මනමාලියක් වෙන්න ඉන්න ඔබ දැනගත යුතු කරුණු 16 ක් – 2 කොටස

09) විවාහය දිනයට මුහුණ දෙන්නේ කොහොමද?

එදා දවස පටන් ගන්නේ කොහොමද කියල හිතෙනවද? එදා උදේ නැගිට්ට ගමන් මුලින්ම හොඳ ගැඹුරු හුස්මක් ගන්න. අද මොනවා වෙයිද කියල හිතන්න එපා. පෝරුවේ චාරිත්‍ර හොඳට කර ගන්න පුළුවන් වෙයිද, හොටෙල් එක ලස්සනට සරසල ඇතිද, කෑම හොඳට තියෙයිද වගේ දේවල් හිතන්න යන්න එපා. හොදටම සැලසුම් කරපු වෙඩින් එක නෙවෙයි ලස්සනම වෙඩින් එක වෙන්නේ. ඒ නිසා මේ දේවල් ඔලුවට ගන්නේ නැතුව සැහැල්ලුවෙන් හිනා වෙලා ලෑස්ති වෙන්න පටන් ගන්න.


fb- like-beg


10) ඕනවට වඩා මේකප් දන්නා එපා

විවාහය කියන්නේ ඔබේ ජීවිතේ වැදගත්ම දවස. එදාට ඔබ ඔබම විය යුතුයි. ඔබ වෙනස්ම කෙනෙක් ලෙස පෙන්න හොඳ නැහැ. සමහර මේකප් නිසා ඔබව සම්පුර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔබේ පෙම්වතා තෝරාගෙන තියෙනේ ඔහුට විවාහකර ගත යුතු තරුණියවයි. අනවශ්‍ය ලෙස මේකප් යොදා ඔබ වෙනත් කෙනෙක් වෙන්න එපා. ඔබේ මේකප් ආටිස්ට් ඕනවට වඩා මේකප් දානවා කියල හිතෙනවා නම් ඒ බව දන්වා ඔබට අවශ්‍ය ආකාරයට මේකප් එක කර ගන්න.


11) ඕනවට වඩා පර්ෆියුම් භාවිත කරන්න එපා.

එදාට මනමාලියට කලින් මනමාලිගේ සුවඳ මිනිස්සු අතරට යන එක නම් හොඳ නැහැ. ඒ කියන්නේ පර්ෆියුම් නාන්න එපා කියලයි. මැණික් කටුව අසල අතේ සහ බෙල්ල දෙපැත්තේ පර්ෆියුම් ටිකක් ආලේප කළාම හොඳටම ඇති


12) හැමෝටම ස්තුති කරන්න

එදාට ඔබ විශේෂයි තමයි. ඒත් එහෙම කියල අනික් අයව නොසලකා හරින්න එපා. ඔබේ දෙවන මනමාලියන්ටත් දවස පටන් ගන්නකොටම ස්තූති කරන්න. එයින් ඔවුන් තවත් උනන්දු වී ඔබට සහය වේවි. එදාට අනික් අයට බණිමින් කේන්ති ගන්න නම් එපා. ඒකෙන් අනික් අයගේ හිත රිදෙන නිසා ඔවුන් ඔබට හදවතින්ම සුබ පතන එකකුත් නැහැ. ඒ වගේම දවස අවසානයේදීත් ඔබට උදව් කරපු අයට මෙන්ම එදින සහභාගී වූ අයටත් ස්තූති කරන්න අමතක කරන්න එපා. එයින් විවාහයට පසුවත් ඔබ පිළිබඳ ඔවුන් තුළ ඇති ආකල්ප තවත් යහපත් වේවි.


13) මංගල රාත්‍රිය

මංගල රාත්‍රිය ගැන ඔබට බොහෝ බලාපොරොත්තු මෙන්ම හීන ඇති. ඒත් ඔබ එදාට ගොඩක් මහන්සියෙන් ඉන්නේ. ඒ නිසා ඔබ ඇඳුම් පිටින්ම නින්දට වැටෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ ගැන පසුතැවිලි වෙන්න එපා.


කියවන්න :-

ලඟදි විවාහ වෙන්නද ඉන්නේ? නැත්නම් විවාහ වුණා විතරද?


14) මධු සමය

මධු සමය කියන්නෙත් ඔබේ ජීවිතේ වැදගත්ම දවස් කිහිපයක්. ගොඩක් දෙනා මධුසමය සැලසුම් කරද්දී හිතන්නේ අඳින ඇඳුම් ගැන විතරයි. ඒත් ඇඳුම් විතරක්ම නෙවෙයි ඔබ ඉන්න දවස් සියල්ලටම ගැළපෙන සැලසුමක් හදන්න. ඔබ දෙදෙනා තනිවම ඈත පළාතකට ගොස් නිවසක් අරන් ඉන්න හිතන් ඉන්නවා නම් ඊට අවශ්‍ය කෑම බීම පවා රැගෙන යන්න මතක තියා ගන්න. ඒ වගේම ඒ සුන්දර දවස් මතකයේ තියා ගන්න කැමරාවකුත් අරන් යන්න අමතක කරන්න එපා.


15) විවාහයෙන් පස්සේ නම ගැටලුවක්ද?

ඔබ විවාහයෙන් පස්සේ වාසගම වෙනස් කරන්න හිතන් ඉන්නවද? සමහර වෙලාවට ඔබ වාසගම වෙනස් කළත් ඔබේ ඇතැම් යාලුවෝ ඔබට ඔබේ පෙර වාසගමින්ම කතා කරන්න ඉඩ තියනවා. ඒත් ඒ ගැන කේන්ති ගන්න එපා. කාලයක් යන විට ඔවුන් එයට පුරුදු වේවි.


16) විවාහයෙන් පස්සේ ජීවිතේ වෙනස්

විවාහයෙන් පස්සේ ඔබ අලුත් නිවසක ඉන්න පුළුවන්. එය ඔබට අලුත් පරිසරයක්. ඉස්සර ගෙදර හිටිය වගේ සැහැල්ලුවෙන් ඉන්න මුලදී ටිකක් අමාරු වෙයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම අලුත් නිවසේ උයන පිහින වැඩ කටයුතු, පිරිසිදු කිරීම් ආදියට ඔබට දායකවෙන්න වේවි. ඒ වගේම ඔබේ නිවසේදී මෙන් නෙවෙයි මෙහෙදී කෑමට යනවිට පවා යට ඇඳුම්වල සිට නිසි පිළිවෙලට තබා ගන්න වෙවි. ඒත් කාලයත් එක්ක ඔබ මේ දේවල්වලට හුරු වේවි.


මෙම ලිපියේ පළමු කොටස සදහා ක්ලික් කරන්න..

මනමාලියක් වෙන්න ඉන්න ඔබ දැනගත යුතු කරුණු 16 ක් – 1 කොටස

SHARE

NO COMMENTS