විදියට දොර රෙදි හා ජනෙල් රෙදි දාන්න පුළුවන් විධි ගැනයි අද කියන්න යන්නේ.

fb- like-beg



සම්ප්‍රදායික විදියට දොරවල් දැමීම වෙනුවට කර්ටන් එකක් යොදා ගැනීමත් අද විලාසිතාවක් වෙලා. ඒ වගේම දොරත් සමගම තව කර්ටන් එකකුත් යොදා ගැනීමත් කරන්න පුළුවන්. ඒ වගේම විශාල සාලයක් කොටස් දෙකකට වෙන් කිරීමට වැනි දේවලටත් කර්ටන් භාවිත කිරීම සුදුසුයි, මෙහිදී භාවිත කරන්න පුළුවන් කර්ටන් වර්ග විවිධාකාරයෙන් තියෙනවා. ඒ වගේම මේකේ වාසි මෙන්ම අවාසිත් තියනවා


වාසි

  • දොරකට වඩා මෙවැනි තිර රෙදි නැත්නම් කර්ටන් භාවිතය වෙනස් මෙන්ම අලංකාර පෙනුමක් ඔබේ නිවසට ගෙන දෙයි.
  • දොරක් යෙදීමට යන වියදමට වඩා ඉතා අඩු වියදමකින් කර්ටන් නිර්මාණයක් කර ගත හැක.
  • දොරක් සැදීමට වඩා කර්ටන් මසා ගැනීම ඉතා පහසුය. මන්ද ඒවා කොටු හැඩය, ආරුක්කු හැඩය ආදි ඕනෑම හැඩයකට ගැලපෙන පරිදි  සකස් කර ගත හැකිය.
  • දොරක් සෑදීම සඳහා අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ දැනුම ඇති අයෙකුගේ සහය ලබා ගත යුතුය, එහෙත් කර්ටන් එකක් ඔබටම මසා ගත හැකිය
  • දොරක් යෙදීමේදී අවශ්‍ය ඉඩට වඩා අඩු ඉඩකින් ඔබට කර්ටන් එකක් සවි කර ගත හැක.

අවාසි

  • කර්ටන් භාවිතය තුළින් ඔබට ඔබගේ පෞද්ගලිකත්වය නැති වී යයි.
  • ශබ්දය හේතුවෙන් ද ඔබට බාධා ඇති වේ.
  • විවිධ ගඳ සුවඳ එක් අවකාශයකට පමණක් සීමා කිරීමේ හැකියාව නැති වී යයි.
  • සෑම ස්ථානයක් සඳහාම කර්ටන් සුදුසු නැත. නිදන කාමර, නාන කාමර, කාර්යාල කාමර ආදී පෞද්ගලිකත්වය රැකිය යුතු තැන්වලට මේවා නොගැලපේ.

දැවයෙන් කළ කර්ටන්

දැවයෙන් කළ කර්ටන් භාවිත කිරීමත් අද විශාල වශයෙන් ප්‍රචලිත වෙලා තියනව. බොහෝ විට මෙය ප්‍රධාන දොරත් සමග භාවිත කරනවා. ඒ වගේම එළිමහනට විවෘත වන විශාල ජනේල සඳහා ද මෙය භාවිත කළ හැකියි. උණ බටවලින් මෙය සැදීම ද අද වැඩි වශයෙන් ජනප්‍රිය වෙලා තියනවා. ඒ වගේම දැව බට, පතුරු, තීරු ආදියද මෙහිදී භාවිත කළ හැකියි. මෙහි ඇති වැදගත්ම දේ වන්නේ මෙය ස්වභාවික වීමයි.

ඔබට අවශ්‍ය නම් මේවා කඩෙන් මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබටම හදාගන්නත් පුළුවන්. එය ඔබට මානසික සතුටකුත් ගෙනදේවි.


රෙදි මගින් කළ කර්ටන්

වර්තමානයේ මෙය ද ඉතා ජනප්‍රිය විලාසිතාවක් වී ඇත. මෙහිද විවිධ වර්ග හැ මෝස්‌තර වෙළඳපලේ ඇත.

  1. කැරකෙන දොරවල් සඳහා කර්ටන්
  2. කාන්දම් කර්ටන්
  3. නුල් වලින් කළ කර්ටන්

රෙදි කර්ටන් ද ඔබටම සාදා ගත හැක. ඒ වගේම මේවා විවිධ වර්ණයන්ගෙන්, විවිධ මොස්තරයන්ගෙන් ද සාදා ගත හැක. ඒ නිසා ඔබේ නිවසේ වර්ණයන්ට ගැලපෙන පරිදි ඕනෑම වර්ණයකින් තොරා ගත හැක. මේවා මිළදී ගැනීමෙන් හෝ නිර්මාණය කිරීමෙන් අනතුරුව ආධාරකයක් භාවිත කර බිත්තියට සවි කළ හැක. නුල් කර්ටන් ඔබට ඉතාම පහසුවෙන් නිවසේදී කර ගත හැක. ඒ සඳහා නුල්, රිබන්, වුල් ආදි ඕනෑම දෙයක් භාවිත කළ හැක.


පබළු වලින් කළ කර්ටන්

පබළු වලින් කළ කර්ටන් භාවිතයෙන් නිවසට අමුතුම අලංකාරයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේකත් ඉතාම පහසුවෙන් ඔබටම සාදා ගන්න පුළුවන්. මෙහිදී ලී පබළු, ප්ලාස්ටික් පබළු, වීදුරු පබළු හෝ ලෝහ පබළු භාවිත කරන්න පුළුවන්. හැබැයි වීදුරු පබළු ගන්නකොට ටිකක් පරෙස්සමෙන්. වැඩි කාලයක් තියා ගන්න පුළුවන් පබළු වර්ගයක් තෝර ගන්න. ඊට පස්සේ ඒවා නුලක අමුණා ලේසියෙන්ම මේක හදා ගන්න පුළුවන්. එහිදී අවශ්‍ය නම් මල් වැනි දෙයක් එකතු කර ගැනීමෙන් ලස්සන තවත් වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම විවිධ රටාවන්ට අනුව පබළු ඇමිනීමෙන් මේක තවත් ලස්සන කර ගන්න පුළුවන්.

SHARE

NO COMMENTS