පියයුරු ගැන කාන්තා ඔබ විසින් දැනගත යුතු දේවල් 10 ක්

01) ඔසප් වීමෙන් පසු පියයුරු වැඩෙන්නේ නැද්ද?

සමහරවිට ඔබට මතකත් නැතුව ඇති පුන්චිකාලේ ඔබට තිබුණු පියයුරු අද තියන තත්වයට පත් වුණේ කවදද කියල. ඒත් ඔබ දන්නවද ඉතා වේගයෙන් ශරීරය වර්ධනය වුණු ඒ කාලයට පස්සෙත් ඔබේ සිරුර වර්ධනය වන බව. සාමාන්‍යයෙන් ඔබ වැඩි වියට පත් වූ පසු තවත් අවුරුදු පහක් පමණ යන තුරු ඔබේ පියයුරු වර්ධනය වීම සිදු වේ.


fb- like-beg


02) පියයුරුවල හොඳම කාලය මොකක්ද?

ඔබේ පියයුරු සම්පුර්ණයෙන්ම වර්ධනය වූ පසු ඒවා ඉතා ලස්සනට දිස්වේ. වයස 20ත් 30ත් අතර කාලය තුළ මෙම අවධිය තමා ඔබේ පියයුරු වල සෞඛ්‍යමත්ම අවධිය. ඒවා ඉතා තදට සහ මනා හැඩයකින් යුතුව දිස් වන්නේ මේ අවධියේදීයි. ඔබේ පියයුරු ගොඩාක් විශාල නැත්නම් මේ අවධියේ දී ඒවා එල්ලා වැටීම සිදු වන්නේ ද නැත. ඒ නිසා මේ අවධියේ දී ඔබේ පියයුරු ගැන ඔබට බොහොම ආඩම්බරයෙන් ඉන්න පුළුවන්.


03) මේවා නිසා ඔබේ පියයුරුවල ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්

ඔබේ නව යෞවන විය අවසන් වූ පසු ඔබේ පියයුරු අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වී ඇත. එසේ වුවද ඔබගේ ඔසප් වීම, ගැබ් ගැනීම, බර වැඩි වීම ආදිය මත පියයුරුවල ප්‍රමාණය ද වරින් වර වෙනස් විය හැක. ඔබගේ හෝර්මෝනවල වෙනස්වීම පියයුරුවල වෙනස් වීමට ඍජුවම බලපායි. ඔබගේ සිරුරේ බර වැඩි වීම හා අඩු වීම ද මෙයට බලපාන තවත් කරුණකි. සමහරුන්ගේ බර වැඩි වීමේදී අනෙක් අවයවවලට වඩා පියයුරුවල බර වැඩි වේ. ඒත් බර අඩු වීමත් සමගම පියයුරුවල ප්‍රමාණය ද අඩු වේ. ඔබ කිරි දෙන අවධියේ දී ද පියයුරු විශාල වන අතර කිරි දීම නැවත්වීමෙන් පසු නැවත පියයුරු ද යථා තත්වයට පත් වේ.


04) ඔබගේ තනපුඩුත් වෙනස් වෙන්න පුළුවන්

කිරි දෙන අවධියේදී ඔබේ පියයුරු විශාල වීමට අමතරව තනපුඩු අවට පැහැය වෙනස් වීම ද තන පුඩු විශාල වීමද සිදු විය හැක. කිරි දීම නැවැත්වීමෙන් පසු මෙම වර්ණය හා ප්‍රමාණය නැවත යථා තත්ත්වයට පත් වේ. එහෙත් ඇතැම් කාන්තාවන්ගේ තනපුඩු නැවත යථා තත්ත්වයට පත් නොවීමට ද ඉඩ ඇත.


