ඔබ ආදරය කරන්නේ ආත්මාර්තකමියෙකුටද ?

බේ පෙම්වතාටත් ඔබට වඩා වැදගත් එයාගේ වැඩද? ඔබ වෙනුවෙන් කාලයක් ඇත්තෙම නැද්ද? ඔබ එයා කියන හැමදේම කරන්න ඕනද? එහෙනම් පරෙස්සමින්, ඔබ ආදරය කරන්නෙත් මමත්වයෙන් පිරුණු අත්මර්තකාමියෙකුට වෙන්න පුළුවන්. ඒ ගැන හරියටම දැන ගන්න පහත ලිපිය කියවන්න. ඒ ලක්ෂණ ඔබේ පෙම්වතාගේත් තියනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න.

fb- like-beg


01) තමන් පිළිබඳ කථා කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.

ඔබේ පෙම්වතා ආත්මාර්ථකාමී ද කියල හඳුනා ගන්න ලේසිම ක්‍රමයක් තමා ඔහුගේ කතාබහට හොඳින් ඇහුම්කන් දීම. ආත්මාර්ථකාමී අය තමන් පිළිබඳ කථා කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. එහිදී ඔවුන් නැති දේවල් පවා මව පාමින් තමන් පිළිබඳ වැඩි වශයෙන් වර්ණනා කිරීමට කැමැත්තක් දක්වනවා. එමෙන්ම සංවාදයකදී තමන්ට වැඩි ස්ථානයක් හා වැඩි ඉඩකඩක් ලබා ගැනීමට ඔවුන් උත්සහ දරනවා. මෙවැනි පුද්ගලයන් සංවාදයේ යෙදෙන විට බොහෝ විට තමන්ගේ හැකියාවන්, තමන් දිනා ගත් දේවල්, අන් අයට ඉරිසියා හිතෙන දේවල්, අන් අය පහත හෙලමින් තමන් උසස් කොට දක්වන දේවල්, අනික් පුද්ගලයන්ගේ ගැටළු ආදිය පිළිබඳ සංවාදයේ යෙදෙමින් තමන් පිලිබඳ වර්ණනා කරනව. ඔබේ පෙම්වතාගේත් මේ ලක්ෂණ තියනවා නම් ඔහු පිළිබඳ වැඩිපුර සලකිලිමත් වන්න.


02) ආකර්ශනීය හා පොළඹවන සුලු ලෙස හැසිරේ

බොහෝ ආත්මාර්ථකාමී පුද්ගලයන් ඉතාමත් ආකර්ශනීය, සිත් ඇදගන්නාසුලු සහ පෙලඹවීමක් ඇති කරන පුද්ගලයන් වේ. විශේෂයෙන්ම සම්බන්ධතාවයක් ආරම්භයේදී මෙම ලක්ෂණ වැඩි වශයෙන් දැකිය හැක. මෙයට හේතුව වන්නේ මෙම මුල් අවධියේදී ඔවුන් ඔබව නතු කර ගැනීමට, ඔබව දිනා ගැනීමට උත්සහ කිරීමයි. ඔවුන් ඔවුනගේ ආකර්ෂණය තුළින් ඔබේ අවධානය දිනා ගැනීමටත්, පුරාජේරු කතා මගින් ඔබව දිනා ගැනීමටත් උත්සහ දරයි. එමෙන්ම බොරු ආටෝපයන් සහිත ක්‍රියා වලින් (තෑගී දීම, සාදවලට කැඳවා යෑම, ලිංගික ආස්වාදයන් දීම,) ඔබ තුල ඔහු කෙරෙහි ආදරයක් ඇති කිරීමට උත්සහ කරයි. එයින් ඔවුනට අවශ්‍ය දෙය ලබා ගැනීමට කටයුතු කරයි.

ආකර්ශනීය සැබෑ ආදරවන්තයකුගේ වරදක් කිසිවකුට නොපෙනෙන බැවින් ඔවුන් මෙම මවාපෑම්වලට මුවා වී අනෙක් අයව රවටා ගනී. ඔහු ඇත්තටම ඔබ පිළිබඳ උනන්දු නැහැ. ඔහුට සැබෑවටම අවශ්‍ය වන්නේ ඔහු තුල ඇති හිස් බව පුරවා ගැනීමට ඔබ සමග සබඳතාවයක් ගොඩනගා ගැනීමටයි.


