මනමාලියක් වෙන්න ඉන්න ඔබ දැනගත යුතු කරුණු 16 ක් – 1 කොටස

01) අවබෝධයෙන් යුතුව වැඩ කරන්න

මේ කාලයේදී රුපවාහිනියේ විවාහ වැඩසටහන් බලන්න. විවාහ සඳහා තිබෙන ප්‍රදර්ශන ආදිය නැරඹීමට යන්න. ඒත් මතක තියා ගන්න. ඒ දේවල් බලල ඇවිත් ඒවගේ තියන හැමදේම නම් කරන්න යන්න එපා. තමන්ට ගැලපෙන දේ විතරක් තෝරා ගන්න. කලබල වෙන්න එපා. විවාහයේ කටයුතු ඔලුවට බරක් කරගන්නේ නැතුව සැහැල්ලුවෙන් ඉන්න


fb- like-beg


02) රුපලාවන්‍ය ගැන හිතන්න

විවාහය අත ළඟටම ආවට පස්සේ රුපලාවන්‍ය කටයුතු කරන්න එපා. ඉක්මන් ප්‍රතිඵල ගැනීමට සමට අහිතකර රසායනික ප්‍රතිකාරයන් ද කිරීමෙන් වළකින්න. මාස 6ට පමණ පෙර සිට සමට අවශ්‍ය සත්කාරයන් පිළිබඳ උපදෙස් ලබාගෙන සත්කාර කිරීම ආරම්භ කරන්න. එවිට විවාහ දිනය වන විට ඔබට ලස්සන මෙන්ම නිරෝගිමත් සමක් ලබා ගැනීමට හැකි වේවි. හැකි තරම් ස්වභාවික සත්කාරවලට යොමුවන්න. එයින් සමට හානිවීම වළක්වා ගත හැක. ඒ වගේම මේ කාලයේ අව්වට යාමෙන් වැළකි සිටින්න උත්සහ කරන්න. එළියට යන විට නිතර හොඳින් සිරුර වැසෙන ඇඳුම් අඳින්න. එයින් හිරු එළියෙන් සම පිළිස්සීම වළක්වා ගත හැක


03) යට ඇඳුම් ගැන සැළකිලිමත් වෙන්න

ඔබේ මංගල දිනය සඳහා යට ඇඳුම් මිළදී ගැනීමේදී විශේෂයෙන් සැළකිලිමත් වෙන්න, විවාහයට මාස ගණනකට පෙර යට ඇඳුම් ගන්න එපා. මොකද විවාහය වෙද්දී ඔබේ ශරීරයේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ එදිනට අඳින ඇඳුම අනුව යට ඇඳුම් තෝර ගන්න. වැරදි යට ඇඳුම් නිසා ඔබේ මංගල ඇඳුමේ ලස්සනද නැති වී යන්න පුළුවන්. ඒ වගේමයි විවාහයෙන් පස්සේ අඳින්න යට ඇඳුම් ගන්න විටත් අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගන්න. විවාහයෙන් පසුත් ඔබේ ශරීරයේ ප්‍රමාණය වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා යට ඇඳුම් ගන්නකොට පස්සේ අඳින්න කියල විශාල ප්‍රමාණයෙන් ගැනීමෙන් වළකින්න.


04) ව්‍යායාම

ඔබ තරමක් මහත කෙනෙක් නම් සිරුර ටිකක් හැඩ කරගන්න එක ඔබේ වගකීමක්. විශේෂයෙන්ම කාන්තාවන්ගේ අත් මහතින් වැඩියි මෙන්ම කෙට්ටු කර ගැනීමත් තරමක් අමාරුයි. ඒත් ඔබේ සිරුර හැඩට තිබුණොත් විතරයි එදාට ඔබ ලස්සනට ඉන්නේ. ඒ නිසා ටිකක් මහන්සි වෙලා තමන්ගේ සිරුර හැඩ කරගත්තොත් ඔබටත් එදාට සුන්දර මනාලියක් වෙන්න පුළුවන් වේවි.


