පොඩ්ඩන්ට ලේසියෙන් කවන්න අගුණ නැති කෑම – පළමු කොටස

ලෝකේ තියෙන හැම වැඩක්ම ලේසියි පොඩ්ඩොන්ට කෑම කවනවට වඩා.

ඔබටත් මෙහෙම හිතිලා තියෙනවද ?

ඔන්න මේ කියන්න යන්නේ පොඩ්ඩොන්ට ලේසියෙන් කෑම කවන්න පුළුවන් වෙන විදිහේ කෑම වට්ටෝරු ටිකක්.

කන්න බෑ බෑමයි කියන ජාතිත් අවුලක් නැතුව කවන්න මේ ක්‍රමේට පුළුවන්.

fb- like-beg


1) රතු හාල්වලින් සීරියල්

  • ඉස්සෙල්ලම රතු කැකුළු බත් කෝප්පයක් ගන්න.
  • මේක බත් ඇට වෙන්වෙන ගානට උයාගෙන තියෙනවනම් වැඩේ ලේසියි.
  • ඉන්පස්සේ මේ බත් ටික බන්දෙසියාක් අතුරලා රෝලින් පින් එකක් ආධාරයෙන් ටිකක් තලා ගන්නයි ඕන.
  • දැන් මේ බන්දෙසිය පිටින්ම මේ බත් ටික වේලාගන්න වෙනවා.
  • තෙත ගතිය ඉවත්වෙනකම් මේ බත් ටික වේලාගන්න ඕන.
  • හොඳටම වියළුනාට පස්සේ බෝතලේක අසුරලා තියාගන්න.
  • උදේ කෑම වෙලාවට උණු කිරි එක්ක මිශ්‍ර කරලා සිනී හැන්දකුත් රස අනුව එකතුකලාම හොඳ උදෑසන ආහාරයක්.
  • මේකටම කෙසෙල්, වියලි මිදී, ස්ට්‍රෝබෙරි වගේ පළතුරක් එකතු කරලා රස වගේම ගුණත් වැඩි කරගන්න පුළුවන්.
  • ඒ විතරක් නෙමෙයි, සීනි වෙනුවට ජෑම් ටිකක් දාල බලන්න, පොඩ්ඩො ආසාවෙන් කාවි.

2) ඇපල් බත්

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • ඇපල් ගෙඩි 5 ක්
  • ඒ වගේම උයපු බත් කෝප්පයක්.
  • වියලි මිදී ග්‍රෑම් 50 ක්
  • කජු හෝ රටකජු ග්‍රෑම් 50 ක්
  • එළඟිතෙල් ටිකක්.
  • කුරුඳු කුඩු ග්‍රෑම් 50 ක්
  • සීනි ග්‍රෑම් 100 ක්

සාදන ක්‍රමය :-

  • ඉස්සෙල්ලම ඇපල් ගෙඩිය දෙකට කපාගන්න ඕන. ඒ හැබැයි වෙනදට අපල කපන විදිහට නෙමෙයි. හරස් අතට.
  • එහෙම කපද්දී ඇපල් ගෙඩියේ උඩ කොටස ටිකක් පොඩියටත් යට ටික ටිකක් වැඩියෙන් ඉඩ ඉතුරු වෙන්නත් කපන්නයි ඕන.
  • ඉන් පස්සේ ඇපල් ගෙඩියේ ලෙල්ලට හානි නොවෙන්න මදය ඉවත්කර ගන්න.
  • දැන් ඇපල් ගෙඩියේ කොටස් දෙක පොඩි කෝප්පයක් සහ එහි පියන වගේ පෙනෙන්න තියෙයි.
  • බත්, රටකජු හෝ කජු, වියලි මිදී එළඟි තෙල් එක්ක මිශ්‍ර කරගන මේ ඇපල් ගෙඩියේ යට කොටසට පුරවා ගන්න.
  • දැන් මේ ඇපල් භාජනය ඇපල් පියනෙන් වහලා සෙන්ටිග්‍රේඩ් අංශක 75 ක උෂ්ණත්වයකට විනාඩි 7 ක් විතර බේක් කරගන්න.
  • අර කලින් ඉවත් කළ ඇපල් මද පොඩි කර ගන්න..
  • පුංචි භාජනයකට වතුර ටිකකුත් එක්ක මේ  ඇපල් මද මිශ්‍ර කරලා ලිපේ තියල මද ගින්නේ ස්ටු කරන්නයි ඕන.
  • ඒකට කුරුඳු කුඩු සහ සීනිත් එකතු කරගන්න අමතක කරන්න එපා.
  • ස්ටු කරගත් ඇපල් මද ටික බන්දේසියක හෝ පැතලි පිඟානක අතුරන්න.
  • දැන් අර බේක් වුණු ඇපල් අරගෙන මේ බන්දේසියේ තියල පිළිගන්වන්න.

මෙම ලිපියේ දෙවන කොටස වෙත පිවිසෙන්න..

පොඩ්ඩන්ට ලේසියෙන් කවන්න අගුණ නැති කෑම – දෙවන කොටස

SHARE

NO COMMENTS