03) විශ්වසනීයත්වයක් නොමැතිවීම හා කියන දෙය නොකිරීම

ආත්මාර්ථකාමී අය හඳුනා ගත හැකි තවත් ක්‍රමයක් වනුයේ ඔහු පවසන දෙය හා ඔහු කරන දෙය අතර සම්බන්ධතාවය බැලීමයි. බොහෝ ආත්මාර්තකකාමී පුද්ගලයන් විශ්වාසය කඩ කරන අතර ඔවුන් පොරොන්දු රැකීමටද අපොහොසත් වේ. නොකඩවා පොරොන්දු කඩ කිරීම, යමක් පිළිබඳ දුන් තීරණ නිතර නිතර වෙනස් කිරීම, විවිධ හේතු නිසා වැඩ කල් දැමීම හෝ මග හැරීම ආදිය මොවුන්ගේ ලක්ෂණ වේ. ඔබ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන බව කටින් සිය වරක් පැවසුවද එය ක්‍රියාවෙහි යෙදවීමට ඔවුන් අපොහොසත් වේ. මෙලෙස ඔබේ පෙම්වතා පවසන දේ සහ කරන දේවල් එකිනෙකට විරුද්ධ යැයි ඔබට තේරෙනවා නම් ඔබ ආදරය කරන්නේ ආත්මාර්ථකාමී මමත්වයෙන් පිරි අයෙකුට විය හැකියි.


04) ඉක්මන් ප්‍රතිචාර බලාපොරොත්තු වීම.

මෙවැනි පුද්ගලයන් තමන් ගැනම සිතන නිතර තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට උත්සහ දරන අය වේ. උදාහරණයක් ලෙස ඔහුගේ කෙටි පණිවිඩ හෝ දුරකථන ඇමතුම් සඳහා ඉක්මන් පිළිතුරු බලාපොරොත්තු වීම, ඔහුගේ විධියට කටයුතු කිරීමට ඔබට බල කිරීම ආදිය සඳහන් කළ හැක. ඔහුගේ ඉල්ලීමකට “බැහැ” හෝ “මට ඒ ගැන තව හිතන්න ඕන” යැයි පවසා ඔහු ඒ පිළිබඳ කටයුතු කරන ආකාරය අනුව ඔබට ඔහු තමන් ගැන පමණක් සිතන අයෙක්ද යන්න නිශ්චය කර ගත හැක. ඔහු එයට කේන්ති ගන්නේ නම් හෝ ඔබට බල කරන්නේ නම් ඔබට ඔහු පිළිබඳ තීරණයක් ගත හැක.


05) නීති කඩ කරන්නෙක්, සීමා ඉක්මවා යන්නෙක්

මෙවැනි පුද්ගලයන් බොහෝ විට නීති කඩ කිරීමට හා සමාජ සම්මතයන්ගෙන් විරුද්ධව කටයුතු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. උදාහරණ ලෙස මාර්ග නීති කඩ කිරීම, නියෝගයන් කඩ කිරීම, කාර්යාලයේ බඩු සොරකම් කිරීම ආදිය දැක්විය හැක.
ඒ වගේම මෙවැනි පුද්ගලයන් ඉතා නොහික්මුණු ලෙස අනෙක් පුද්ගලයන්ගේ හැඟීම්, කාලය, සිතුවිලි ආදිය නොසලකා හරියි. මොවුන් අනෙක් පුද්ගලයන්ට අනුකම්පාව දක්වනවා වෙනුවට ඔවුන්ව තලා පෙළා දැමීමට කටයුතු කරයි.


කියවන්න :-

ඔහු ඔබට ඇත්තටම ආදරේ නම් මේ දේවල් 5 කැමැත්තෙන්ම කරනවා


06) හිමිකම

මොවුන් නිතරම අනෙක් අයගෙන් පක්ෂපාතීත්වය බලාපොරොත්තු වේ. අනෙක් අය තමාගේ අවශ්‍යතා සම්පුර්ණ කර දේවි යැයි මොවුන් බලාපොරොත්තු වේ. එහෙත් පෙරලා ඔවුනට උදව් කළ යුතු යැයි නොසිතයි. ඔවුන්ගේ මානසිකත්වය අනුව මුළු ලෝකයම ඇත්තේ ඔවුන් වටා පමණක් බව සිතයි. ඔබගේ පෙම්වතා ඔහු වටා ඉන්න සේවක පිරිසට සලකන ආකාරය අනුව මෙය තේරුම් ගත හැක. උදාහරණයක් ලෙස ආහාර ගැනීමට ගිය විට වේටර්ට හෝ ඔහු යටතේ ඉන්න අනෙකුත් සේවක පිරිසට සලකන ආකාරය පිලිබඳ තරමක් සැලකිලිමත් වන්න. එවැනි අවස්ථාවල ඔහු ලොක්කෙකු මෙන් එම සේවකයන්ට අණ දෙන්නේ නම් එය නොසලකා හැරීමෙන් වළකින්න. ඔහු ඔබට ද මෙලෙසම අණ කිරීමට පෙළඹිය හැක.


