පොඩ්ඩන්ට ලේසියෙන් කවන්න අගුණ නැති කෑම – දෙවන කොටස

ලෝකේ තියෙන හැම වැඩක්ම ලේසියි පොඩ්ඩොන්ට කෑම කවනවට වඩා.

ඔබටත් මෙහෙම හිතිලා තියෙනවද ?

ඔන්න මේ කියන්න යන්නේ පොඩ්ඩොන්ට ලේසියෙන් කෑම කවන්න පුළුවන් වෙන විදිහේ කෑම වට්ටෝරු ටිකක්.

කන්න බෑ බෑමයි කියන ජාතිත් අවුලක් නැතුව කවන්න මේ ක්‍රමේට පුළුවන්.

fb- like-beg


3) ගොටුකොල මෑෂ් පොටෙටෝස්

මේකනම් හරිම ලේසි කෑමක්. අදම හදන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • අර්තාපල් ග්රෑම් 700 ක්
  • සිහින්ව ලියාගත් ගොටුකොළ මිටක්
  • තරමක් ලොකුවට කඩාගත් උම්බලකඩ ග්රෑම් 100 ක්.
  • ගම්මිරිස් ටිකක් ( අවශ්‍ය නැත්නම් නොදැම්මට කමක් නෑ )
  • රස අනුව ලුණු.

සාදන ක්‍රමය :-

  • අර්තාපල් තම්බා පොඩිකරගන්න.
  • මෙයටම ගොටුකොළ සහ උම්බලකඩ මිශ්‍ර කරගන්න.
  • ඒ වගේම ලුණු සහ ගම්මිරිසුත්.
  • දැන් මේ මිශ්‍රණය තරමක් පැතලි රවුම් ආකාරයට සාදා පිළිගන්වන්න.

4) පරිප්පු සහ බතල සුප්

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • තම්බා ගත් පරිප්පු මිටක්.
  • තම්බා පොඩි කරගත් බතල ග්‍රෑම් 100 ක්
  • පිටි කිරි කෝප්පයක්.
  • සුප් කැටයක්.
  • තම්බා පොඩිකරගත් කටු රහිත මස් ග්‍රෑම් 100ක්
  • තෙල් ස්වල්පයක්.
  • සුදු ළුණු සහ ළුණු.
  • දෙහි ටිකක්.

හදන්නේ මෙහෙමයි..

  • සිහින්ව ලියු සුදුළුණු සහ ළුණු එක්ක තම්බා පොඩිකරගත් මස් යන්තමින් බැදෙන්නට හරින්න.
  • දැන් තම්බා ගත් පරිප්පු සහ තම්බා පොඩිකල බතල, උණු වතුර කෝප්පයක් සමඟ එක්කර ලිප තියන්න.
  • සුප් කැටයක්ද මෙයට එකතුකර නොනවත්වා හැඳි ගාමින් පිසගන්න.
  • බුබුළු නගින මට්ටමට එන විට කිරි කෝප්පය ද මෙයට එකතු කරන්න.
  • කිරි හොදින් මිශ්‍ර වූ පසු බැදගත් මස් සහ ළුණු මිශ්‍රණය ද මෙයටම එක කරන්න.
  • මිශ්‍රණය ඝනත්වයෙන් වැඩි බවක් දැනෙනවානම් තවත් වතුර ස්වල්පයක් එක කර උතුරුවාගන්න.

මෙම ලිපියේ පළමු කොටස වෙත පිවිසෙන්න..

පොඩ්ඩන්ට ලේසියෙන් කවන්න අගුණ නැති කෑම – පළමු කොටස

SHARE

NO COMMENTS