කියවන්න :-

මංගල දිනයට මාස තුනක පමණ පෙර සිට යුවතියක් කළ යුතු දෑ 25ක්


05) විවාහයට කලින් දවසේ රාත්‍රිය

විවහට පෙර ඔබට චකිතයක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා විවාහයට පෙර දින රාත්‍රිය ඔබ වඩා ආදරය කරන පවුලේ සමීපයන් හෝ ඔබේ ළඟම මිතුරියන් සමග හෝ ගත කරන එක වඩාත් හොඳයි. ඒ වගේම ඔබව කලබල කරන, බය කරන අය එක්ක මේ දවස ගත කරන්න එපා. ඔබට නිතර සහය වන කෙනෙක් එක්ක මේ දවස ගත කරන එක වඩා හොඳයි.


06) විවාහය දවසේ අනික් අය කරන දේවල් හිතන්න එපා.

විවාහය දවසට මොනවා වෙයිද කියල හිතල ඔබේ ඔළුව අවුල් කර ගන්න නම් එපා. නෑදෑයෝ, යහළුවෝ කොහොම හැසිරෙයිද කියල ඔබ හිතන්න එපා. වෙඩින් එකකට ඇවිත් හරියට හැසිරෙන්න බැරි නම් ඒක ඒ අයගේ ප්‍රශ්නයක්. ඒ ගැන සිතීමෙන් ඔබ මානසික පීඩනයට පත්වනවා. ඒ නිසා ඔබ ඒ ගැන සිතීමෙන් වළකින්න.


07) එදාට විතරක් පුංචි දරුවන්ව ටිකක් ඈත් කරන්න

පුංචි දරුවන් කියන්නේ දඟමලු. ඒ ගොල්ලන්ව ළඟට ගන්න එක නම් එච්චර නුවණට හුරු නැහැ. මේ දවසට විතරක් ඔබේ මංගල ඇඳුම්, දෙවෙනි මනාලියන්ගේ ඇඳුම් ආදිය තියන තැන් පුංචි දරුවන්ට තහනම් කළොත් හොඳයි. ඔබේ ඇඳුමකට හානියක් වුණොත් හරි ඇඳුම්වල මොනවා හරි ගෑවුනොත් හරි වෙන දේ හිතාගන්න පුළුවන් නේ. ඒ නිසා ඔබේ නෑදෑයින්ගේ දරුවන් වුණත් ඔබේ මල් කුමරියන් වුනත් මේ දේවල්වලින් ඈත් කරලා තියන්න.


08) ඔබ සූදානම් වන විට ඕනවට වඩා කට්ටිය කාමරයට ගන්න එපා.

ඔබ සූදානම් වෙන්නේ සැලෝන් එකක වුණත් නිවසේ වුණත් ඔබ සූදානම් වන තැනට වැඩිය කට්ටිය ගෙන්න ගන්න එපා. ඔබ සැලෝන් එකට යනවනම් ගොඩක් කට්ටිය එක්කගෙන යන්න එපා. ඔවුන් ඔබේ ඇඳුම්, මේකප් ගැන විවිධ අදහස් පළ කරාවී. එතකොට ඔබව ලෑස්ති කරවන කෙනාටත් එයාගේ වැඩේ හරියට කර ගන්න බැරි වේවි. ඒ වගේම ඔබ ලස්සන නැහැ කියල ඔබටත් හිතෙන්න ගනීවි. ඒ නිසා ඕනවට වඩා කට්ටිය එතැනට ගෙන්වාගැනීමෙන් වළකින්න.


මෙම ලිපියේ දෙවන කොටස සදහා ක්ලික් කරන්න..

මනමාලියක් වෙන්න ඉන්න ඔබ දැනගත යුතු කරුණු 16 ක් – 2 කොටස

SHARE

NO COMMENTS