07) තමන්ගේ වාසියට අනෙක් අයව යොදා ගැනීම.

මෙවැනි ආත්මාර්ථකාමී පුද්ගලයන් තමන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කිරීම සඳහා අනික් අයව යොදා ගනී. උදාහරණයක් ලෙස සිය මිතුරන්ට ඉරිසියාව දැනවීමට සිය පෙම්වතිය යොදා ගනී. ඔවුන් නිතර මෙවැනි දෑ කියයි.
“මට ඉවසිල්ලක් නැහැ ඔයාව මගේ යාළුවන්ට පෙන්වනකන්. එතකොට ඒ ගොල්ලන්ට ගොඩක් ඉරිසියා හිතෙයි.”


08) නිතර අනෙක් අයව පහත් කොට සළකයි

තමන්ගේ නොහැකියාව වසාගෙන තමා උසස්කොට පෙන්වීමට මොවුන් අනෙක් පුද්ගලයන්ව නිතර පහත් කොට කථා කරයි. තමන්ගේ උසස් බව පෙන්වීමට තමන්ගේ මිතුරන් හෝ නෑදෑයන්ගේ අඩුපාඩු හෝ අසාර්ථකවීම් ඔබ සමග පැවසීමද මොවුන්ගේ තවත් එක් ලක්ෂණයක්. මෙලෙස ඔහුගේ උසස් බව ඔබට පවසමින් ඔබගෙන් ගෞරවය ලබා ගැනීමට ඔවුන් පෙළඹේ. මෙවන් ලක්ෂණ ඔබේ පෙම්වතාගේත් පවතින්නේ නම් ඔහුගේ අරමුණු මොනවාද, ඔහුගේ සැබෑ ස්වරුපය මෙයමද, ඔහු ඔබව රවටනවාද යන්න සොයා බැලීම තුලින් ඔබට ඔහු පිළිබඳ නිසි තීරණයකට එළඹිය හැක.


09) ඔහුට අවශ්‍ය දෙය ඔබ ලබා නොදුන් විට ඔබ කෙරෙහි ඍණාත්මක ආකල්ප ඇති කර ගනියි.

තමන්ගේ මතයට එකඟ නොවීම හෝ තමාව ප්‍රතික්ෂේප කිරීම මොවුනට දර ගත නොහැක. එනිසා ඔබ ඔහුට අවශ්‍ය දෙය නොකළ විට ඔහු ඔබ සමග කේන්ති ගැනීම, ඔබට පහර දීම හෝ බැන වැදීම, ආදිය සිදු කරයි. එය නම් එතරම් සුබදායි නොවේ.


10) සාර්ථක සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට අපොහොසත් වීම.

ඔබ ඔබේ පෙම්වතා සමග දිගු කලක පටන් ඇසුරු කරන නමුත් ඔහු ඒ පිළිබඳ නිසි තීරණයකට එළඹීමට අපොහොසත් නම් ඒ පිළිබඳ මදක් සිතා බැලිය යුතුය. මෙලෙස සිය සබඳතාවය පිළිබඳ නිසි තීරනයක් ගැනීමට නොහැකි වීම සඳහා විවිධ හේතු සාදක බලපායි. තමන් ගැන පමණක්ම සිතන අය මෙලෙස කරනුයේ ඔවුනට අවශ්‍ය වනුයේ ඔබේ සම්බන්ධතාවයෙන් වාසි ලබා ගැනීමට පමණක් වීම නිසාය. එනිසා ඔබේ පෙම්වතාත් ඔබේ සබඳතාවය ගැන දෙපැත්තට වැනෙමින් ඉන්න කෙනෙක් නම් ඒ ගැන නැවත සිතා බලන එක වටිනවා.


ඔබත් මෙවන් පුද්ගලයකු සමග සබඳතාවයක ඉන්නේ නම් ඔබ ගොඩක් පසුතැවිලි වෙනවා ඇති. ඒත් මෙම ගැටළු විසඳා ගැනීමටද බොහෝ ක්‍රම හඳුන්වා දී ඇත. ඒ නිසා පළමුව ඔබේ පෙම්වතා ඇත්තටම ඔබට ආදරේද කියල සොයල බලන්න. ඊට පස්සේ ඊට අවශ්‍ය පිළියම් අනුගමනය කරන්න.

SHARE

NO COMMENTS