05) 30න් පස්සේ මෙන්න මෙහෙමයි

ඔබ වයස 30 පසු කළ පසු ඇතැම් විට ඔබ ඔබේ පියයුරු පෙරට වඩා සිනිදු ලෙස දැනීමේ ඉඩ කඩ ඇත. ඔබේ සිරුරේ බර වැඩි වීම ද මෙයට හේතුවක් විය හැකියි. මෙලෙස පෙර තිබූ තද බව නැති වී සිනිඳු වීමට හේතුව වන්නේ ඔබේ සිරුරේ පටක ක්‍රමයෙන් අඩු වී මේදය තැන්පත් වීම නිසයි.


06) පියයුරු එල්ලා වැටෙන්නේ මේ කාලයේදීයි.

ඔබ ආර්තවහරණයට ලං වන විට හා අර්තවහරණයෙන් පසු පෙර තිබූ පරිදි සුන්දර පියයුරු ඔබට හිමි නොවනු ඇත. ඒ වෙනුවට ඔබට එල්ලා වැටෙන පියයුරු හිමි වනු ඇත. වයසට යාමත් සමග ඔබේ සම ද ක්‍රමයෙන් ඇදීමට ලක් වන අතර එනිසා ඔබේ පියයුරු එලලා වැටීමට පටන් ගනී. ඔබගේ පියයුරු එතරම් විශාල නොවුවද මෙය සිදු විය හැක. ඔබට මෙය වලක්වා ගැනීමට අවශ්‍ය නම් රාත්‍රියට තරමක් සැහැල්ලු බ්‍රා එකක් අඳින්න පුළුවන්.


07) පියයුරු වල ප්‍රමාණය අඩු වෙනවා

ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ගේ සිරුරේ ඊස්ට්‍රජ්න් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වේ. එය ඔබගේ පියයුරුවල ප්‍රමාණය අඩු වීමට හේතුවක් වේ. එමෙන්ම සමේ ඝනකම අඩු වීම නිසා පියයුරු එල්ලා වැටීම ද සිදු වේ.


08) පියයුරු අව්වට නිරාවරණය කරන්න එපා.

ඔබගේ පියයුරු ආශ්‍රිත සම ඉතා සංවේදීය. එය හිරු එලියට නිරාවරණය වුවහොත් සම පිළිස්සී සිරුරේ අනෙක් තැන් මෙන්ම කැළැල් ඇති වීම. දුර්වර්ණ වීම සිදු විය හැක. එනිසා ඔබ නාන ඇඳුම් ආදි පියයුරු විවර වන ඇඳුම් අඳින්නේ නම් ඒ ප්‍රදේශවලද සන් ක්‍රීම් ආලේප කළ යුතුයි


09) පියයුරුවල දහදිය රැඳෙන්න දෙන්න එපා

ඔබගේ පියයුරුවල වැඩි වශයෙන් දහදිය රැඳී තිබීම හොඳ නැහැ. දහදිය දැමීම වැඩි වන තරමට ඔබේ සමට හානි වීමට ඇති ඉඩද වැඩි වේ. එය සම අව පැහැ ගැනීමටත් හේතුවකි. එම නිසා ඔබගේ පියයුරුවල වැඩිපුර දහදිය නොරැඳීට වග බලා ගන්න


10) කාලයත් සමග පියයුරුවල දැනීම අඩු වෙනවා

ඔබගේ තනපුඩු සහ ඒ අවට දැනීම් ඇති වන්නේ පපුවේ ඇති ස්නායු මගිනි. ඔබගේ පියයුරු කුඩා නම් ස්නායුවලට දුර අඩු වේ. ඒ නිසා ඔබට වැඩි සංවේදනයක් ලැබේ. එහෙත් ක්‍රමයෙන් ඔබේ පියයුරු එල්ලා වැටීමටත් විශාල වීමටත් පටන් ගන්නා අතර එයින් අභ්‍යන්තර ස්නායු ද ඇදීමට ලක් වේ. එනිසා මෙම සංවේදනයන් අඩු වීමට පටන් ගනී.

SHARE

NO COMMENTS